IMG-LOGO

ඇවිදින මංතීරුවට ගෙදුරු වූ සාරවත් කුඹුරු යාය

(උපාලි දයාරත්න)

යක්කල නගරයට නුදුරු ආයුර්වේදය අසල ඉතා සාරවත් කුඹුරක් ගොඩ කර ශරීර සුවතා මංතීරුවක්  ඉදිකිරීම මහා අපරාදයක් බව ප්‍රදේශවාසීහු පවසති.

යළ - මහ දෙකන්නයේ සරුසාරව මෙම කුඹුරු යාය අස්වැද්දන බව ද ඔවුහු කියති.

සමස්ත රටේම ජනතාව අපහසුතාවයට පත්ව සිටින මොහොතක නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන හැත්තෑවක් වැනි අධික මුදලක් මේ සදහා වැය කිරීම සම්බන්ධයෙන්ද ජනතාව දැඩි අප්‍රසාදය පළ කරති.

මෙම කටයුත්ත සම්බන්ධයෙන් අදහස් දක්වමින් කිහිප දෙනකුම පෙන්වා දෙනු ලැබූවේ මේ ස්ථානයේ ශරීර සුවතා මංතීරුවක් ඉදිකිරීම ආරම්භයේ සිටම ජනතාව අතර විරෝධතාවයක් පැන නැගුනු මුත් එය ඉදිරිපත් කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූයෙන් රිසි සේ මෙය ඉදිකිරීමට අවස්ථාව සැලසුනු බවයි.

ජනතාව පෙන්වා දෙන්නේ ශරීර සුවතාවය පිනිස මෙවන් මංතීරු ඉදිකිරීමට විරුද්ධ නොමැති නමුත් ඒ සදහා සුදුසු හිස් භුමි ඕනෑ තරම් යක්කල අවට පවතින බවකි.

සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේදී ප්‍රදේශයන් නියෝජනය කරන ජනතා නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් තොරතුරු ලබා ගැනීම විය යුතු අතර සරුසාරවත් අන්දමින් වගා කළ කුඹුරක් අහිමි කරමින් මෙවන් කටයුතු සිදු නොකිරීම ඉදිරියේදී විය යුතු බව ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති.



අදහස් (20)

ඇවිදින මංතීරුවට ගෙදුරු වූ සාරවත් කුඹුරු යාය

Sunil Saturday, 12 March 2022 08:48 AM

මේ රජය කළ අර්ථවත් වැඩ මොනවද? කළොත් කරන්නේ විනාශයක්ම තමයි. ගරුතර සංඝරත්නයේ මැදිහත්වීම නොවන්නට රජරට හදවත බඳු වූ පරාක්‍රම සමුද්‍රයත් විනාශයි.

:       4       63

Kule Saturday, 12 March 2022 09:04 AM

ඕවාට මොරදීලා වැඩක් නෑ. අද ගසාකන්න පුළුවන් ඔයවගේ ව්‍යාපෘතිවලින් පමණයි. එයට සියලු දේවල් අදාළ නැත.

:       5       59

Bunny Preena Saturday, 12 March 2022 09:09 AM

ආයෙත් වචන 02ක් නැහැ... පළාතේ දේශපාලුවයි, එයාගේ හෙංචයියලයි කිසිම හිරිකිතයක් නැතිව මුදල් ගසාකන්නයි, කොමිස් ගන්නයි, බලාගෙන කරන වැඩක් වෙන්න ඕනේ... කාට මොනවා වුණත් මොකද ඒ අයගේ බඩ වඩාගන්න පුළුවන්නම්...

:       4       60

කිරි පුතා Saturday, 12 March 2022 09:17 AM

නිවැරදි සංකල්පයක් වැරදි විදිහට භාවිතා කිරීමක්...

:       3       40

සමන්ත Saturday, 12 March 2022 09:18 AM

විකාර, ‘සංවර්ධනය‘ දැන් ඕක තමයි ඕනෑ... රටේ ජනතාව තේරුම් ගන්න බැරි නීච පාලකයින් ...

:       11       78

Bamunuarachchi Saturday, 12 March 2022 09:48 AM

කුඹුරු මොකටද? සුවතාවය අගය කරමු.

:       48       15

fairoosSunday, 13 March 2022 01:49 PM

බමුණා වගේ අය ඉන්නකම් රටට අබ සරණයි...

:       0       5

swene Saturday, 12 March 2022 09:52 AM

මොනවා නැතත් ඇවිදින මංතීරු සහ අධිවේග අඩුවක් නෑ...

:       3       60

යෝගා Saturday, 12 March 2022 10:05 AM

ඇමරිකානු කපුටන්ට පිස්සු තදවේගෙන එනවා වගේ...

:       4       84

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 12 March 2022 10:55 AM

"කෙත බැත සරුව රටකට කිසි ඵලක් නැතේ... පිටරට සහල් ගෙන ඒමෙන් කොමිස් ඇතේ ... ඇවිදින මංතීරු තෙද බල වඩයි ගතේ ... ජන කුස අහර කුමටද බත නොමැති කෙතේ ... "

:       2       30

ගොවිරාළ Saturday, 12 March 2022 11:32 AM

පුන්නක්කු කාලා පුරුදු අයට ගොයම් කියන්නේ රසම කෑමක්... කුඹුර ඔවුන්ට අයිති නැති නිසා කුඹුරු පේන්නම බැහැ කියලා අපිට නම් තේරෙනවා.!

:       2       21

Senevirathne Saturday, 12 March 2022 12:27 PM

උදව් කරපු කොන්ත්‍රාත් කරුවෙකුට මුදල් දෙන්න ක්‍රමයක් මේ, රටේ ජනතාවගෙන් ඉතා සුළු ප්‍රතිශතයකට පමණයි මෙයින් වැඩක් වෙන්නේ, ඔය කෙහෙම්මල් නවත්තලා රටට ඩොලර් එකක් හොයන වැඩක් කරන්න නුවණ පහළ වේවා...!

:       2       32

රට වැසියා Saturday, 12 March 2022 12:43 PM

පහළ මට්ටමේ රාජ්‍ය නිලධාරියා, කොන්ත්‍රාත් කාරයා, ඉහළ රාජ්‍ය නිලධාරියා සහ දේශපාලකයාට සොරකම් කරන්න තිබෙන හොඳම ව්‍යාපෘති මේවා! - "කපුටාස් ගේ මොල හතේ" ආනුභාවයෙන් සිදුවන මෙවැනි ව්‍යාපෘති මේ මොහොතේ රටේ සිදුවෙමින් ඇත. රටේ වගා කළහැකි බිම් විනාශ කරමින්, අවසාන මොහොතේදීද රට මංකොල්ල කන පාදඩ පාලකයින්ට සාප වේවා.. !

:       2       36

Pradeep Kumara Saturday, 12 March 2022 12:55 PM

කුඹුරක වටිනාකම දැනෙන්නේ බතෙහි වටිනාකම දැනෙන්නෙකුටයි. තණකොළ සහ පුන්නක්කු බුදින්නන්ට මෙහි වටිනාකමක් නොවැටහීම අරුමයක් නොවේ...!

:       2       40

ඇත්ත Saturday, 12 March 2022 01:09 PM

මේ නම් ජෝකර්ලාගේ දේ්‍ශයයි. ඡන්දෙ ආවම බත් සහ කිරි පැකට් එකටත් අරක්කු ටිකටත් ආවඩන අයවලුන් ඉන්නේ ඒ තරම් පොහොසත් රටක් නිසයි. උගතා බලන් සිටින්නේ කැපී පෙනී කෙසේ හෝ ඉහළ තානාන්තරයක් ලබන්නයි. නූගත් වුවත් ආණ්ඩුවේ කොන්ත්‍රාත් පාස් කරගන්න කට්ටියක් දේශපාලක වන්දනාවේ යති. තවත් කොටසක් ජිම් කට්ටල බෙදා දී කොන්ත්‍රාත්තුවක් පාස් කරගන්න බලති. මෙන්න මෙහෙම රට ගැන නොසිතා රටේ ලේ උරා බොන බහුතරය බලවත් නිසා අනෙක් මිනිසුන් කරන්නේ අන්ධව ඔවුන් අනුකරණය කිරීමයි. මේ රටේ විනාශයට හැමෝගේම ආකල්ප බලපා ඇති බව පැහැදිලියි.

:       8       33

ranji Saturday, 12 March 2022 04:27 PM

විකාර, රටේ මිනිස්සුන්ට කන්න නෑ.. බඩගින්නෙද ව්‍යායාම් කරන්නේ?

:       2       21

swene Saturday, 12 March 2022 08:41 PM

මේ ඉල්ලීම ගරුතර මහා සංඝ රත්නයෙනි. අපේ හාමුදුරුවනේ බලය තියෙන අය ඉදිරියේ තියාගෙන ප්‍රසංශා කිරීම සිදු කිරීම පමණක් ම ප්‍රමාණවත් නොවේ. . බලධාරීන්ට වැරදි දේවල් වැරදියි කියල කියන්න. ඒ වගේම බලය ලැබුන විට තමන්ට උදව් කල අයට, ඥාති මිත්‍රාදීන්ට රාජ්‍ය බලය, ධනය සහ කාලය යොදා ගෙන උදව් උපකාර කිරීම (කාලගුණ සැලකීම ) ඉතාමත් වැරදි බව කියන්න. එසේ කල විට එවැනි සැලකුම් නොලබන අනෙක් ජනයාට විශාල අසාධාරණයක් වේ. ඔබ වහන්සේලා දිගටම මෙම සත්‍යය දේශනා කළහොත්, දේශපාලකයාගෙන් ජනතාව අනිසි උදව් බලා පොරොත්තු වෙන එකක් නැහැ. එවිට සමාජයම හොඳ වේවි. අසාධාරනකම් අඩු වේවි. චන්දය දීමේදී තමාට ලැබෙන සැලකීම පමණක්ම ගැන සිතා කතිරය නොගසාවී. අවංක දේශපාලකයින්ට තව දුරටත් චන්දය ප්‍රකාශ වේවි..

:       0       0

Shan Sunday, 13 March 2022 02:38 PM

රටට කරපු විනාශයක මහත....

:       0       5

MO77 Monday, 14 March 2022 06:44 PM

ඔය කුඹුර අවුරුදු පහකට වැඩි කාලයක් තිස්සේ වගා කරන එකක් නෙමෙයි. මහා මාර්ග දෙපස ඇති කුඹුරු මීටර් 50ක වත් දුරට ගොඩකිරීමට අවසර දිය යුතුයි. එතකොට තමයි රටක් සංවර්ධනය වෙන්නේ. වගාකළ යුතු ඉඩම් තෝරාගැනීම සඳහා තනි නිවාස ක්‍රමය නවතා මහල් නිවාස සඳහා යා යුතුයි...

:       4       2

මොළයත් නැත කළ දෙයකුත් නැතMonday, 14 March 2022 11:44 PM

උඩගුකම සහ මෝඩකම සහිත ආධාරකරුවන් ඉස්සර කරගෙන දැනටමත් වලපල්ලට ගිහින් වුවද දිනපතා තවත් මුසාබස් කියන මෙරට වැඩිමනත් විකට සහ කවටයන් වැනි පාලකයන් ලැජ්ජාව නමැති කොටස ගලවා සිටින්නේ උණු වතුර රත්වෙන තෙක් කකුළුවෝ රගපාන පරිදිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 714 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 474 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 560 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


ඉන්ධන ලොරිය දොයි
2025 මැයි මස 14 874 1

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන


බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
2025 මැයි මස 14 1866 2

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට
2025 මැයි මස 14 400 1

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1417 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1616 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 423 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site