IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි

(රංජන් කස්තුරි)

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.

ජපානයේ නිෂ්පාදිත මෙම නව විදුලි ජනන යන්ත්‍රයට ජලය ලීටරයක් පමණ ප්‍රමාණයක් යෙදිය යුතු අතර ඉන් පැය 24කට පමණ අවශ්‍ය විදුලිය පහසුවෙන් ජනනය කළ හැකි බව එම විදුලි ජනන යන්ත්‍රය  මෙරටට හඳුනාව දෙන ග්‍රීන් ලංකා සස්ටේනබල් සොලුෂන් සමාගමේ සභාපති එස්.සෙන්දිල් කුමාරන් මහතා කොළඹදී ඉකුත් දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

සමස්ත ලෝකයම අද බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින මෙවන් අවධියක ජලය ලීටරයක් වැනි  ඉතාම අඩුවියදමකින් පරිසර හිතකාමී ලෙස විදුලිය ජනනය කළ හැකි ජනන යන්ත්‍රයක් නිපදවිම සුවිශේෂී තත්ත්වයකැයි ද සෙන්දිල් කුමාරන් මහතා කීවේය.

ජපානයේ ග්ලොබල් ලින්ක් සමාගම නිපදවා ඇති මෙම ජනන යන්ත්‍රයට ජලය එකම අමුද්‍රව්‍ය ලෙස භාවිතකරන අතර ජලයෙන් හයිඩ්‍රජන් වායුව වෙන්කරගෙන විදුලිය නිපදවීමට හැකිවීම ලොව විදුලි ජනන කේෂත්‍රයේ විප්ලවීය වෙනසකැයි ද සෙන්දිල් කුමාරන් මහතා කීය. 



අදහස් (11)

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි

මහී Wednesday, 19 April 2023 04:13 PM

මෙන්න වැඩ කාරයෝ... මට බය අර මස්තබාල්දුවෝ කාගේ හරි කොමිස් අරන් මේක නැති භංගස්තාන කරයිද?

:       6       34

පුරවැසියා Wednesday, 19 April 2023 04:22 PM

දැං කොමිස් කාක්කො ගණන් හදනවා ඇති.

:       5       31

තරංග Wednesday, 19 April 2023 05:15 PM

එවිට එක ගෙයකට මාසයකට අවශ්‍ය වන්නේ ජලය ලීටර් 30ක් පමණයි... අද කිව්වා කියලා හිතාගන්න. අපේ පාලකයෝ මේ වගේ දේවල් අපේ රටට ලබාදෙන්නේ නෑ. ඔවුන්ට විදුලිබල මණ්ඩලය හරහා රටේ මිනිස්සුන්ගේ සාරය උරාබොන්න බෑ. එවිට සූර්ය පැනල භාවිතයත් ඒ වගේ. නිකම් ලැබෙන ඉර එළිය මගින් වෙනත් රටවල් එම රටේ අවශ්‍යතාවයට අමතරව ඔවුන් විදුලිය අපනයනය කරනවා. ඒකට අපේ පාලකයෝ....

:       9       25

jaya Wednesday, 19 April 2023 06:10 PM

ජලයෙන් හයිඩ්‍රජන් වෙන් කරන්න නිපදවන විදුලිය වගේ දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් අවශ්‍යයි...

:       4       26

තරංගWednesday, 19 April 2023 08:12 PM

උදාහරණෙකට අපි බලමු. ජලය ලීටරයක් මගින් පැය 24ක් ලබාදෙන්න පුලුවන්ලු. යන්ත්‍රය මගින්ම ඊට අවශ්‍ය බලය නිපදවනවද දන්නෙනෑනෙ. ඒ කියන්නෙ තව ජලය ලීටර් 2ක් ලබාදුන්නත් පාඩුවක් නෑනේ නේද. එවිට මාසයකටම ජලය ලීටර් 90ක් යාවි. සාමාන්‍ය ගෙයක මාසික ජල පරිභෝජනය ලීටර් 15000ක් විතර. එයින් සුලු ප්‍රමානයයි මෙයට වැය වන්නේ. අපි බලමු මේක සාර්තක වෙයිද කියල මේ පාලකයො ඉන්නකම්

:       0       3

චන්දිම ෆොන්සේකා Wednesday, 19 April 2023 07:41 PM

මේවා මේ සුරංගනා කතාද? මේක හරියට අපි හීනෙන් ලොතරැයි ඇදෙනවා දැකලා උදේ ඇහැරුණාම මොන මල කෙහෙල්මලක්වත් නැති විත්තිය තේරුම් ගන්නවා වගේ කතාවක්ද? ඇත්තටම මේකේ සුල මුල අපිට කියන්නේ කවුද? මොකද මේ වගේ ආශ්චර්යමත් කතා කාලෙන් කාලෙට එනවා යනවා...

:       2       13

මාලික විමලසූරිය Wednesday, 19 April 2023 09:18 PM

ජලයෙන් හයිඩ්‍රජන් ගන්න විදුලිය අවශ්‍ය කරනවා. එහෙම ගන්නා හයිඩ්‍රජන් බල ශක්තිය ලෙස භාවිතාකරනවාට වඩා ඒ යොදාගන්නා විදුලිය බල ශක්තිය ලෙස භාවිතය වඩා කාර්යක්ෂම වේ. මේ news එක එක්කෝ කරුණු වරදවා වාර්තා කිරීමක් නැතහොත් එහෙම පිටින්ම ගොන් පාට් එකක්.

:       0       7

Athula Wednesday, 19 April 2023 09:40 PM

නියමයි

:       2       1

hmjk herath Thursday, 20 April 2023 09:21 AM

එක මොකක්හරි අවුලක් කියල ඔක අයින් කරල දමයි ...කොමිස් කාරයො

:       1       0

samantha indika Thursday, 20 April 2023 11:10 AM

කාර් එකකුත් වතුර වලින් දිව්වා ටික දවසක් නිව්ස් වල.

:       0       4

සරත් වීරසිංහ Thursday, 20 April 2023 05:44 PM

විදුලිය ජලයෙන් නිපදවීම වටිනවා.පැහැදිලි කිරීම දුර්වලයි. ජලය ලීටරයකින් විදුලිය නිපදවන ප්‍රමානයයි වැදගත්.වොට් කීයක්ද? කිලෝවොටි පැය ලෙසින්.අවශ්‍ය විදුලිය ජලය ලීටරයකින් නිපදනවා කීම අසම්පූර්ණයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 333 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site