අරගලයට දින 100 යි:පාඨය වෙනස් වෙයි ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින අර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් ඉල්ලා නිර්පාක්ෂික අරගලකරුවන් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය කේන්ද්‍රකරගනිමින් පසුගිය අප්‍රේල් මස 9 වැනිදා ආරම්භ වූ අරගලය අද (17) දින 100 සම්පූර්ණ කළේය. 17 July 2022
පොලොන්නරුවේ රෝහල් කටයුතු නවතී පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් 16 වන දින පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ රෝහල් සියල්ලේම ඉන්ධන ලැබෙන තෙක් හදිසි රෝගීන් සදහා පමණක් ප්‍රතිකාර කිරීමට සෞඛය අංශ කටයුතු කර ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.ඒස් කුමාරවංශ මහතා කියයි. 17 July 2022
පාර්ලිමේන්තුව අවට දැඩි සෝදිසියක් පාර්ලිමේන්තුව අද උදේ 10.00ට රැස්වීමට නියමිතව ඇති හෙයින් ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත. 16 July 2022
පා ගමනින් දනට වඩින මහා සඟරුවන ප්‍රවාහන පහසුකම් අඩාල වීම නිසා මනම්පිටිය ශ්‍රී සුවිසුද්ධාරාමාධිපති අලුත්වැවේ සේනාලංකාර නාහිමියන් තම විහාරස්ථානයේ වැඩවාසය කරන සාමණේර භික්ෂූන් වහන්සේලා සමග සිව්පස් නමක් 15 වෙනිදා කිලෝමීටර කිහිපයක් දුර දානමය කටයුත්තක් සදහා පාගමනින් වැඩම කළ ආකාරය ලංකාදීප කැමරාවේ සටහන් වුයේ මේ අයුරුණි. 15 July 2022
තුවාලකරුවන් බලන්න වැඩබලන ජනපති හමුදා රෝහලට යයි බත්තරමුල්ල පාර්ලිමේන්තු පිවිසුම අසල පොල්දූව මංසන්ධියේ දී ඉකුත් 13 වැනිදා ඇතිවූ නොසන්සුන්තාව යේදී තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද යුද හමුදා රෝහලට ගියේ ය. 15 July 2022
තුවාලකරුවන් බලන්න ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදා රෝහලට යයි පාර්ලිමේන්තු මාර්ගය පොල්දූව හන්දිය අසල දී අරගලකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ යුද හමුදා සාමාජිකයන්ගේ සුවදුක් සොයා බැලිමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා රෝහලට අද සවස ගියේය. 14 July 2022
කොළඹ අවට ආරක්ෂාව තර කරයි කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල සිය දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මත කර ඇත. 14 July 2022
පාර්ලිමේන්තුව අසළත් කඳුළු ගෑස් ප්‍රහාරයක් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ විරෝධතාවක නිතරව සිටින පිරිසකට පොලිසිය මීට සුළු මොහොතකට පෙර කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තා වේ. 13 July 2022
අරගලකරුවෝ අගමැති කාර්යාලය ඇතුළු වෙති කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට අරගලකරුවන් ඇතුළු වී ඇතැයි වාර්තා වේ. 13 July 2022
අරලියගහ මැදුරත් වනසති:තැන තැන ගුල් හාරති අරලියගහ මන්දිරයේ මාධ්‍ය අංශයේ තිබූ උපකරණ සොරාගෙන ගොස් ඇතැයි අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ. 12 July 2022
රජ මැඳුර වනසති ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය මහ ජනතාවට නැරඹීම සඳහා විවෘත කිරීමෙන් පසු ඒවා නැරඹීමට පැමිණෙන පිරිස් ඒවායේ ඇති පෞරාණික වස්තූන්ට මෙන්ම ගෘහ භාණ්ඩ ආදියට හානි කර තිබෙනු ද දක්නට ලැබිණි. 11 July 2022
ජනපති මැදුර බලන්න සිවු දෙසින් ජන ගඟක් ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය මහ ජනතාවට නැරඹීම සඳහා විවෘත කිරීමෙන් පසු ඒවා නැරඹීමට විශාල පිරිසක් කොළඹ නගරයට පැමිණෙමින් සිටිති. 11 July 2022
සැකකරුවන් පා ගමනින් බන්ධනාගාරයට බදුල්ල අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් කීපදෙනක අත් මාංචු සහිතව බදුල්ල නගරය ඔස්සේ බදුල්ල බන්ධනාගාරයට රැගෙන යාමට බන්ධනාගාර නිලධාරින්ට සිදුවිය. 11 July 2022
දැවී ගිය අගමැති නිවෙස සුන් බුන් අතර සැරිසර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමෙන් වූ හානිය සියසින් දැක බලා ගැනීමට මාධ්‍යයට අස ඉඩකඩ විවර විය. 10 July 2022
ජනපති මැදුර බලන්න මහා පිරිස් අරගලකරුවන් ඊයේ (9) අත්පත්කරගත් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය තවදුරටත් රැකගැනීමට සහ දැකබලා ගැනීමට ජනතාව අද පෙරවරුවේ සිට විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණෙමින් සිටිති. 10 July 2022
අගමැතිගේ පෞද්ගලික නිවසට ගිනි තබයි විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට කඩා වැදී ගිනි තබා ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. 09 July 2022
දුම්රිය රාක්කය මතින් අරගලයට කොළඹ ජනාධිපති ලේකම්කාර්යලය අසල අරගලයට සහභාගීවිමට ආ පිරිසට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී දැඩි දුෂ්කරතාවයට පත්ව සිටියහ. 09 July 2022
ගාලු කොටු පවුර මත දැවන්ත විරෝධයක් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර අරගලකරුවන් විශාල පිරිසක් ගාලු කොටුව මත දැවන්ත විරෝධතාවක නිතරව සිටිති. 09 July 2022
අරගලයට සහභාගීවීමට මහ ජන ගඟක් කොළඹට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතු බවට බලකරමින් අද (9) කොළඹදී දැවැන්ත විරෝධතාවට සහභාගී වීම සඳහා විශාල ජනකායක් මේ වන විට කොළඹට ඇදෙන බව අප වාර්තා කරුවෝ පවසති. 09 July 2022
බස් නැති දා ගමන ලොරියෙන් නිකවැරටිය ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථද වැඩවැරුමට එක්වීම හේතුවෙන් නිකවැරටිය ප්‍රදේශයේ මගීහු දැඩි පීඩාවට ලක්ව සිටියහ. 08 July 2022
විශ්වවිද්‍යාල ආචාර්යවරුත් සටනට බසිති ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉවත්වන ලෙස බලකරමින් ලබන සෙනසුරාදා (9 වැනිදා) පැවැත්වෙන විරෝධතාවට ජනතාවට ආරාධනා කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පාපැදිවලින් නුගේගොඩ සිට විරෝධතා පෙළපාලියකින් කොළඹ මහජන පුස්තකාලය දක්වා අද (7) පෙරවරුවේ පැමිණියේය. 07 July 2022
එම්.සී. පාළුවට ශ්‍රී ලංකාවේ ප්‍රකට සහ පැරණිතම සුපිරි සාප්පු සංකීර්ණයක් වන ‘මැජෙස්ටික් සිටි’ (එම්.සී.) සාප්පු සංකීර්ණයේ සාප්පුවලින් සියයට 50 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වසා දමා තිබේ. 06 July 2022
කාර්යාල දුම්රියන් 26ක් ධාවනය නොවෙයි සියලු කාර්යාල දුම්රියන් අද දිනයේ ධාවනය කළ නොහැකි බව නියෝජය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි. 06 July 2022
සෙල්ලම් කාරයක් ඉන්ධන පෝලිමේ ත්‍රිකුණාමල ලිංගනගර් අයි.ඕ.සි.ඉන්දනහල අසල පෝලිමට සෙල්ලම් කාරයක් ද අද පැමිණ තිබුණි. 05 July 2022
පරවිදූව පාලමට යළි හානි මේ දිනවල මුහුදේ පවතින සැඩ රල පහර හේතුවෙන් මාතර පරවිදූව උපෝසතාගාරයට පිවිසීම සදහා ඉදි කළ තාවකාලික පාලමට ද හානී සිදු යළි අවධානම් සහගත තත්වයක් ඇති වීම නිසා . එම විහාරස්ථානයට ඇතුළු වීමට නොහැකි වන පරිදි දොරටුව වසා දැමීමට කටයුතු කර ඇත. 04 July 2022
‘‘දරුවන් බඩගින්නේ හඬනවා. දරාගන්න බෑ පියෙක් මහ පාර මැද හඬා වැටෙයි‘‘ ආහාර නොමැතිව කුසගින්නේ තම දරුවන් කිරි ඉල්ලා අඩන අයුරු බලා සිටිය නොහැකි බව පවසමින් 37 හැවිරිදි දෙදරු පියකු හෙම්මාතගම නගරයේ ප්‍රධාන මාර්ගය මධ්‍යයේ නාමපුවරුවක්ද ප්‍රදර්ශනය කරමින් මහ හයියෙන් හඩා වැටෙමින් සිටියදී පොලිසිය සහ ව්‍යාපාරිකයෝ සහ නගරවාසීහු පිරිසක් මැදිහත්ව ඔහුට අවශ්‍ය ආහාර පාන තොගයක් පරිත්‍යාක කළහ. 04 July 2022
රංගන ශිල්පී ජැක්සන්ගේ මෝටර් රථයට වල් අලියකු ගැටෙයි ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර - තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ වල් අලියකුගේ සිරුරේ ගැටීමෙන් ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි තලාව පොලිසිය කියයි. 02 July 2022
ගාල්ල සමුද්‍ර මාවතට මුහුද ගොඩ ගලයි මුහුදු රළ ගොඩ බිමට ගලා ඒම නිසා ගාල්ල සමුද්‍ර මාවත ද වරාය පොලිසිය රේගුව ඇතුලු ඇතුලු ස්ථාන කිහිපයක්ද අද (02) සවස ජලයෙන් යටවිය. 02 July 2022
ඉන්ධන නැතිව පාළුවට ගිය රට පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිවයිනෙහි ප්‍රධාන මාර්ගවල සැලකිය යුතු ප්‍රමාණයකින වාහන ධාවනය නතරවී ඇත. 02 July 2022
පාපැදි ගන්නත් පෝලිම් රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පාපැදි සඳහා ඉල්ලුම අධික ලෙස ඉහළ ගොස් ඇති බව පාපැදි වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති. 30 June 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026