IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලක්වාසී සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!

සිංහල දමිල අලුත් අවුරුද්ද පිළිගැනීමට සියලු දෙනා සූදාමින් සිටිති. ජ්‍යෝතිෂ්‍යයට අනුව තවත් හෝරා කීපයකින් අලුත් අවුරුදු උදාව සිදු වෙයි.

අප්‍රේල් 14 වැනිදා පූර්ව භාග 2.17 තත්පර 17 සිට අපර භාග 3.05 තත්පර 17 දක්වා පුණ්‍ය කාලය බැවින්  පරණ අවුරුද්ද වෙනුවෙන් වැඩ අත් හැරීම බ්‍රහස්පතින්දා පූර්ව භාග 2.17 තත්පර 17 සිදු කළ මැනවි.

අලුත් අවුරුද්ද 13 වැනි බ්‍රහස්පතින් දා 8.41 තත්පර 17 උදාවෙයි. අප්‍රේල් 14 පූර්ව භාග  9.05  රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරිබතක් ද උඳුපිටි මිශ්‍ර කැවිල් වර්ගයක් ද පිළියෙළ කර ගැනීම මැනවි.

අප්‍රේල් 14 පූර්වභාග  10.17ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනු දෙනු කොට ආහාර අනුභවය සුදුසුයි.

හිසතෙල් ගෑම අප්‍රේල් 17 වැනි ඉරිදා පූර්ව භාග 07.04ට දකුණු දිශාව ලබා හිස ඉඹුල් පත් ද පයට නුග පත් ද තබා රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී  ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය මැනවි.

අප්‍රේල් 18 වැනි සඳුදා පූර්ව භාග- 06.51ට ශ්වෙත වර්ණ වස්ත්‍රාභරයෙන් සැරසී කිරි සහ මිශ්‍ර කිරිබත් හා කැවිලි අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

 

 



අදහස් (0)

ලක්වාසී සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site