IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ලෝක නාට්‍ය දින සැමරුම් උත්සවය එල්ෆින්ස්ටන් රඟහලේ දී

(ළහිරු හර්ෂණ)

ලෝක නාට්‍ය දින සැමරුම් උත්සවය සම්භාවනීය නාට්‍යකරුවෝ රැසකගේ සහභාගිත්වයෙන් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී ඊයේ (27) පැවැත්විණි.

1948 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානය පිහිටුවීමෙන් පසු,1961 වර්ෂයේ දී ජාත්‍යන්තර රංගකලා ආයතනය (International Theatre Institute) ලෝක නාට්‍ය දිනය සැමරිය යුතු බවට ගත් තීරණයකට අනුව මාර්තු මස 27 වැනි දිනය “ලෝක නාට්‍ය දිනය“ නමින් නම් කළ අතර, 1962 වර්ෂයේ සිට මේ දක්වා ලෝකය පුරා නාට්‍ය දිනය උත්සවාකාරයෙන් සමරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

ජාත්‍යන්තර රංගකලා ආයතනය විසින් සෑම වසරකම ජාත්‍යන්තර තලයේ නාට්‍යකරුවකු විසින් රචිත නාට්‍ය දින පණිවුඩයක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර එය සිය සමාජික රටවල් වෙත බෙදා හරී. මෙවර ලෝක නාට්‍ය දින පණිවුඩය ඉදිරිපත් කර ඇත්තේ, ඇමෙරිකා ජාතික “පීටර් සෙලර්ස්“ මහතා විසිනි.

නාට්‍යමය අවකාශයේ යථාර්තය යන මැයෙන් විශේෂ දේශනයක් ප්‍රවීණ නාට්‍යවේදී ජයන්ත චන්ද්‍රසිරි මහතා පවත්වනු ලැබු අතර, ටවර් හෝල් රගහල පදනම විසින් දෙමළ භාෂාවට පරිවර්තනය කර මුද්‍රණය කළ, ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහ මහත්මියගේ “පුංචි අපට දැන් තේරෙයි“ හා “තොප්පි වෙළෙන්දා” නාට්‍ය පිටපත් ද්විත්වය මෙම උත්සවයට සමගාමීව එළිදැක්විණි.

ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක, ටවර් හෝල් රගහල පදනමේ භාරකාර මණ්ඩල සාමාජික හෂීම් ඕමාර්,ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු සහ ප්‍රවීණ නාට්‍යවේදීන්, කලාකරුවෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.



අදහස් (0)

ලෝක නාට්‍ය දින සැමරුම් උත්සවය එල්ෆින්ස්ටන් රඟහලේ දී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 443 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2203 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site