IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සැඟවූ ගෑස් සිලින්ඩර් 586 ක් අ‘පුර වී ගබඩාවකින් මතුවෙයි

(උපුල් හේරත් සහ බී.ජී. චතුරංග)

අනුරාධපුරය නගරයේ ලාෆ් ගෑස් බෙදා හරිනු අලෙවි ආයතනයකට අයත් ගබඩාවක සඟවා තිබූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 586 ක සිය බාරයට ගෙන තිබූ ගෙන පාරිභෝගිකයනට ලබා දුන් බව  පාරිභෝගික අධිකාරිය පවසයි.

එම ගෑස් තොගය අතර සඟවා තබා තිබූ ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩර පන්සිය හතළිහක ප්‍රමාණයක් සහ කර්මාන්ත සඳහා භාවිතා කරන ගෑස් සිලින්ඩර පනස් හතරක ප්‍රමාණයක් හමුවූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.

අනුරාධපුර පුල්ලයාර හන්දිය,සාලිය මාවත ප්‍රදේශයේ ලාෆ් ගෑස් නියෝජිතයාට අයත් හාල් මෝලක ගබඩා පරිශ්‍රයක තිබියදී මෙම ගෑස් සිලින්ඩර තොගය අත්අඩංගුවට ගනු ලැබුණි.

ඒ අනුව එම ගෑස් සිලින්ඩර තොගය පාරිභෝගික කටයුතු අධිකාරියේ භාරයට ගෙන නිසි ආකාරයෙන් පාරිභෝගික ජනතාවට බෙදා හැරීමේ කටයුතු සිදු කිරීම සඳහා නියෝජිතයාගේ ප්‍රධාන ගෑස් බෙදා හැරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබීය. එහිදී එම ස්ථානයට පැමිණි පාරිභෝගික ජනතාවට එම ගෑස් සිලින්ඩර තොගය බෙදා හැරීමට මෙහිදී කටයුතු කෙරිණි.



අදහස් (1)

සැඟවූ ගෑස් සිලින්ඩර් 586 ක් අ‘පුර වී ගබඩාවකින් මතුවෙයි

පුරවැසියා.... Monday, 13 June 2022 09:17 AM

මෙවන් අවස්ථාවක මෙවැනි අමන වැඩකරන අමනයින් වෙනුවෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට අමතරව මොහුගේ ගෑස් ඒජන්සියද අහෝසි කිරීමට පියවර ගත යුතුයි.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site