මාතර - කොළඹ මාර්ගය ගාල්ලෙන් වසා විරෝධයක් කඩිනමින් ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලා මාතර - කොළඹ මාර්ගය ගාල්ල සමුද්‍ර මාර්ගයෙන් අවහිර කර උද්ඝෝෂණයක නිරත වීම නිසා එම මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල වි ඇත. 11 April 2022
තිරිංග අක්‍රිය වූ දුම්රිය ඩීසල් ටැංකියේ ගැටේ-වීඩියෝ රඹුක්කන දුම්රිය ස්ථානයේ නවතා තිබූ ඉන්ධන දුම්රියක තවත් දුම්රියක් ගැටීමෙන් ඉන්ධන දුම්රියේ තිබූ ඩීසල් විශාල ප්‍රමාණයක් අපතේ ගොස් ඇතැයි දුම්රිය ස්ථානය කියයි. 11 April 2022
ගාලු මුවදෝර පොල් ගසා පූජා පවත්වති ජනාධිපතිවරයා සහ රජය ඉල්ලා අස්වන ලෙස ක්‍රියාත්මක විරෝධතාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව මේ වන විට කොළඹ ගාලු මුවදොර ආසන්යේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ස්ථිර අට්ටාල ඉදිකරමින් එහි රැදී සිටීමට ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ද රැස්කර තිබේ. 10 April 2022
මහ වැස්සෙන් කොළඹ යට වෙයි දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඊයේ (9) රාත්‍රියේ සිට ඇද හැලුණු මහ වැසි හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී ගමනාගමනයට දැඩි බාධා එල්ල විය. 10 April 2022
ගාලු මුවදොර නොනවතින රැල්ල-වීඩියෝ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්නැයි බල කරමින් අද පෙරවරුවේ ගාලු මෝදර පිටියේ ආරම්භ කළ විරෝධතාව මේ වන විටත් පැවැත්වෙයි. 09 April 2022
පාර්ලිමේන්තුව අසල විරෝධතාකරුවන්ට කඳුලු ගෑස්-ජල ප්‍රහාර පාර්ලිමේන්තු මාර්ගය අසලට පැමිණි විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ. 08 April 2022
දඹුල්ලේ එළවළු තොග ගොඩ ගැසෙයි විවිධ ප්‍රදේශවලින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවළු තොග මිලදී ගැනීමට වෙළඳුන් නොපැමිණීම ගොවීහු මේ වනවිට දැඩි අසීරුතාවයකට පත්ව සිටිති. 08 April 2022
විරෝධතාකරුවෝ අරලිගහ මන්දිරය වටලති විරෝධතා කරුවන් පිරිසක් කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. 07 April 2022
සම සෞඛ්‍ය සිසුහු සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පනිති ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුහු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිිපිට විරෝධතාවක නිතරව සිටිති. 06 April 2022
අගමැති නිල නිවස ඉදිරිපිට විරෝධයක් විජේරාම පාරේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවෙස ඉදිරිපිට මේ වනවිට දැවැන්ත විරොධතාවක් පැවැත්වෙයි. 05 April 2022
පාර්ලිමේන්තු මාර්ගය වසා දමයි මහජන විරෝධතාවක් ආරම්භ කිරීම හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසිම් මාර්ගය මීට සුළු මොහොතකට පෙර වසා දැමූ බව පොලිසිය පවසයි. 05 April 2022
කොළඹදී විරෝධතා රැසක් ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරෝධය පා සංවිධානය කර තිබූ විරෝධතා ගණනාවක් කොළඹ නගරයේ දී අද (4) දිනය පුරා පැවැත්විණි. 04 April 2022
අම්මේ මට රටක් හෙට දින ඉතිරි වෙද? ශ්‍රී ලංකාවේ පසුගිය සෙනසුරාදා දින සවස 6 සිට අද උදෑසන 6 තෙක් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ අතර ඇඳිරි නීතිය මධ්‍යයේ මහ ජනතාව පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් වත්මන් රජයට ඉල්ලා අස්වෙන ලෙස පවසමින් ඇඳිරිය නොතකමින් රටේ තැනින් තැන උද්ඝෝෂණ වල නිරත වූහ. 04 April 2022
මහනුවරත් මහ පිරිස් විරෝධයේ වත්මන් රජයටත් ජනාධිපතිවරයාටත් විරෝධය දක්වමින් මහනුවර දළදා වීදියට රැස්වූ අති විශාල පිරිසක් රතිඤ්ඤා පත්තු කරමින් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ. 04 April 2022
කුරුණෑගලත් මහා පිරිස් මහ පාරේ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවටත්, ආණ්ඩුවේ ජනපීඩක වැඩපිළිවෙලටත් විරෝධය දක්වමින් දෙදහසකට ආසන්න පිරිසක් කුරුණෑගල නගරයේදී අද දහවල් විරෝධතාවක නිරත වූහ. 04 April 2022
කාල්ටන් අසල විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට විරෝධකාරුවන් විසුරුවා හැරීම සඳහා මේ වන විට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය පියවර ගත්තේය. 04 April 2022
රට පුරා අදත් විරෝධතා රට පුරා අද (04) දිනයේදීත් ආණ්ඩුවට විරෝධය දක්වමින් උද්ඝෝෂණ රැසක් පැවැත්වේ. 04 April 2022
මෙතෙර විරෝධයට එතෙර ලාංකිකයන්ගෙනුත් සහාය - වීඩියෝ ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කර ලොව පුරා රටවල් රැසක ද විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පියවර ගෙන ඇත. 03 April 2022
ඇඳිරියෙන් පාළු වු කොළඹ රට පුරා පවතින ඇඳිරිනීතිය සමඟ අද (03) කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් පාළුවට ගොස් තිබෙන අයුරු දැක ගන්නට ලැබිණි. 03 April 2022
ඇඳිරිය මැද්දේ තැන තැන විරෝධයේ වත්මන් රජයට විරෝධය දක්වමින් අද සවස දිවයිනේ නගර රැසකදී විරෝධතා පැවැත්විණි. වත්මන් ජනාධිපතිවරයා ද සහ රජය පත්කර ගැනීම සඳහා දැඩි විශ්වාසයෙන් හා කැපවීමෙන් කටයුතු කළ පිරිස් මෙසේ විරෝධතාවයට එක්ව සිටින බව එම විරෝධතාවයට එක් වී සිටි පිරිස් පැවැසීය. 02 April 2022
හිරුණිකා ඥානක්කාගේ දෙවොල වටලයි අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රානි බණ්ඩාර,කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා පේමචන්ද්‍ර ඇතුළු පිරිසක්’’ දූෂිත ආණ්ඩුව පලවා හරිමු.’’’.යන මැයෙන් සංවිධානය කළ අනුරාධපුරයේ දී සංවිධානය කළ උද්ඝෝෂණයක් ආරක්ෂක අංශ මැදිහත්වි වී විසුරුවා හැරියේය . 02 April 2022
මිරිහානේ විරෝධතාකරුවෝ බසයකට ගිනි තබති ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ නිරත පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් යුද හමුදා බසයකට හා තවත් වාහන කීපයකට ගිනි තබා ඇතැයි තහවුරු නොවු පුවත් වාර්තා කරයි. 31 March 2022
පාසල් බස්-වෑන් වලටත් කණකොකා හඬයි ඩිසල් නොමැති වීමෙන් හැටන් ප්‍රදේශයේ රජයේ සහ ජාත්‍යන්තර පාසල්වලට ළමුන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් සහ වෑන් රථ ගණනාවක් අද (31) ධාවනයෙන් ඉවත් කරගෙන ඇත. 31 March 2022
පාලනයක් නැති බඩු මිල ගැන ජනතාව කනස්සල්ලෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩමිල ගණන් පැයෙන් පැය දිනෙන් දින ඉහළ දැමීමේ සැලසුමක් රට පුරා ක්‍රියාත්මක වන බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති. 31 March 2022
ඉන්දීය විදේශ ඇමැති අයි.ඕ.සී බලන්න ගියාට ජනසෙතේ උදහස ඉන්දීය විදේශ කටයුතු හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස් ජයිසන්කර් මහතාගේ මෙරට සංචාරය අතුර තුර අයි.ඕ.සී පිරහුම්හල් නිරීක්ෂණය කළැයි ඊට විරෝධය පා ජන සෙත පෙරමුණ සංවිධානය කරන ලද විරෝධතාවයක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. 30 March 2022
පොලොන්නරුව ගොවි ජනබලයට ජනගඟක් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සංවිධානය කර ලබන සාගතයද, ජීවිතයද ගොවිජන රැලිය මීට සුලු මොහොතකට පෙර පොලොන්නරුව දියත උයන අසලදි අද සවස ආරම්භ විය. 29 March 2022
මහ මඟ නවතා තිබූ යතුරු පැදිය හිටි හැටියේ ගිනි ගනී වාද්දුව මොරොන්තුඩුව පාරේ නවතා තිබූ යතුරුපැදියක් අද (29) ගිනිගෙන දැවී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි. 29 March 2022
රට පුරාම පෝලිම් තව දිග්ගැස්සෙයි රටපුරා ඉන්ධන සහ ගෑස් පෝලිම් පසුගිය දිනවල තරමක් අඩුවී තිබුණත් අද (28) දිනයේ වාහන පෝලිම් යළිත් වැඩිවී තිබෙනු දැකගත හැකිවූ අතර ඉන්ධන ලබා ගැනීමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක් මේ පෝලිම් හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්වූහ. 28 March 2022
හලාවත ධීවරයෝ යළි තෙප්පම් ජීවිතයට පුත්තලම හා හලාවත ධිවරයන් තමන්ගේ පැරණි තෙප්පම යළි රැකියාව සදහා යොදා ගෙන ඇති ආකාරය දැක ගත හැකිය. 28 March 2022
පිරවුම් හලේදී ත්‍රිරෝද රිය ගිනි ගනී බණ්ඩාරගම නගරයේ ඉන්ධන හළක් තුළදී ත්‍රි රෝද රථයක් අද ( 28 ) හිටිහැටියේම ගිනි ගැනීමට ලක් විය. 28 March 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026