(මනෝප්‍රිය ගුණසේකර)
පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන ගැණුම්කාර කසුන් පළිසේන මහතාට විශේෂ ආරක්ෂාවක් සලසන ලෙස කොමිසම අද (06) නියම කළේය.
පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය සිදුකළ ක්‍රියාවන් හා ඊට සම්බන්ධ වූ දේශපාලනඥයින් ඇතුළු විවිධ පුද්ගලයින්ගේ නම් හෙළි කිරීමෙන් අනතුරුව ඇතිවන බලපෑම් වැළැක්වීමට ආරක්ෂාව සලසන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් කොමිසම මෙලෙස නියම කළේය.
මහ බැංකු මූල්‍ය මණ්ඩලයෙන්ද සේවක අර්ථ සාධක අරමුදලේ සමන් කුමාර මහතාගෙන් ද ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නිලධාරියකුගෙන් ද ලංසු තැබීම ගැන ඇලෝසියස් මහතාට තොරතුරු ලැබුණ බවත් ඒ සමයේ මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කළේ ඇලෝසියස් මහතාගේ මාමා වන අර්ජුන් මහේන්ද්‍රන් බවත් පළිසේන මහතා පැවසීය.
මහ බැංකුවේ ඉහළම පුද්ගලයින්ගෙන් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට ලැබුණු තොරතුරු පදනම් කරගනිමින් බැඳුම්කර සඳහා ලංසු ඉදිරිපත් කිරීම මගින් රුපියල් බිලියන 11කට අධික ලාබයක් ලැබූ බව පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන ගැණුම්කාර කසුන් පළිසේන මහතා කොමිසමට කීවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.