(සුජිත් හේවාජුලිගේ සහ නාලක සංජීව දහනායක)
ආණ්ඩුවෙන් ඉවත්වන බව කියන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමැතිවරුන් හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (6) සවස ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් 12 දෙනකු මෙම සාකච්ඡාවට සහභාගී වන බව සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතා ලංකාදීපයට අඟහරුවාදා (5) පැවැසීය.
තම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණය හා ඊට බලපෑ හේතු කාරණා පිළිබඳ මෙම හමුවේදී ජනාධිපතිවරයාට විස්තර කිරීමට බලාපොරොත්තු වන බව ද කීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අරුන්දික ප‍්‍රනාන්දු මහතා මෙසේද කීය. ”මා ඇතුළු පිරිස ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන පැහැදිලි තීන්දුවක ඉන්නවා. ඒ තීන්දුව ගැන ජනපතිවරයා දැනුම්වත් කිරීම අපේ යුතුකමක්. එතුමා දැනුම්වත් නොකර අපි කවදාවත් කිසිම ක‍්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. විපක්‍ෂයේ වාඩිවුණත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසිදා හැර යන්නේ නැහැ” යැයි ද ඔහු කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.