යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාව මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට වරායට සේන්දු විය. 16 August 2022
ඉන්දියන් තෑග්ග කටුනායකට ඉන්දියාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානය අද දහවල් කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණියේය. 15 August 2022
රුහුණු කුමාරි පීලි පනී මාතර සිට මරදාන බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය බූස්ස ප්‍රදේශයේදී පිලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි 15 August 2022
ලෑල්ල කැඩෙද්දී කම්බියේ එල්ලී බේරුණු මවයි - පුතයි හම්බේගමුව කොටවෙහෙරමංකඩ වෙිලි ඔයේ අත්වැල් පාලමෙන් එගොඩ වී පාසලට වෙත ගමන් කළ පුතකු සහ ඔහුගේ මව එහි ලෑල්ලක් කඩාවැටී වේලිඔයට වැටෙන්න ගිය අවස්ථවේ පාලමේ එල්ලී ප්‍රදේශවාසීන්ගේ පිහිටෙන් දිවි බේරාගෙන ඇත. 12 August 2022
පාකිස්ථාන යුද නැව කොළඹ වරායට පාකිස්ථාන නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද නෞකාව නිල සංචාරයක් සදහා අද (12) කොළඹ වරායට සේන්දුවිය. 12 August 2022
කොළඹ මහ නගර සභා භූමියේත් වගාවක් අරඹයි රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට හා ආහාර අර්බුදයට පිළියමක් ලෙස කොළඹ මහ නගර සභාව විසින් නගර සභා භූමියේ ගෙවතු වගාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. 11 August 2022
පේරාදෙණියේ පාලමක් යටින් උණ්ඩ 24ක් මතු වෙයි පේරාදෙණිය ගන්නොරුව පාලම අසල සඟවා තිබූ බව කියන උණ්ඩ 24 ක් සහ හිස් පතරොම් ගැබක් නාවික හමුදාවේ බුද්ධි අංශ මඟින් සොයාගෙන පේරාදෙණිය පොලිසියට බාර දුන් බව නාවික හමුදාව කියයි . 10 August 2022
කතරගම 400ක් ගිනි පාගති කතරගම ඇසළ පෙරහරට සමගාමිව සිදුකරන ගිනි පෑගිමේ උත්සවයට බැතිමත්හු 400ක් පමණ එක්වී සිටියහ. 09 August 2022
ආදිවාසීහු ප්‍රනීත මී පැනිවලින් බුදුන් පුදති මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම රන්දෝලි පෙරහර දින ආදිවාසීන් විසින් තිලෝගුරු බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් සිදුකරනු ලබන ප්‍රනීත වූ මි පැණි පූජාව අද පෙරවරුවේ සිදු කරන ලදී . 07 August 2022
මර්දනයට එරෙහිව නුගේගොඩ රැළියක් ‘‘අරගලය ඉවර නෑ දිනන තුරු හැරෙන්නේ නෑ‘‘ යන තේමාව යටතේ මර්ධනයට, හදිසි නීතියට, ත්‍රස්ත පනතට, පැහැර ගැනීම්වලට එරෙහි විරෝධයක් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. 06 August 2022
ගොදුරක් සොයා ආ කොටියා වතු නිවසක කාමරයට වැටිලා තලවකැලේ, ලිඳුල, ලෝගී වත්තේ කූමුඩ් කොටසේ වතු කම්කරු නිවසක වහලය මතින් කාමරයක් තුළට වැටුණු කඳුකර කොටියකු නිර්වින්දනය කර කැලැයට මුදා හල බව ලිඳුල පොලීසිය පවසයි. 05 August 2022
ගාලු මුදොර කූඩාරම් ඉවත් කර ගනී ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින, අරගලකරුවන්ට හෙට (5) දින සවස 5.00 පෙර ඉවත් වන ලෙසට පොලිසිය කර තිබු නිවේදනය අනුව අරගලකරුවන් එහි කුඩාරම් කිහිපයක් ඉවත් කරගෙන ඇත. 04 August 2022
කතරගම පෙරහරේ පුරාණ චාරිත්‍ර රැසක් ඉටු කරයි කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමිව සිදු කරන පැරණි චාරිත්‍ර රැසක් අද දින සිදු කෙරිණි. 03 August 2022
ජනපති පැමිණේ පාර්ලිමේන්තුවේ නව සභාවාරය නැරඹීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්ප්‍රාප්ත විය. 03 August 2022
ප්‍රථම කුඹල් පෙරහරින් කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කළේය. 03 August 2022
අලුත් සභාවට පාර්ලිමේන්තුවේ ලක ලෑස්තිය නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ පෙරහුරුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පැවැත්විණි. 02 August 2022
මිත්තනියයි - මිණිබිරිය දොලේ ගසා ගෙන යති පොල්පිටිය හිටිගේගම බොකරවැවිල ප්‍රදේශයෙන් ගලා යන කැළණි ගඟේ අතු ඇළ මාර්ගයක් තරණය කිරිමට ගිය මිත්තණියක (60) සහ මිණිබිරියක (05) සැඩ පහරට අසුව ගසාගෙන ගොස් ඇති බව පොල්පිටිය පොලිසිය පවසයි. 01 August 2022
යාලේ මැද පරණ තොටුපොළ අරී රුහුණු යාල ජාතික වනෝද්‍යානයේ වන ජීවීන් නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට නවාතැන් ගැනීමේ පහසුකම් සලසමින් පරණ තොටුපොල නිවාඩු නිකේතනය වනජීවී හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කෙරිණි. 31 July 2022
පාද යාත්‍රාවට නාවික හමුදාවෙන් පහසුකම් යාපනය සිට කතරගම පාද යාත්‍රාවට සහභාගි වන බැතිමතුන්ට කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය පහසුකම් සැලසීමට නාවික හමුදාව අවශ්‍ය පහසුකම් ලබාදීමට ඉදිරිවත් ව සිටියි. 31 July 2022
දේශපාලුවෝ දෙවන පෑ තිස් රජුගේ බුලංකුලමත් විකුණති දෙවැනි පෑතිස් රජතූමා ඉදිකල බුලංකුලම වැවේ වාන ප්‍රදේශීය දේශපාලකයන් තම හෙයියංචලාට විකූණා ඇතැයි මිහින්තලේ රජමහා විහාරාධිපති වලවා හැංගූනවැවෙි ධමිමරතන හිමියෝ චෝදනා කරති. 28 July 2022
විදුලිය කැපුවාහම මැදිරිගිරිය රෝහලේ වැඩට ඉටිපන්දම් පිහිට මැදිරිගිරිය මූලික රෝහලේ විදුලි උප්පාදන යන්ත්‍රයට අවශ්‍ය ඉන්ධන නොලැබීම හේතුවෙන් විදුලි විසන්ධි වන අවස්ථාවලට රෝහලේ වැඩ කටයුතුවලට දැඩි බාධා එල්ල වන බව රෝහල් ආරංචි මාර්ග කියයි. 27 July 2022
කලබලයක් නැතිව ඉන්ධන බෙදන තැනක් මනම්පිටිය ඉන්ධනහලට ලැබෙන ඉන්ධන රියදුරු සංගමය, ත්‍රීරෝද සංගමය සහ මනම්පිටිය ඉන්ධන පිරවුම්හලේ සේවකයන් එක්ව පොලිසියේද මැදිහත්වීම මත සියලු දෙනාට සාධාරණව ඉන්ධන බෙදා හැරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වෙයි. 26 July 2022
අපේ ගුවන් හපන්නු එතෙරත් වැඩ පෙන්නයි මාධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව රාජකාරියේ නිරතව සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය මාධ්‍යම අප්‍රිකානු ජනරජයේ සන්නද්ධ හමුදාවට එරට ක්‍රියාත්මක කැරළිකාර කණ්ඩායමක් කළ ප්‍රහාරයක් සාර්ථකව වැලැක්වීමට දුන් සක්‍රිය දායකත්වය එරට සාමසාධක හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඩැනියෙල් සිඩ්කි ට්‍රෝරේ මහතා ඇගයීමට ලක්කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. 24 July 2022
ආරක්ෂක ලේකම් ත්‍රීකුණාමලය රණවිරු ස්මාරකයට උපහාර පුදකරයි යුද්ධයේදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක් ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ පැවැත්විණි. 23 July 2022
කැබිනට් ඇමැතිවරු18ක් දිවුරති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම දීම මේ වන විට ආරම්බ කර තිබෙනවා. 22 July 2022
දිනේෂ් අගමැති ධූරයේ දිවුරුම් දෙයි නව රජයේ අග්‍රාමාත්‍ය වරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දැන් දිවුරුම් දුන්නේය. 22 July 2022
පාර්ලිමේන්තුවට ආරක්ෂාව දුන් හමුදාව-පොලිසිය අතරට ජනපති යයි පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක හමුදාව සහ පොලිසිය හමුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පස්වරුවේ ඔවුන්ට ස්තුතිය පළ කළේය. 20 July 2022
පාර්ලිමේන්තුව අවට දැඩි මුරකාවල් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා යුද හමුදා විශේෂ බලකාය ද කැඳවා තිබිණි. 19 July 2022
කාර්-දුම්රිය ගැටී ගැබිණියක් සහ දැරියක් මරුට: හතරක් රෝහලට ගාල්ල මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇගවිමේ සංඥා දැල්වෙමින් තිබියදි මෝටර් රථයක් දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කරවීමට උත්සහ කිරීමේදී දුම්රියේ ගැටිමෙන් මෝටර් රථයේ ගමන්ගත් හත් හැවිරිදි දැරියක් සහ ගැබනි මවක් මියගොස් පස් දෙනකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ගාල්ල වරාය පොලිසිය පවසයි. 18 July 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026