(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

වාරියපොල තෙන්නකෝන්ගම ප්‍රදේශයේ නිවෙසට ඇතුළු වූ පුද්ගලයකු එල්ල කළ තියුණු ආයුද ප්‍රහාරයකින් බිරිය තුවාල ලබා ඇති අතර දියණිය ප්‍රහාරයෙන් බේරී පළාගොස් ඇතැයි  වාරියපොල පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වාරියපොල හල්මිල්ලෑව පදිංචිව සිටි 56 හැවිරිදි එච්.එම්. ප්‍රේමරත්න නැමැති දෙදරු පියෙකි. ඔහු යුධ හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය අයකු බව පොලිසිය කියයි.

අපරාධය සිදුකල පුද්ගලයා මියගිය අයගේ බිරිඳට සහ 16 හැවිරිදි දියණියටද ප්‍රහාර එල්ලකර ඇති අතර එම බිරිඳ මේ වනවිට අසාධ්‍ය තත්වයෙන්  මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ප්‍රහාරයට ලක්වූ දැරිය බේරී පලාගොස් ඇති අතර ඇය සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

පුද්ගලික හේතුවක් මත සිදුවූවක් බවට දැනට සිදුකරමින් යන විමර්ශණ වලදී අනාවරණය වෙමින් පවතින බව පොලිසිය සඳහන් කලේය.