සජබ පා ගමන යක්කලින් අරඹයි සමගි ජනබල වේගය මහනුවර සිට කොළඹ බලා යන පා ගමන අද (30) යක්කල ආයුර්වේද රෝහල අසලින් ගමන් ඇරඹීම සමගි ජන බලවේගය නායක සජිත් පේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 30 April 2022
වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටුව උද්ඝෝෂණ පා ගමනක වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන උද්ඝෝෂණ පා ගමනක් නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට ආරම්භ විය. 29 April 2022
වෘත්තිය සමිති - බහුජන සංවිධාන රැසක් ගාලුමුවදොරට වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන රැසක නියෝජිතයන්ගෙන් සමන්විත ආණ්ඩුවට විරෝධය දැක්වීමේ පෙළපාළි රැසක් කොටුව දුම්රිපොල අසල සිට ගාලුමුවදොර අඛණ්ඩ විරෝධතා භූමියට අද (28) එක්විය. 28 April 2022
වර්ජනයෙන් තැන තැන පාළුවට ආණ්ඩුවට එරෙහිව දිවයින පුරා ක්‍රියාත්මක වන වැඩවර්ජනය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල රාජ්‍ය හා පෞද්ගලික සේවා ආයතන රැසක සේවාවන් මන්දගාමී ස්වභාවයක් පවතී. 28 April 2022
‘සාරා ජෙස්මින්‘ සොයන්න සයින්දමරුදු පිපිරීමේ සිද්ධියේ සිරුර ගොඩට අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් මියගිය පිරිසගේ සිරුර කොටස් අම්පාර පොදු සුසාන භූමියේදී යළි ගොඩගැනීම අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු ලුසාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය ඉදිරියේ අද (27 ) පෙරවරුවේ සිදු කෙරිණි. 27 April 2022
විදේස් සංචාරකයෝ අයිතිය ඉල්ලති විදේශික සංචාරකයෝ පිරිසක් සීගිරිය කඳුපාමුල අද සවස විරෝධතාවක නිරත වූහ. 26 April 2022
භික්ෂු අණට හිස නමනු:තිස්සේ සත්‍යග්‍රහයක් ‘‘මහ නාහිමිවරුන්ගේ අදහසට හිස නමනු‘‘ යන මැයෙන් භික්ෂූන් වහන්සේ තිස්සමහාරාම වටරවුම අසල අද පෙරවරු කාලයේ සත්‍යග්‍රහයක නිරත වූහ. 26 April 2022
ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මීනී පෙට්ටියක් පුළුස්සයි ගාලුමුවදොර විරෝධතාවයේ යෙදෙන තරුණ තරුණියන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (25) මිනී පෙට්ටියක් හා මල් වඩමක් ගෙනැවිත් විරෝධතාවයේ නිරත විය. 25 April 2022
පාසල් කටයුතු අඩපණයි වත්මන් රජයට විරෝධය දක්වමින් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අද (25) අසනිප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලි සිටියි. 25 April 2022
විරෝධතාකරුවෝ අගමැති නිල නිවෙස වටලති ජනාධිපති,අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඉවත්වන ලෙස බල කරමින් අන්තර් විශ්ව විද්‍යාල සිසුන් මේ වන විට අග්‍රාමාත්‍ය නිල නිවෙස වටලා දැඩි විරෝධයක් එල්ල කරමින සිටිති. 24 April 2022
කොටුව වටේට මාර්ග බාධක කොළඹ කොටුව සහ අවට මාර්ග අවහිර වන ලෙස ස්ථිර මාර්ග බාධක ස්ථාපිත කිරීමෙන් වාහන රියදුරෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති. 24 April 2022
රඹුක්කන සිද්ධියට හිටපු මැකෝ තනියම විරෝධයක හිටපු මැතිවරණ කොමසාරිස් හා සිමා නිර්ණ කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පස්වරුවේ දැන්වීම් පුවරුවක් එල්ලාගෙන අම්බලන්ගොඩ නගරයේ විරෝධාවක නිරත විය. 23 April 2022
කුරුසියක් කර තබාගෙන ජෙහාන් ගාලු මුවදොරට පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා මීගමුව කටුවාපිටියේ සිට ගාලු මුවදොර විරෝධතා භූමිය දක්වා කුරුසියක් කර තබාගෙන පා ගමනින් පැමිණෙන රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතා ගාලු මුවදොර පිටියට අද (22) පැමිණියේය. 22 April 2022
දින ගණනකට පසු ආණමඩුවට තෙල් ඇවිත් ආණමඩුව සමූපකාර ඉන්ධනහලින් පෙට්‍රල් ලබා ගැනිමට මේ වනවිට යතුරු පැදි 2000 කට වැඩි සංඛ්‍යාවක් පෝලිම්වල රැදි ඇති බව ආණමඩුව පොලිසිය පවසයි. 22 April 2022
විරෝධය අතර තුර සංඝරත්නයට දන් පිළිගන්වයි පාස්කු ප්‍රහාරයෙන් මියගිය කතෝලික ජනතාවට සිහි කිරීම ඇතුළු මියගිය අය වෙනුවෙන් සාධරණය ඉල්ලා ගාලුමුවදොර පිටියට වැඩම කළ භික්ෂූන් වහන්සේලාට දහවල් දානය පිරීනැමීමට කතෝලික හා බෞද්ධ පිරිස් කටයුතු කළහ. 21 April 2022
අදත් තැන තැන විරෝධතා: මාර්ග වැසෙයි ජනාධිපති ඇතුළු වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්වීම ඇතුළු ඉන්ධන ගැටළුවට විසැඳුම් ඉල්ලා අදත් රට පුරා තැන තැන විරොධතා පැවැත්විණි. 20 April 2022
තෙරිපැහැ සිරිදම්ම හිමියන් මාරාන්තික උපවාසයක තෙරිපැහැ සිරිදම්ම හිමියන් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අරගල භූමියේ අද(20) උදෑසන සිට මාරාන්තික උපවාසයක් අරම්භ කර ඇත. 20 April 2022
කෙලෙසද කල් දමනු අවසන් ගමන මෙම මීගහකිවුල, කොහාන ගම්මානයේදී මියගිය පුද්ගලයකුගේ මළ සිරුර අවසන් කටයුතු සදහා ගම්වාසීන් එක්ව බදුලුඔයේ කරවටක් ගිලෙමින් එගොඩ පිහිටි මාළිගාතැන්න පොදු සුසාන භූමිය වෙත රැගෙන ගිය අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරුණි. 19 April 2022
ඉන්ධන විරෝධයෙන් තැන තැන මාවත් වැසෙයි ඉන්ධන ගැටළුවට වහා විසැදුම් දෙන්නැයි ඉල්ලා රටේ තැන් තැන්වල මාර්ග වසමින් දැඩි විරෝධයක් එල්ලවන බව අප වාර්තා කරුවෝ පවසති. 19 April 2022
ජා.ජ.බ. පාගමන වාද්දූවෙන් ඇරැඹෙයි ආණ්ඩුවට එරෙහිව ජන පීඩක ආණ්ඩුව ගෙදර යවමු මැයෙන් ජාතික ජනබලවේගය සංවිධානය කළ උද්ඝෝෂණ පාගමන දෙවන දිනටත් අද(18)වාද්දුව නගරයෙන් ආරම්භ විය. 18 April 2022
ජනපති ලේකම් කාර්යාලට ආලෝකවත් කළ විරෝධය ජනපතිට හා ආණ්ඩුවට එරෙහිව කොළඹ ගාලුමුවදොර විරෝධතාවේ නිරත පිරිස අද අලුත් ආකාරයේ විරෝධතාවක නරත වූහ. 17 April 2022
කලගෙඩිහෙනෙන් නුවර පාර වහයි කළගෙඩිහේන ඉන්ධන පිරවුම් හල අසල දින දෙකක් තිස්සේ ඉන්ධන ලබා ගැනීම සඳහා වාහන නවතා ගෙන පෝලිමේ සිටි විශාල පිරිසක් ඉන්ධන නොලැබීම හේතුවෙන් අද 17 පස්වරු 07.30 ට පමණ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය වාහන හරස් කර උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත. 17 April 2022
හිසතෙල් ගැල්වීම උත්සවත්ශ්‍රීයෙන් අලුත් අවුරුද්දේ හිසතෙල් ගැල්වීමේ නැකත අද (17) පෙරවරු 7.04ට යෙදී තිබිණි. මේ වෙනුවෙන් රට පුරා වෙහෙර විහාරස්ථාන ඇතුළු ස්ථාන රැසකදී නැකතට හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය ඉටුකෙරිණි. 17 April 2022
විරෝධතාකරුවෝ අලුත් අවුරුදු සමරති ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව හයවැනි දිනටත් විරෝධතාවයේ නිරත විරෝධතාකරුවෝ අද (14) උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ගාලුමුවදොර පිටියේ සිට සාමකාමීව සැමරූහ. 14 April 2022
ලක්වාසී සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !!!! සිංහල දමිල අලුත් අවුරුද්ද පිළිගැනීමට සියලු දෙනා සූදාමින් සිටිති. ජ්‍යෝතිෂ්‍යයට අනුව තවත් හෝරා කීපයකින් අලුත් අවුරුදු උදාව සිදු වෙයි. 14 April 2022
කණ්ඩලම වැව මවනා සුන්දර රටා දින කිපයක් තිස්සේ ඇද හැළෙන තද ධාරානිපාත වර්ෂාව සමග දඹුල්ල කණ්ඩලම වැව වාන් දැමීම ආරම්භ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 13 April 2022
පරණ අවුරද්දෙත් ඉන්ධන පෝලිම් ඩොලර් නොමැතිවීම නිසා රට තුළ පවතින ඩීසල් සහ පෙට්‍රල් හිගය හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශ කිහිපයක අද (13) ත් ඉන්ධන පෝලිම් දක්නට ලැබිණි . 13 April 2022
බෙන්තොටින් ගාලු පාර අවහිර කර විරෝධතාවයක් බෙන්තොට ප්‍රදේශයට ගෑස් ලොරියක් අද (12) එන බව පැතිර යෑමත් සමග 500කට ආසන්න බෙන්තොට ප්‍රදේශයේ ගෑස් ලබාගැනීමට ගාලු පාර අයිනේ ගෑස් ටැංකි පෙළට තබා පැය කීපයක් බලා සිටියත් ගෑස් ලොරියක් නොපැමිණීම හේතුවෙන් එම පිරිස ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය බෙන්තොට පැරණි ජන කලා කේන්ද්‍රය අසළින් හරස්කර විරෝධතාවක නිරත වූහ. 12 April 2022
හලාවත දී ආණ්ඩුවට පක්ෂ - විපක්ෂ ආධාරකරුවෝ ගැටෙති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂව හලාවත නගරයේ පැවැති උද්ඝෝෂකයන් සහ තවත් පිරිසක් අතර ඇති වන්නට ගිය ගැටුමක් පොලිසිය සහ යුද හමුදාව මැදිහත්ව නතර කිරීමට පියවර ගෙන ඇත. 11 April 2022
ආණ්ඩුව ගෙදර යවන්න එතෙරත් පෙළ ගැසෙති වත්මන් ආණ්ඩුවට එරෙහිව දේශීය මෙන්ම විදෙස් ගත ශ්‍රී ලංකිකයෝ ද විවිධ රටවල විරෝධතා සංවිධානය කර ඇත. 11 April 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026