(උපාලි ආනන්ද)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධ දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටින සැකකාර හිටපු යුද හමුදා සෙබළා ගල්නෑවේ නානකාමරයකට ඇතුළු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලබන 20 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් පී.එම්.ගස්සාලි මහතා අද නියෝග කළේය.
සැකකරු ගල්නෑව ප්‍රදේශයේ නිවෙසක නානකාමරයකට ඇතුළු වී ඒ තුළදී නීති විරෝධි හා සදාචාරවිරෝදී කළැයි පවසමින් ගල්නෑව පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් සැකකාර හිටපු යුද හමුදා සෙබළ මදුරංග රත්නායක නමැත්තා එසේ රිමාන්ඩ් කෙරිණි.
පුහුණු විශේෂඥ වෛද්‍යවරිය දූෂණය කිරීමට එරෙහි මෙම සැකකරුට පවරා ඇති නඩුව මෙම නව වැනි දා අනුරාධපුර මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd