ලෝක නාට්‍ය දින සැමරුම් උත්සවය එල්ෆින්ස්ටන් රඟහලේ දී ලෝක නාට්‍ය දින සැමරුම් උත්සවය සම්භාවනීය නාට්‍යකරුවෝ රැසකගේ සහභාගිත්වයෙන් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී ඊයේ (27) පැවැත්විණි. 28 March 2022
රත්මලානෙන් ජාත්‍යන්තරයට ගුවන් ගමන් අරඹයි කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළ හා මාලදිවයින් අතර ජාත්‍යන්තර ගුවන් ගමන් අද ආරම්භ කළේය. 27 March 2022
දෙමටගොඩ ගුවන් පාලම මතදී ගින් ගත් මෝටර් රථය දෙමටගොඩ බේස්ලයින් ගුවන් පාලම මතදී මෝටර් රථයක් මීට සුළු මොහොතකට පෙර දී හිටියේ ගිනි ගැනීමට ලක් වි ඇතැයි දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් එම් එස් ජයරත්න මහතා පවසයි. 26 March 2022
අභිනව මහනාහිමිට අක්තපත්‍ර රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක පදවියට පත් මකුලෑවේ විමල හිමියෝ ලැබූ උතුම් නායක පදවිය සම්බුද්ධ ශාසනයටත්, ලෝකවාසී බෞද්ධ ජනතාවටත් ආශිර්වාදයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 25 March 2022
ගෑස් ගන්න විඳින දුකක් අලුත්ගම දර්ගා නගරයේ ගෑස් පෝලිමට එක්ව සිටි පිරිස් පෙරදින රාත්‍රියේ ගෑස් ටැංකි පෙළට තබා ඒ අසල අද උදෑසන වන තෙක් නිදා සිටි අයුරු දැකගත හැකි විය . 24 March 2022
‘‘ජා.ජ.බ‘‘ සුළඟ නුගේගොඩින් ඇරැඹෙයි ’’74 වසර ශාපය නිමා කරමු ජන පීඩක ආණ්ඩුව ගෙදර යවමු ’’ ජාතික ජන බලවේගය සංවිධානය කළ ජන බල විරෝධතාවය මේ වන විට නුගේගොඩ නගරයේ දී පැවැත්වෙයි. 23 March 2022
ඉන්ධන ගැටළුවට පේරාදෙණි සරසවියෙන් විසඳුම් රටේ ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් සහ පරිසර හිතකාමි ආකාරයට ධාවනය කළ හැකි විදුලියෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුහු විසින් නිර්මාණය කරනු ලැබූහ. 23 March 2022
ජාජබ ජන ගඟ නුගේගොඩ දෙසට බඩු මිල ඉහළ යාම ඉන්ධන හිඟය ඇතුළු ජනතාවට මුහුණදීමට සිදුව ඇති ගැටළුවලට වහා විසැඳුම් දෙන්නැයි බල කරමින් ජාතික ජනබලවේගය දෙල්කඳ පොළ අසලින් ආරම්භ කළ විරෝධතා පාගමන මේ වන විට නුගේගොඩ දෙසට ගමන් ගනී. 23 March 2022
සිපෙට්කෝ ඉන්ධනහල්වලට යුද හමුදාව සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් සඳහා යුද හමුදාව යෙදවීමට පියවර ගෙන තිබේ. 22 March 2022
පිට පිට 16 වැනි වරටත් වැඩිම ජනතා කැමැත්ත ලංකාදීපයට ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 16 වැනි වරටත් දිනපතා ලංකාදීප පුවත්පත හිමිකරගන්නා ලදී. 21 March 2022
කුළුණු මතින් ඉදිවන කොළඹ අධිවේගී මග රුපියල් කෝටි 2,800 ක් වැය කරමින් ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලුමුවදොර වරාය නගරය දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් 2023 වසරේදී අවසන් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 21 March 2022
අතපත්තුකන්දේ නාහිමියනට සන්නස් පත්‍රය පිළිගන්වයි ‘සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මරතන ප්රඥාතිස්ස’ ගෞරව නාම සහිත දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ අතපත්තුකන්දේ ආනන්ද නාහිමියන් වෙත එම පදවිය සඳහා වන ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (20) පස්වරුවේ සිදුකෙරිණි. 20 March 2022
ගිනස් පොතට ගිය දෙපැත්තටම දුවන මෝටර් රථය ලොව දිගම මෝටර් රථය ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව තිබූ ලිමෝ රථය නැවත ධාවනය කළ හැකි තත්ත්වයට පත් කර එම ගිනස් වාර්තාව අලුත් කර තිබේ. 18 March 2022
විරෝධතාකරුවෝ ජනපති ලේකම් කාර්යාල භූමියට කඩා වදිති සමාජවාදී තරුණ සංගමය මගින් ඇරැඹු උද්ඝෝෂණයේ විරෝධතාකරුවෝ මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාල භූමියට ඇතුළු වී විරෝධතාවේ නියැලී සිටිති. 18 March 2022
ගොඩබිමේ-ජලයේ ධාවනය කළ හැකි යාත්‍රාවක් ශ්‍රී ලංකාව්දී පළමු වරට ගොඩබිමේ සහ ජලයේ ධාවනය කළ හැකි Lguana X100 යාත්‍රාව කොළඹ වරාය නගරයේදී අද (16) එළිදැක්වීය. 18 March 2022
මහන්සිය මකාගන්න කෑන් එක සුව යහනක් මහනුවර පිළිමතලාව ඉන්ධනහල්වල ඩිසල් හා පෙට්‍රල් ලබා ගැනිම සදහා දිගුපෝලිම් ඇති අතර ඉන්ධන සැපයුම්හල් වලට ඉන්ධන තොග ලැබෙන තුරු ජනතාව පෝලිම් වල රැදී සිටිති. 17 March 2022
ජනපති හදිසියේම දෙමටගොඩ දුම්රිය අංගනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමටගොඩ දුම්රිය ධාවන බල අංගනයට අද පෙරවරුවේ හදිසියේම පැමිණියේය. 16 March 2022
ගෑස් පෝලිම් තවත් දිගු වෙයි දිවයින පුරා අදත් විවිධ ස්ථාන වල දිගු ගෑස් පෝලිම් දකින්නට ලැබිණි. 16 March 2022
ඩීසල් පෝලිම්වලට නොදෙවිනි පෙට්‍රල් පෝලිම් ඉන්ධන පිරවුම්හල් අසල ඩීසල් වලට අමතරව අද (16) දිනයේ පෙට්‍රල් මිලදී ගැනීම සඳහාද දිගු පෝලිම් දක්නට ලැබිණ. 16 March 2022
පමා වී ආවේ බස් නැති නිසයි පාරේ පමාවී පාසල් පැමිණි බදුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සිසුන් පිරිසක් පාසලේ උදෑසන රැස්වීම අවසන් වන තෙක් පාසලෙන් පිටත මහ පාරේ රැදවීමට අද (15) පියවරගෙන තිබිණ. 15 March 2022
අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන විරෝධතාවයක් අද(14) මේ වන විට පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී පැවැත්වේ. 14 March 2022
දින දින දිගු වන ඉන්ධන පෝලිම් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක භූමිතෙල් මිලදීගැනීමට ජනතාව කිලෝමීටර ගණන්වල පෝලිම්වල අද (13) පෙරවරුවේ සිට රැදී සිටිති. 13 March 2022
ඇවිදින මංතීරුවට ගෙදුරු වූ සාරවත් කුඹුරු යාය යක්කල නගරයට නුදුරු ආයුර්වේදය අසල ඉතා සාරවත් කුඹුරක් ගොඩ කර ශරීර සුවතා මංතීරුවක් ඉදිකිරීම මහා අපරාදයක් බව ප්‍රදේශවාසීහු පවසති. 12 March 2022
රංජන්ගේ උපන්දිනය සමරා වැලිකඩ දී කේක් කපයි අධිකරණයට අපහාස කිරීමේ චෝදාන මත දැනට සිරගත කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ 59 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඔහුගේ හිතවතුන් හා සිවිල් සංවිධාන සාමාජාකයෝ පිරිසක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී කේක් කපා සැමරූහ. 11 March 2022
අක්කර දෙක හමාරක කුඹුර කිරිගවයන්ට දනට දෙයි ගොවි පරපුරට පින් අනුමෝදන් කිරීම සඳහා කිරිවදින අක්කර දෙකහමාරක සාර්ථක වී වගාවක් කිරි ගවයන්ට දන්දීමේ අපූරු පුවතක් ගලේවෙල දේවහුව කොස්ගගහින්න ප්‍රදේශයෙන් අද දින වාර්තා විය. 10 March 2022
ආයෙත් ගෑස් පෝලිම් ගෑස් මිලදී ගැනීම සදහා ගෑස් අළෙවි සැල් ඉදිරිපිට අද(9) දිනයේත් දිගු පෝලිම් දැකගත හැකිවිය. 09 March 2022
ගෑස් හිඟයෙන් කෑම කඩ වැසෙයි ගෑස් හිඟය හේතුවෙන් හෝටල්, ආපන ශාලා සහ බේකරි වසා දැමීමෙන් ආහාර මිලදී ගැනීමට නොහැකිව පාරිභෝගිකයෝ දැඩි දුෂ්කර තත්ත්වයට පත්ව සිටිති. 09 March 2022
’’රාජාට’’ ගෞරව දක්වන්න මහසෙනගක් මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මියගොස් ඇත. 07 March 2022
ඉන්ධන නැති නිසා භූතය පැමිණ නැත ඉන්ධන නැතිව ගොයම් කැපීමට නොහැකිත සිටින ගොවියන් යළි දෑකැත්ත අතට ගෙන අයුරු පොල්පිතිගම කෝරුවාව කුඹුරු යායෙන් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරුනි 07 March 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026