තෙල් ජාවාරමක් අතේ මාට්ටු දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයකින් හොර රහසේ ඉන්ධන පිටතට ගෙන අලෙවි කිරීමේ ජාවාරමක් අසුකර ගැනීමට පොලීසියට හසු කර ගැනීමට පොලිසියට අද හැකි විය. 09 June 2022
පොලිස් මුලස්ථානයේ ඉදිරිපිට විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති මයිනා ගෝ ගම හා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලකරුවන්ට පහර දීමේ සිද්ධියට සම්බන්ධ හිටපු අගමැතිවරයා ඇතුළු සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට බලකරමින් සංවිධානාය කර තිබු විරෝධතා පා ගමනකට පොලිස් මුලස්ථානය ඉදිරිපිටයදී අද (9) පස්වරුවේ අවස්ථා කිහිපයකදී ම කදුළු ප්‍රහාර එල්ල කර විසුරුවා හැරියහ. 09 June 2022
යළි දිගු වෙන ඉන්ධන පෝලිම් ඉන්ධන හිඟය අද (8) දිනයේ තව දුරටත් උග්‍ර වී ඩීසල් සහ පෙට්‍රල් ලබාගැනීමට දිගු පෝලිම් රට පුරා පැවතුණි. 08 June 2022
නාවික හමුදා විශේෂ බලඝණයේ භටයෝ විසිර යති නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 29 වැනි බඳවා ගැනීමට අයත් භටයින්ගේ විසිරයාමේ උත්සවය ඊයේ (5) නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානාත්වයෙන් ත්‍රිකුණාමලය එම බළකා මුලස්ථානයේ දී පැවැත්විණි. 06 June 2022
රත්මලානට ආ අමුත්තන් තිදෙනා යුරෝපා රටවල කෘෂිකාර්මික කටයුතු සහ ලැව් ගිනි නිවීමේ කටයුතු සඳහා යොදා ගැනෙන ඕස්ට්‍රේලියා එයාර් ට්‍රැක්ටර් (Air Tractor) AT-802 ගුවන් යානා තුනක් රත්මලාන පිහිටි කොළඹ ගුවන්තොටුපොළට අද අලුයම 3.25 ලඟා විය. 05 June 2022
ඩීසල් නැතිව බස් ගමන් ඇන හිටී:දුම්රියට විශාල පිරිස් රට තුළ පවතින ඩීසල් හිඟය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල පෞදගලික බස් ධාවනයේ විශාල අඩුවක් දක්නට ලැබිණි. 04 June 2022
බෙංගාල ව්‍යාඝ්‍රයන්ගේ සුරතල් දෙහිවල සත්වෝද්‍යානයේ දී මීට තෙමසකට පෙර උපන් බෙංගාල ව්යාඝ්ර පැටවුන් තිදෙනා මහජනතාවට දැක බලාගැනීම සඳහා අවස්ථාව අද (2) සිට උදා විය. 02 June 2022
නාවික හමුදාව සහන මෙහෙයුම් අරඹයි අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කීහිපයකට බලපා ඇති ගංවතුර තත්වයෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා සබරගමුව සහ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක නාවික හමුදා සහන කණ්ඩායම් හයක් කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව පවසයි. 31 May 2022
රණවිරු පුතුට ඇත සිව් දෙවි රැකවරණ දිවයිනේ පළාත් රැසකට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඇද හැළෙන තද වැසි නිසා ගංගා ඇළ දොල පිටාට මට්ටමට පැමිණ ඇති බව ද සහ පහත් බිම් රැසක ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි. 31 May 2022
ලංගම බසය විය සුබ ගමනට පිහිට අකුරැස්ස මාරඹ ප්‍රදේශයේ විවාහ වූ තරුණ යුවළක් සිය මංගල ගමනට පාර ප්‍රවාහන ලංගම බස් රථයක් යොදාගත් අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වුයේ මේ අයුරිනි. 30 May 2022
වෛද්‍ය සිසුන්ට කොටුවේදී කඳුළු ගෑස් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකරී කමිටුව පවත්වන විරෝධතාවයකට කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ආසන්නයේදී පොලිසිය කඳුළුගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය. 29 May 2022
දඹුල්ලට එළවලු අඩුවෙයි දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට අද(29)එළවළු ලැබීම සියයට 75කින් අඩුවී එළවලු මිලදී ගැනීමට පැමිණෙන්නන්ගේ විශාල අඩුවීමක් පවතිවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති. 29 May 2022
විරෝධතාකරුවන් විසුරුවන්න කඳුළු ගෑස් කොළඹ ගාලු මුවදොර විරෝධතාවට දින 50ක් සපිරීම නිමිත්තෙන් පැවැති විරෝධතාකරුවන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසල බැංකු මාවතට ඇතුළුවිමට උත්සහා කිරීමේ දි එම පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. 28 May 2022
දරු දෙදෙනා ඔබට බාරයි සිර දඩුවම් නියම වූ ශෂී විරවංශ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගන යාමට පෙර සිය ස්වාමි පුරුෂයා වන විමල් වීරවංශ මහතාට සමුදුන් අයුරු 27 May 2022
ඩිසල් පෙට්‍රල් මාරුවේ අලි කලබලයක් ආඩිගම සිපෙට්කෝ ඉන්ධනහලින් සිදුවූ අතපසුවීමක් නිසා පෙට්රල්වාහනවලට ඩීසලුත්, ඩිසල් වාහනවලට පෙට්‍රලුත් ලබා දීම නිසා එම ඉන්ධනහල අසල නොසන්සුන්තාවයක් ඇතිවු බව ආණමඩුව පොලිසිය කියයි. 27 May 2022
විරෝධයක් නිසා හයිලෙවල් මාර්ගය වැසෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනයට එරෙහිව නිර්පාක්ෂික පිිරිසක් සිදුකරන විරෝධයක් හේතුවෙන් හයිලෙවල්මාර්ගය කුරුඳුවත්ත ප්‍රදේශයෙන් වසා දමීම නිසා එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතැයි වාර්තා වෙයි. 26 May 2022
කෝවිඩ් එන්නත යළි ක්‍රියාත්මකයි කෝවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සඳහා යුද හමුදාව ක්‍රියාත්මක කරන ලද කොළඹ විහාර මහා දේවී උද්‍යානය එන්නත් කරන මධ්‍යස්ථානය අද (26) යළි ආරම්භ කර ඇත . 26 May 2022
ඉන්ධන ජාවාරම ලංකාදිප කැමරාවේ හෙම්මාතගම සමූපකාර ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධනෙ ගැනීමට පොලිමේ නවතා තිබූ පෞද්ගලික බසයක රියැදුරක් එහි ටැංකයෙන් කෑන්වලට ඉන්ධන පුරවන අයුරු මාධ්‍යවේදියාගේ කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි. 26 May 2022
දරුවනි ! නොම සැලෙන් දෙවි පිහිටයි නුඹට පවතින අධික වර්ෂාවත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථාන පවතින පාසල් රැසක් ජලයෙන් යටවීමෙන් අද (24) සිසුහු දැඩි අපහසුතාවට පත්වූහ. 24 May 2022
මුලතිව් කුරුදුමලෙයි විහාරයේ කැනීම් අවසන් මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කරුන්දි පුරාණ රජමහා විහාරයේ කැනීම් කටයුතු මේ වනවිට අවසන් වී ඇතැයි කුරුන්දි රජමහා විහාරයේ විහාරාධිපති , උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ සාන්තබෝධි හිමියෝ පැවැසූහ. 22 May 2022
අදත් තැන තැන තෙල් පෝලිම් ඉන්ධන බලාපොරොත්තුවෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකම අදත් ඉන්ධනහල් ඉදිරිපිට දැඩි පොලිම දක්නට ලැබිණි. 21 May 2022
සිසු විරෝධතාවට කඳුලු ගෑස් - ජල ප්‍රහාර අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනට කොළඹ කොටුව ලෝක වෙළද මධ්‍යස්ථාන අසල දී පොලීසිය පිවිසුමේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය . 21 May 2022
අප්පිරියා නිසා පත්වීම ගත්තේ අහක බලාගෙන ජනාධිපතිවරයා අතින් ඇමතිවරයකු ලෙස පත්වීම ලබාගන්නා විට අප්පිරියාවක් ඇතිවූ බවත්, එම අවස්ථාවේ ඔහු සමඟ වචනයක් හෝ කතා නොකර ඉවත බලාගෙන පත්වීම් ලිපිය ලබාගත් බවත් ඉඩම් හා සංචාරක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 20 May 2022
ඉන්ධන පිරවුම්හල්වලට යුද හමුදා ආරක්ෂාව කොළඹ නගර සීමාවේ ඉන්ධන පිරවුම්හල් රැසකට අද (20) දිනයේ යුද හමුදා නිලධාරීන්ගේ ආරක්ෂාව යොදවා තිබුණි. 20 May 2022
ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් තිස් වසරක් පුරා රටත් ජනතාවත් පීඩාවට පත් කළ කුරිරු, බියකරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර වසර 13ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු ‘ජාතික රණවිරු සැමරුම් උත්සවය’ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අබියස දී චාම් හා අභිමානවත් අයුරින් අද (19) පෙරවරුවේ පැවැත්විණි. 19 May 2022
ඉමක් කොනක් නැති තෙල් පෝලිම් රට පුරා රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟයත් සමඟ කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවල ප්‍රධාන මාර්ගවල එක තීරුවක් සම්පූර්ණයෙන්ම වැසෙන සේ වාහන ගාල්කරමින් ජනතාව ඉන්ධන පෝලිම්වල රැදී සිටීම නිසා අද (18) පස්වරුව වන විට මාර්ග තදබදයක් නිර්මාණය වී තිබුණි. 18 May 2022
සනත් - මිලාන් අධිකරණයට කොල්ලුපිටිය සහ ගාලු මුවදොර නිර්පාෂිකයන්ට උද්ඝෝෂකයන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය සනත් නිශාන්ත සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මිලාන් ජයතිලක අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රැගෙන එනු ලැබීය. 18 May 2022
කොළඹ පාරවල් රැසක් අවහිර වෙයි ඉන්ධන ඉල්ලා සුගතදාස ක්‍රීඩාංගණය අසල, කොළඹ මීගමු මාර්ගය සහ බොරැල්ල මරදාන පාර, ආනන්ද විද්‍යාලය අසලින් මාර්ග අවහිර කරමින් පිරිසක් විරෝධතාවක නිරත වීම හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව පොලිසිය පවසයි. 18 May 2022
පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම වහයි දියත උයන අසල පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා ඇති බව පොලිසිය පවසයි. 17 May 2022
‘‘අරගලයට පහරදුන් මැරයන් අල්ලනු‘‘ ගාලුමුදොර අරගලයට පහර දීමට මුල් වු මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිස සතියක් ඇතුළත අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිස්පතිවරයාට බලකරමින් සහ සමාජවාදී තරුණ සංගමය පාගමනින් පොලිස්පතිවරයාට ලිපියක් බාර දීමට පොලිස් මුලස්ථානයට අසලට පැමිණීම හේතුවෙන් පොලිස් මුලස්ථානය ඉදිරිපිට අද (16) උණුසුම් තත්ත්වයක් හටගත්හ. 16 May 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026