IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


අතපත්තුකන්දේ නාහිමියනට සන්නස් පත්‍රය පිළිගන්වයි

(යොහාන් භාසුර)

‘සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මරතන ප්‍රඥාතිස්ස’ ගෞරව නාම සහිත දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ අතපත්තුකන්දේ ආනන්ද නාහිමියන් වෙත එම පදවිය සඳහා වන ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (20) පස්වරුවේ සිදුකෙරිණි.

අතපත්තුකන්දේ ආනන්ද හිමියන් ඉටු කරන ශාසනික, ආගමික සහ සමාජයීය මෙහෙවර අගයමින් සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක සහ අනුනායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව උන්වහන්සේ වෙත ගෞරව නාම සහිත අභිනව නායක පදවිය පිරිනැමූහ.

සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී අද (20) පස්වරුවේ පැවැත්විණි.

මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතපත්තුකන්දේ ආනන්ද නා හිමියන්ට විජිණිපත පිළිගැන්වීය.

pආචාර්ය නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශ්වයේ අනු නා හිමියෝ මෙම උළෙලේ මුලසුන හෙබවූහ. මහාචාර්ය කොටපිටියේ රාහුල කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනු නා හිමියෝ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙහිදී දෙසුම් පැවැත්වූහ.

අතපත්තුකන්දේ ආනන්ද නාහිමියන්ගේ චරිතාපදානය අලළා රචිත උපහාර ග්‍රන්ථය සහ උන්වහන්සේ විසින් රචිත ලිපි ඇතුළත් කර සම්පාදිත ග්‍රන්ථ කිහිපයක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණ.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා 58 වසරක් මහඟු මෙහෙවරක් ඉටු කරන අතපත්තුකන්දේ ආනන්ද හිමියෝ කොළඹ 06, හැව්ලොක් සිටි සාම විහාරය, හක්මණ බේරුවේවෙල ශ්‍රී සෞගතාරාම පුරාණ විහාරය, හක්මණ ඇල්ලේවෙල ශ්‍රී අශ්වත්ථාරාම පුරාණ විහාරය, හක්මණ දෙනගම ශ්‍රී මුණසිංහාරාම විහාරය යන සිව් මහා විහාරස්ථානයන්හි අධිපතීත්වය දරති. ප්‍රසිද්ධ ධර්ම කථිකයාණන් වහන්සේ නමක් ද වන උන්වහන්සේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පතිවරයෙක් ලෙස ද දීර්ඝ කාලයක් කටයුතු කර විශ්‍රාම ලබා සිටිති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය, මැති ඇමතිවරු, තානාපතිවරු, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, රාජ්‍ය නිලධාරීහු, දායක සභාව සහ නාහිමියන්ගේ ඥාතීහු ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.



අදහස් (0)

අතපත්තුකන්දේ නාහිමියනට සන්නස් පත්‍රය පිළිගන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 602 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17506 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 715 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site