
(යොහාන් භාසුර)
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක භූමිතෙල් මිලදීගැනීමට ජනතාව කිලෝමීටර ගණන්වල පෝලිම්වල අද (13) පෙරවරුවේ සිට රැදී සිටිති.
කොළඹ කොටහේන, ඔරුගොඩවත්ත සහ මරදාන ආදි ප්‍රදේශවල කිලෝමීටරයකට වඩා වැඩි දිගකින් යුත් භූමිතෙල් පෝලිම් අද පෙරවරුවේ නිර්මාණය වී තිබූ අතර භූමිතෙල් ලබාගැනීමට පැය හතරකට අධික කාලයක් පෝලිමේ රැදී සිටීමට සිදුවන තත්වයක් දැකගත හැකිවිය.
ගෑස් නොමැති නිසා භූමිතෙල් ලිපෙන් ආහාර පිසීම කරන නිසා භූමිතෙල් අනිවාර්ය වී ඇති බවත් භූමිතෙල් හිඟය හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් එහිදී ජනතාව පැවසීය.
(ඡායාරූප ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම තෙල් හිඟයක් නැහැ.. මෙය විරුද්ධ පක්ෂයේ කුමන්ත්‍රණයක්...
රට රකින අපේ විරුවා... සිංදු දාගෙන නටපල්ලා .... එතකොට හරියයි. මේ කාලකණ්ණි ආණ්ඩුව පන්නමු...