
(උපාලි දයාරත්න)
යක්කල නගරයට නුදුරු ආයුර්වේදය අසල ඉතා සාරවත් කුඹුරක් ගොඩ කර ශරීර සුවතා මංතීරුවක් ඉදිකිරීම මහා අපරාදයක් බව ප්‍රදේශවාසීහු පවසති.
යළ - මහ දෙකන්නයේ සරුසාරව මෙම කුඹුරු යාය අස්වැද්දන බව ද ඔවුහු කියති.
සමස්ත රටේම ජනතාව අපහසුතාවයට පත්ව සිටින මොහොතක නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන හැත්තෑවක් වැනි අධික මුදලක් මේ සදහා වැය කිරීම සම්බන්ධයෙන්ද ජනතාව දැඩි අප්‍රසාදය පළ කරති.
මෙම කටයුත්ත සම්බන්ධයෙන් අදහස් දක්වමින් කිහිප දෙනකුම පෙන්වා දෙනු ලැබූවේ මේ ස්ථානයේ ශරීර සුවතා මංතීරුවක් ඉදිකිරීම ආරම්භයේ සිටම ජනතාව අතර විරෝධතාවයක් පැන නැගුනු මුත් එය ඉදිරිපත් කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූයෙන් රිසි සේ මෙය ඉදිකිරීමට අවස්ථාව සැලසුනු බවයි.
ජනතාව පෙන්වා දෙන්නේ ශරීර සුවතාවය පිනිස මෙවන් මංතීරු ඉදිකිරීමට විරුද්ධ නොමැති නමුත් ඒ සදහා සුදුසු හිස් භුමි ඕනෑ තරම් යක්කල අවට පවතින බවකි.
සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේදී ප්‍රදේශයන් නියෝජනය කරන ජනතා නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් තොරතුරු ලබා ගැනීම විය යුතු අතර සරුසාරවත් අන්දමින් වගා කළ කුඹුරක් අහිමි කරමින් මෙවන් කටයුතු සිදු නොකිරීම ඉදිරියේදී විය යුතු බව ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජය කළ අර්ථවත් වැඩ මොනවද? කළොත් කරන්නේ විනාශයක්ම තමයි. ගරුතර සංඝරත්නයේ මැදිහත්වීම නොවන්නට රජරට හදවත බඳු වූ පරාක්‍රම සමුද්‍රයත් විනාශයි.
ඕවාට මොරදීලා වැඩක් නෑ. අද ගසාකන්න පුළුවන් ඔයවගේ ව්‍යාපෘතිවලින් පමණයි. එයට සියලු දේවල් අදාළ නැත.
ආයෙත් වචන 02ක් නැහැ... පළාතේ දේශපාලුවයි, එයාගේ හෙංචයියලයි කිසිම හිරිකිතයක් නැතිව මුදල් ගසාකන්නයි, කොමිස් ගන්නයි, බලාගෙන කරන වැඩක් වෙන්න ඕනේ... කාට මොනවා වුණත් මොකද ඒ අයගේ බඩ වඩාගන්න පුළුවන්නම්...
නිවැරදි සංකල්පයක් වැරදි විදිහට භාවිතා කිරීමක්...
විකාර, ‘සංවර්ධනය‘ දැන් ඕක තමයි ඕනෑ... රටේ ජනතාව තේරුම් ගන්න බැරි නීච පාලකයින් ...
කුඹුරු මොකටද? සුවතාවය අගය කරමු.
මොනවා නැතත් ඇවිදින මංතීරු සහ අධිවේග අඩුවක් නෑ...
ඇමරිකානු කපුටන්ට පිස්සු තදවේගෙන එනවා වගේ...
"කෙත බැත සරුව රටකට කිසි ඵලක් නැතේ... පිටරට සහල් ගෙන ඒමෙන් කොමිස් ඇතේ ... ඇවිදින මංතීරු තෙද බල වඩයි ගතේ ... ජන කුස අහර කුමටද බත නොමැති කෙතේ ... "
පුන්නක්කු කාලා පුරුදු අයට ගොයම් කියන්නේ රසම කෑමක්... කුඹුර ඔවුන්ට අයිති නැති නිසා කුඹුරු පේන්නම බැහැ කියලා අපිට නම් තේරෙනවා.!
උදව් කරපු කොන්ත්‍රාත් කරුවෙකුට මුදල් දෙන්න ක්‍රමයක් මේ, රටේ ජනතාවගෙන් ඉතා සුළු ප්‍රතිශතයකට පමණයි මෙයින් වැඩක් වෙන්නේ, ඔය කෙහෙම්මල් නවත්තලා රටට ඩොලර් එකක් හොයන වැඩක් කරන්න නුවණ පහළ වේවා...!
පහළ මට්ටමේ රාජ්‍ය නිලධාරියා, කොන්ත්‍රාත් කාරයා, ඉහළ රාජ්‍ය නිලධාරියා සහ දේශපාලකයාට සොරකම් කරන්න තිබෙන හොඳම ව්‍යාපෘති මේවා! - "කපුටාස් ගේ මොල හතේ" ආනුභාවයෙන් සිදුවන මෙවැනි ව්‍යාපෘති මේ මොහොතේ රටේ සිදුවෙමින් ඇත. රටේ වගා කළහැකි බිම් විනාශ කරමින්, අවසාන මොහොතේදීද රට මංකොල්ල කන පාදඩ පාලකයින්ට සාප වේවා.. !
කුඹුරක වටිනාකම දැනෙන්නේ බතෙහි වටිනාකම දැනෙන්නෙකුටයි. තණකොළ සහ පුන්නක්කු බුදින්නන්ට මෙහි වටිනාකමක් නොවැටහීම අරුමයක් නොවේ...!
මේ නම් ජෝකර්ලාගේ දේ්‍ශයයි. ඡන්දෙ ආවම බත් සහ කිරි පැකට් එකටත් අරක්කු ටිකටත් ආවඩන අයවලුන් ඉන්නේ ඒ තරම් පොහොසත් රටක් නිසයි. උගතා බලන් සිටින්නේ කැපී පෙනී කෙසේ හෝ ඉහළ තානාන්තරයක් ලබන්නයි. නූගත් වුවත් ආණ්ඩුවේ කොන්ත්‍රාත් පාස් කරගන්න කට්ටියක් දේශපාලක වන්දනාවේ යති. තවත් කොටසක් ජිම් කට්ටල බෙදා දී කොන්ත්‍රාත්තුවක් පාස් කරගන්න බලති. මෙන්න මෙහෙම රට ගැන නොසිතා රටේ ලේ උරා බොන බහුතරය බලවත් නිසා අනෙක් මිනිසුන් කරන්නේ අන්ධව ඔවුන් අනුකරණය කිරීමයි. මේ රටේ විනාශයට හැමෝගේම ආකල්ප බලපා ඇති බව පැහැදිලියි.
විකාර, රටේ මිනිස්සුන්ට කන්න නෑ.. බඩගින්නෙද ව්‍යායාම් කරන්නේ?
මේ ඉල්ලීම ගරුතර මහා සංඝ රත්නයෙනි. අපේ හාමුදුරුවනේ බලය තියෙන අය ඉදිරියේ තියාගෙන ප්‍රසංශා කිරීම සිදු කිරීම පමණක් ම ප්‍රමාණවත් නොවේ. . බලධාරීන්ට වැරදි දේවල් වැරදියි කියල කියන්න. ඒ වගේම බලය ලැබුන විට තමන්ට උදව් කල අයට, ඥාති මිත්‍රාදීන්ට රාජ්‍ය බලය, ධනය සහ කාලය යොදා ගෙන උදව් උපකාර කිරීම (කාලගුණ සැලකීම ) ඉතාමත් වැරදි බව කියන්න. එසේ කල විට එවැනි සැලකුම් නොලබන අනෙක් ජනයාට විශාල අසාධාරණයක් වේ. ඔබ වහන්සේලා දිගටම මෙම සත්‍යය දේශනා කළහොත්, දේශපාලකයාගෙන් ජනතාව අනිසි උදව් බලා පොරොත්තු වෙන එකක් නැහැ. එවිට සමාජයම හොඳ වේවි. අසාධාරනකම් අඩු වේවි. චන්දය දීමේදී තමාට ලැබෙන සැලකීම පමණක්ම ගැන සිතා කතිරය නොගසාවී. අවංක දේශපාලකයින්ට තව දුරටත් චන්දය ප්‍රකාශ වේවි..
රටට කරපු විනාශයක මහත....
ඔය කුඹුර අවුරුදු පහකට වැඩි කාලයක් තිස්සේ වගා කරන එකක් නෙමෙයි. මහා මාර්ග දෙපස ඇති කුඹුරු මීටර් 50ක වත් දුරට ගොඩකිරීමට අවසර දිය යුතුයි. එතකොට තමයි රටක් සංවර්ධනය වෙන්නේ. වගාකළ යුතු ඉඩම් තෝරාගැනීම සඳහා තනි නිවාස ක්‍රමය නවතා මහල් නිවාස සඳහා යා යුතුයි...