
(ෂේන් සෙනෙවිරත්න)
රටේ ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් සහ පරිසර හිතකාමි ආකාරයට ධාවනය කළ හැකි විදුලියෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුහු විසින් නිර්මාණය කරනු ලැබූහ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ විශිෂ්ටතා ප්‍රදර්ශනය 2022 අද ඒකාබද්ධ ජල පර්යේෂණ මධ්‍යස්ථනයේ දී ආරම්භ වූ අවස්ථාවේදී මෙම ත්‍රිරෝද රථය ප්‍රථමවරට ප්‍රදර්ශනය කළේය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ලලන්ත සමරනායක මහතා විදුලියෙන් ක්‍රියා කරන එම ත්‍රිරෝද රථය පිලිබඳ මාධ්‍යයට හඳුන්වා දුන්නේය.
‘‘ඊ‘‘ වීලර් යනුවෙන් යනුවෙන් හඳුන්වා ඇති එම විදුලි ත්‍රීරෝද රථය එක් වරක් බැටරි ආරෝපණයකින් කිලෝ මීටර් 60 ක දුරක් ගමන් කළ හැකි බව මහාචාර්යවරයා පවසයි .
මෙම ත්‍රීරෝද රථය ව්‍යාපාරික මට්ටමින් ආරම්භ කළ විට මෙරට ඇති මිලියන දෙකක් වූ තීරෝද රථ විදුලියෙන් දිවීමට හරවා ගත හැකි වන බවයි .
මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ ඒ සඳහා යොදන බැටරිය ත්‍රිරෝද රථයේ හිමිකරු විසින් ආරෝපණය කිරීමට අවශ්‍ය නොවීමත් හිස් ගෑස් සිලින්ඩරයක් දී අලුත් ගෑස් සිලින්ඩරයක් ලබා ගන්නා ආකාරයට භාවිතා කළ බැටරිය රට පුරා ඒ සඳහා ස්ථාපිත කරන මධ්‍යස්ථානවලට ලබාදී ආරෝපණය කරන ලද බැටරියක් ලබාගත හැකි වීමයි .
එවිට ත්‍රීරෝද රථ හිමිකරුට එහි විදුලිය සඳහා පමණක් යම් මුදලක් ගෙවීමට සිදුවන බවයි මහාචාර්යවරයා කියා සිටියේය.
දැනට මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා පෞද්ගලික සමාගමක් ඉදිරිපත් වී සිටින බව ද මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා පැවසිය


මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා විදුලි ත්‍රි රෝද රථය පදවා පෙන්වූ අයුරු .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ බැටරිය සූර්ය බලශක්තියෙන් ආරෝපනය කළ යුතුයි. එවිටයි ලාභයක් සහ පරිසර හිතකාමී වන්නේ. පවතින විදුලි බලයෙන් ආරෝපනය කරනවා නම් තේරුමක් නෑ. මොකද ඒ විදුලි බලය ලැබෙන්නේ ඉන්ධන දහනයෙන්නේ...
එක ආරෝපණයකින් කිලෝ මීටර් 60 කියන එක එච්චර ප්‍රායෝගික නැහැ මම හිතන්නේ... දවස් 2 කට සැරයක් බැටරි මාරු කරන්න වෙන එකට කවුරුත් කැමති වෙන එකක් නැහැ...
හොඳ වැඩක්... ඒ වුණාට ඕවා පාස් වෙලා එනකොට ඕවා ගන්න ඉන්න අය ගිහිල්ලත් ඇති... ලංකාවේ දෙයක් හැදුවාම අපි සතුටු වෙනවා... ලොකු ගාණක් අඩුවෙන් මිලදී ගන්න පුළුවන් වෙයි කියලා. අන්තිමට කරන්නේ පිටරටින් ගේන මිලටම විකිණීමයි. ජයවේවා..!
මහාචාර්යතුමෝ බලන්නකෝ ඕක සූර්ය බලයෙන් ධාවනය කරන්න ක්‍රමයක් හදන්න පුළුවන්ද කියලා? මොකද දැන් අත්‍යාවශ්‍යම දෙයකට වුණත් විදුලිය නැහැනේ...
අනේ මෙවන් විශිෂ්ඨයින් සිටින රටක ආර්ථිකය කඩා වැටීම කෙතරම් ශෝචනීයද?
සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා... ඒත් දැන් අප යා යුත්තේ සූර්ය බලයටම පමණි. මේ ලෝකයේ පවතින ස්වභාවික ක්‍රමය තමයි සූර්ය බලය... එතැනින් තමයි හැම ශක්ති ප්‍රභවයක්ම ආරම්භ වෙන්නේ.. අප යායුත්තෙත් එතැනටයි...
කිලෝමීටර 60 කට බැටරියක් මාරු කරන්න වෙන සීන් එකක් නිසා ඒක ප්‍රායෝගික නැහැ. සෝලාර් පවර් එකෙන් චාර්ජ් කරන්න හැදුවා නම් හොඳයි නේද?
විශිෂ්ටයි, ආඩම්බරයි. ඒ වගේම සුබපතනවා. නමුත් විදුලි කප්පාදු කරන මේ රටේ කොහොමද මේ බැටරිය චාර්ජ් කරන්නේ? ඒ නිසා සියලු උත්සාහයන් සහ බලාපොරොත්තු සාර්ථක වෙන්න අවුරුදු 74ක අසාර්ථක පාලනය නිමාකරමු. අලුත් බලවේගයක් බලයට ගෙන්න වෙනවා.
මුලින්ම එන සිතුවිල්ලෙන් කමෙන්ට් කරන්න කලින් හිතලා බලන්න. මෙතන ප්‍රායෝගික ව්‍යාපාරික ක්‍රමවේදයකුත් තියෙනවා. අරොපිත බැටරි මාරු කිරිම ව්‍යාප්ත ක්‍රමයක් වශයෙන් කළ හැක. අපේ රටට විදුලි වාහන වලට අනුගත වෙන්න හොඳ ක්‍රමවේදයක්...
තියෙන මෙවලම් ටික බලපුවාම මිලියන 3 ක් වත් මිලකරන්න වෙයි වගේ...!
ප්‍රායෝගික වැඩක් නෙමෙයි. මේ තාක්ෂණය දැනටමත් තියනවා. හරි නම් බලන්න ඕනේ පුනර්ජනනීය විදුලිය භාවිතා කරලා මේක රන්වෙන විදිය. මේකට අමතර බැටරී නඩත්තු කරන එකම ලොකු පිරිවැයක් සහ පරිසර හානියක්... වඩා යහපත් වෙන්නේ රට පුරා චාර්ජින් පොයින්ට් සවිකර පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලින් ඒවාට විදුලිය සැපයීම. එතකොට ත්‍රී රෝද පමණක් නෙමෙයි, අනිත් වාහන වලටත් සේවය ලබාගැනීමට පුළුවන්...
ත්‍රී විලයේ වහල මත සූර්ය පැනල සවි කර ධාවනයේදී ඔටෝ චාර්ජ් වෙන්න හැදුවා නම් ගොඩක් හොඳයි...!
බොහොම සතුටුයි කියන්න තමයි තියෙන්නේ... මෙය පුවතක් හැටියට විතරක් අපිට දකින්නට ලැබෙන පළමුවන අවස්ථාව විය හැකිය. මෙයට පෙර නව සොයාගැනීම්වලට මොනවා වුණාදැයි අපි කවුරුවත් දන්නේ නැහැ.
එම සරසවියේම ඉංජිනේරුවකු වශයෙන් මම ඉතා අගය කරමි. මෙම කණ්ඩායමට සුබපැතුම්...! කෙසේවෙතත් මම දකින එක ගැටලුවක් මෙසේ දක්වමි. මෙම බැටරිය මාරුකර ගැනීම කොතරම් පහසු වේද? එහි බර කෙතරම්ද? දවසකට රියදුරෙක් කොපමණ කි.මී. ප්‍රමාණයක් ධාවනය කරයිද? එය කි.මී. 120ක් වුවහොත් දිනකට තුන්වරක් බැටරිය මාරුකිරීමට සිදුවේ. මෙය ප්‍රායෝගිකව කළහැකිද කියා විමසා බලන්න. ස්තුතියි..!.
ඒක විශිෂ්ඨයි.
සූර්ය බලයෙන් ආරෝපණය කිරීමට ක්‍රමවේදයක් සැකසීම දිගුකාලීන වැඩක්... එතකොට මේ නිර්මාණය ලත් තැනම ලොප් වේවි. බැටරියෙන් වරකට ධාවනය වන දුර කි.මි.60ක් පමණක් බැවින් හිමිකරුවන්ට තම නිවසේදීම ආරෝපණය කරගත හැකි තාක්ෂණයක් හඳුන්වාදීමයි කෙටිකාලීනව ප්‍රායෝගික වන්නේ. එහෙම වුණොත් මේ තාක්ෂණය ජනප්‍රිය වේවි. කොහොමටත් මේ රථය ආර්ථික වශයෙන් ඛනිජතෙල් රථවලට වඩා කාර්යක්ෂමයි...
මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.. සහමුලින්ම මූලික හැඩය වෙනස් කරන්න අපිට අයිතියක් නෑ. අනෙක විදුලිය උත්පාදනයට ආයෙත් තෙල් ඕනෙ වෙනවා. ඔය ත්‍රිවිල් එකට කරන්න පුළුවන් හොඳම දේ LP ගෑස්වලට කන්වර්ට් කරන එකයි. එහෙම නැතිනම් ස්වභාවික ගෑස්...