IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


හිරුණිකා ඥානක්කාගේ දෙවොල වටලයි

(උපුල් හේරත්)

අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රානි බණ්ඩාර,කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීිනි හිරුනිකා පේමචන්ද්‍ර ඇතුළු පිරිසක්" දූෂිත ආණ්ඩුව පලවා හරිමු.'".යන මැයෙන් සංවිධානය කළ  අනුරාධපුරයේ දී සංවිධානය කළ උද්ඝෝෂණයක් ආරක්ෂක අංශ මැදිහත්වි වී විසුරුවා හැරියේය .

බස් ර‍ෙවලින් හා වෑන් රථවලින් පැමිණි ඔවුන් පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කරමින් අනුරාධපුර ගුවන් තොටුපොළ මාර්ගය ඔස්සේ ගමන් කරමින්  ඉසුරු පුර පදිංචි ඥානඅක්කා නමැති කාන්තාවකගේ නිවස අසලට පැමිණි අවස්ථාවේ පොලිසිය මැදිහත් වී පෙළපාලිය විසුරුවා හැරියේය

අනුරාධපුර ගුවන්තොටුපල මාර්ගයේ සිට ඉසුරු පුර ග්‍රාමයේ විවිධ ස්ථානවල විශේෂ කාර්ය බලකාය ,පොලිස් නිලධාරින් හා ,කාන්තා පොලිස් නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා තිබිණ .

යමි කලහාකාරී සිදු වීමක් සිදු වුවහොත් ඊට මුහුනදිම සදහා යොදා ගැනෙන ජල ටැංකි රථ, මෙන්ම කඳුළු ගෑස් විදින අවි ආයුධ වලින් සමන්විත වූ පොලිස් නිලධාරින් විසින් ඥානඅක්කා නමැත්තියගේ නිවස හා දේවාලය අසල ආරක්ෂා තර කර තිබිණ .විශේෂ සිදුවීම් කිසිවක් සිදු නොවිය.



අදහස් (31)

හිරුණිකා ඥානක්කාගේ දෙවොල වටලයි

Anura Saturday, 02 April 2022 07:37 PM

පොලිසිය දැන් සාත්තර කාරියන්ගේත් ගෙවල් මුර කරන්න දාලා...!

:       67       218

KapilaSaturday, 02 April 2022 07:53 PM

බලයෙන් පහ කෙරුණාම කොළඹ ඉඳන් ගෙවල් වටලනකොට දේවාලෙට ආරක්ෂාව දෙන්න ඉතින් පොලිසියට, හමුදාවට තමයි සිද්ද වෙන්නේ...

:       35       35

ravin Saturday, 02 April 2022 07:55 PM

ලංකාවේ මිනිස්සු මිථ්‍යා මත හා ඇදහිලිවලින් ඉවත් වෙන්නේ කවදාද?

:       28       194

ViraWednesday, 06 April 2022 04:32 PM

අම්මෝ ලොකු

:       0       0

swene Saturday, 02 April 2022 08:19 PM

හමුදාවේ ඉහල නිලයක සිට ඇමෙරිකාවෙත් ජීවත්වූ රාජ්‍යය නායකයාත් ඕවා විශ්වාස කරන එකයි පුදුමය.

:       0       0

Lalith M Saturday, 02 April 2022 08:42 PM

21 සියවසේ දෙවන දශකයේ අපේ ගමේ ඉඹුල්ගොඩ නන්දනාරාමයේ දෙවොල් නැටීම ආරම්භ කලා. මේ කාලයේ මිනිසුන්ට මිත්‍යාව මේ තරම් පහසුවෙන් ගිල්ලන්න මේ හාමුදුරුවරු කටයුතු කිරීම ආගමික පිරිහීම. බුද්ධාගම තව නොබෝ කලකින්ම අතීත මාතෘකාවක් වෙයි. මිත්‍යාව රජ කරයි.

:       0       0

kamal Saturday, 02 April 2022 09:13 PM

සාස්තරකාරියෝ කෝටිපතිනියන් කල පොහොට්ටුවට ජයවේවා

:       0       0

පිටිගල මිලානෝ Saturday, 02 April 2022 09:25 PM

බය ගෝතයෙක් හොරෙන් හොරෙන් රින්ගනකොට ගැහැණියක් නොබියව කෙලින්ම රින්ගයි. මෙන්න බොලේ පොලිස් බලඇණියක් ඥාණක්කාව මුරකරනවා.

:       0       0

අතුල සෞදි Saturday, 02 April 2022 09:26 PM

මුලු බටහිරම ක්‍රිස්තියානි මිත්‍යා දේවකතා වලින්මයි පිරිලා තියෙන්නේ. ඔහුන් හා ආසියාතික අප(විශේෂයෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව) අතර ඇති ප්‍රධාන වෙනස වන්නෙ ඔහුන් ඒක දේවවාදී වන අතර අප බහූ දේවවාදී වේ. අනික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තමන් කැමති ආගමක්, ලබ්ධියක්,විශ්වාසයක් හෝ ඇදහීම මූලික මිනිස් අයිතිවාසිකමත් වශයෙන් පිළිඅරගෙන තියෙනවා. ඒ නිසා තම තම නැන පමණ අනුව ජීවත් වෙන්න.

:       0       0

Praba Saturday, 02 April 2022 09:37 PM

ඇයි? ඔය කියන අක්කව රැකගන්න එයාගෙ දෙවියන්ට බැරිද? ගල් යුගයේ මිනිස්සුනේ අප්පා අපේ රටේ ඉන්නෙ

:       0       0

බීරි අලියට වීණා වාදනය කරලා හරිද... Saturday, 02 April 2022 09:57 PM

හිරුණිකාටම අමතකයි කට වරද්දගත්ත දේශපාලන කරුමයක් නිසා අදටත් ඇයට අහිමිවූ පියා නැතිවුනු ඇගේ හිතේ දුවන ගින්දර...! ඒ දුක හිරුණිකා දැනදැනත් ඇයි මෙහෙම හැසිරෙන්නේ...?? මැයටත් පෙර පාසල් යන දරුවෝ ඉඳිද්දී ඇයි මෙහෙම හැසිරෙන්නේ.... වැරදිලාවත් ඒ වගේ කරදරයකට මුහුණ දෙන්න වුනොත් ඒ ලපටි දරුවන්ට යන කල දසාව මොකක්ද කියලා දෙසැරයක් හිතුවොත් වඩා හොඳයි නේද? කටින් දේශපාලනය නොකර ක්‍රියාවෙන්ම රටට කරලා පෙන්නන්න..! හිරුණිකා සුද්දගෙ රටේ ඉගෙනගත්ත කෙනෙක් නේද..?

:       0       0

සෙනෙවිරත්න Saturday, 02 April 2022 10:10 PM

මේ කාන්තාවට සහයෝගයට ප්‍රතිචාර දක්වන අයත් ඉන්න රටක්

:       0       0

රට වැසියා Saturday, 02 April 2022 10:44 PM

අතීශයින්ම කණගාටු දායක තත්වයක්, රටේ නායකයා මිත්‍යා භක්තිකයෙක් වු විට, ඒ රට ගැන කුමන කථාද?

:       0       0

නෙල්සන් මයිකල් Sunday, 03 April 2022 04:10 AM

ගෝඨාභය එයාගෙ බිරිඳව අයින් කරලා ඥානක්කාව මිරිහා නෙ ගෙදර තියා ගත්ත නම් මිනිස්සු උද්ගෝෂණ කරන්න එන කොට රතුපාට නූල් බැන්දනම් මෙච්චර විනාසයක් වෙන්නෙ නැහැ බෝඩ යකෝ ඇමරිකා ගිහිල්ලා තෙල් ගහාපන් අහිංසක ජනතාවට වද නොදී කපුටා ස් වත් අරගෙන යන්න මෙන්න වැන්දා

:       0       0

Rohana Sunday, 03 April 2022 07:06 AM

රට පාලනයකරන්නේ ඥානාගේ උපදෙස් අනුවද? එහෙනම් ජනාධිපතිකම ඥානාටම දෙමු. බොරුවට රූකඩයින් ඔතන ඉදල වැඩක් නැහැ.

:       0       0

වසවර්ති Sunday, 03 April 2022 07:13 AM

ඥානක්කාගේ දේවාලය ගිනි

:       0       0

අපි යමු ඩිෆෙන්ඩර් එකේ කොල්ලෝ උස්සන්න Sunday, 03 April 2022 07:33 AM

හම්මේ හිටපු කාලේ කරපු සේවයක් එහෙම කීව නම්. මේ වගේ නල්ල මලේ බොර දියේ මාළු බාන අය තමා දේශපාලනයේ වැඩියෙන්ම ඉන්නේ. මෙච්චර කාලයක් අපිව කඩේ යවපු දේශපල්කයාව පාලනය කරන්න අවශ්‍ය නීති රෙගුලාසි ව්‍යවස්ථාවට අධිකරණයය හරහා බලෙන් පැටවිය යුතුය . ලැබෙන වරප්‍රසාද , පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඇති අවම සුදුසු කම් නිවැරදිව සකස් කලයුතුය. හැමෝටම චන්ද අයිතිය ,ප්‍රජාතන්ත්‍ර වාදය, තියෙනවා කියල 8 පාස් හොරු පාර්ලිමේන්තුවට රිංගීම නිසා රට ට වුනු විනාසය ආපස්සට හැරවීමට දැන් කාලය පැමිණ ඇත

:       0       0

රණසින් Sunday, 03 April 2022 08:15 AM

දරුවන්ගේ බඩගින්න නිවන්ට ක්‍රමයක් නැතිව පාරට බහින අහිංසකයින්ට තඩිබාන,අත්අඩංගුවට ගන්න පොලිසියෙ මහා පිරිසක් ගිහින් - හොර දේශපලකයෝන්ව රවට්ටගත් කපු ගෑනු රකිනවා. තුහ් විතරක්!

:       0       0

Lary Sunday, 03 April 2022 08:22 AM

කළදුටු කළ වලඉහින අයටද නැවත ඉදිරියට ඒමට අවස්ථාව නොදිය යුතුයි...!

:       10       69

p.d goonawardena Sunday, 03 April 2022 09:21 AM

මෝඩ චූන්...

:       18       61

pakeer Sunday, 03 April 2022 09:32 AM

මන්තරකාරයෝ රජවෙලා, මිසදිටුවෝ පස්සෙන් යනවා. රට ආරක්ෂා කරන්න ඉන්න අය.., උන්මන්තකයින් ආරක්ෂා කරනවා. කොහේ හරියන්නද අපිවගේ මිසදිටු ජාතියකට...?

:       1       37

Anu viraj Sunday, 03 April 2022 10:23 AM

හිරුණිකාත් මේ දවස්වල බලය ගන්න හදනවා..

:       27       81

Bandara Sunday, 03 April 2022 11:37 AM

ඇත්තටම දිරිමත් සහෝදරියක්...!

:       51       37

A.w.anuruddha Sunday, 03 April 2022 11:53 AM

මහතැන්වලට නොතේරුණාට මෙම සිදුවීමෙන් මෙයාගේ බොරු ඵළියට එනවා. පුළුවන් නම් කරපු අපහාසයට දඬුවම් දීලා පෙන්වන්න.

:       13       18

Rohan Sunday, 03 April 2022 12:54 PM

බමුණා තවම ආවේ නැහැ.

:       21       15

sampath Sunday, 03 April 2022 01:57 PM

බලයයි, මොලයයි එකට පිහිටන්නේ නෑ... හරියට ලක්ෂ්මි, සරස්වතී වගේ. හැමෝම හදන්නේ ජනතාවට කොකා පෙන්නයි. එහෙම පෙන්නලා බලය අරන් ඒ බලයෙන් වැඩක් නැති දේවල් කරන්න තමයි...

:       1       44

Kusum Sunday, 03 April 2022 02:35 PM

තැඹිලි විකුණගන්න උත්සහ කරනවා වගේ...

:       4       34

Ranuka Sunday, 03 April 2022 03:48 PM

මාර කෑගැහිල්ලක් කෑ ගහන්නේ... අපිට සේවය කරන්න.

:       5       42

Ravi Sunday, 03 April 2022 05:11 PM

බුද්ධිමත් ජනතාව කවදාවත් මේ වගේ දේවල් වලට රැවටෙන්න එපා... මෙතන ඉන්න කාටවත් ඡන්දෙ නම් දෙන්න එපා. මතකනේ එහෙම දීලා කරගත්තු දේ...දැනට දේශපාලනේ ඉන්න සහ ඒවාට ගෑවිච්ච කාටවත් ඡන්දෙ නම් දෙන්න එපා.

:       9       17

මිත්‍යා දෘෂ්ඨින්ට නොරැවටෙමු Monday, 04 April 2022 08:33 AM

සාස්තර , ගුප්ත විද්‍යා සම්බන්ධව කටයුතු කරන අය කුඩා කාලයේදී හෝ තරුණ කාලයේදී විවිද ප්‍රශ්ණ ගැටළු නිසා ආතතියට මුහුණ දුන්නු අය. මේ අයව මනෝවිද්‍යා සායනයන්ට ඉදිරිපත් කරලා ප්‍රතිකාර කල යුතුයි

:       0       0

ddd Monday, 04 April 2022 12:41 PM

මෙයාටත් අහුවෙන්න එපා... කරපු දේ හොඳයි... ඒත් මේ ගොල්ලෝ මේවා කරන්නේ ප්‍රසිද්ධියට සහ බලයට එන්න... මේ ගොල්ලෝ ඔක්කොම එකයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 679 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 1303 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 679 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 986 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1492 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 661 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1306 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1552 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 402 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site