IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


කලබලයක් නැතිව ඉන්ධන බෙදන තැනක්

(නිමල් ජයරත්න)

මනම්පිටිය ඉන්ධනහලට ලැබෙන ඉන්ධන රියදුරු සංගමය, ත්‍රීරෝද සංගමය සහ මනම්පිටිය ඉන්ධන පිරවුම්හලේ සේවකයන් එක්ව පොලිසියේද මැදිහත්වීම මත  සියලු දෙනාට  සාධාරණව  ඉන්ධන බෙදා හැරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වෙයි.

ම්නම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා සහ එම පොලිස් නිලධාරීන් එක්ව 25 වෙනිදා රාත්‍රි 9:30 ට මනම්පිටිය ඉන්ධන පිරවුම්හලට ගෙනා පෙට්‍රල් ලීටර් හයදාස් හයසියක ප්‍රමාණයක් ලැබුණු අතර අඛණ්ඩව, අදාළ පෝලිමේ සිටි සියලු යතුරු පැදි, ත්‍රීරෝද රථ මෙන්ම කාර් රථවල්ට ලබාදීම අතර මෙහිදී ගැබිනි මව්වරුන්ට. විවිධ රෝගීන් රැගෙන යන පෙට්ටල් වාහනවලට සහ විශේෂ අත්‍යවශ්‍ය ආයතනවලට මෙන්ම පුද්ගලයන්ට පෝලිමේ නොසිට පහසුවෙන් ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේදයක්ද සකසා තිබිණි.

මනම්පිටිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට යකඩ ගේට්ටු වැටක්ද සවිකර තිබෙන අත‍ර ඉන් එක් වාරයකදී යතුරු පැදී පහක්. ත්‍රීරෝද රථ තුනක් සහ මෝටර් රථ දෙකක් ඉන්ධන පිරවුම්හලට ඇතුළත් කරගෙන ඉන් ලබාදීම සිදු කෙරේ.

දෛනිකව පැමිණෙනෙ ඩීසල් සහ පෙට්රල් තොගය ඉන්ධන පෝලිම අවසන් වනතුරු ලබාදීමට මනම්පිටිය පොලිසිය ඉන්ධන හලේ සේවකයන් මෙන්ම ලොරි රථ රියදුරු සංගමයත්, සිදු කරන කැපකිරීම් පෝලිමේ නිරත පිරිස් අගය කරති.

කිව්.ආර්.කේත ක්‍රමය අනුව මනම්පිටිය ඉන්ධන පිරවුම්හලේ 25 වෙනිදා සිට ඉන්ධන ලබා දුන්නද මධ්‍යම රාත්‍රි 12 න් පසු පැයකට පමණ ආසන්න කාලයක් කිව්.ආර්. ක්‍රමයේ ඇති වූ දෝෂයක් නිසා ඉන්ධන බෙදාහැරීම්ට බාධා ඇති වූ අතර එහිදී ඉන්ධන හලේ සේවකයින් මෙන්ම පොලිසිය මැදිහත්වී පෝලිමේ නිරත පිරිස්ට අපහසුවක් නොවන අයුරින් උදෑසන 7:00 දක්වාම අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටයුතු කිරීම විශේෂත්වයකි.

මනම්පිටිය සහ සෙවනපිටිය ඉන්ධන පිරවුම්හල අසල සහ ඉදිරිපිට දිවා, මෙන්ම, රාත්‍රී කාලයේ සැරිසරන බීමත්ව පුද්ගලයන් ඉන්ධන බෙදා හැරීමට පෙර පොලිසිය, ලොරි රථ රියදුරන් එක්ව ඉවත් කර අනතුරුව ඉන්ධන බෙදාහැරීම් කටයුතු සාර්ථක කර ගැනීමට එක් අවස්ථාවක් බවද සංගමය සංගමය සඳහන් කරයි.

පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන්ට, පොලොන්නරුව අධිකරණයේ නීතීඥවරුන්, මනම්පිටිය වනජීවි කාර්යාලයේ වනජීවී නිලධාරීන්ට මෙන්ම විශේෂ ආරක්ෂක අංශවලටත්, විදුහල්පතිවරුන්  ගුරුවරුන් ඇතුළු පිරිස විශේෂ අවධානය යොමු කරමින් ඔවුන් පෝලිමේ නොතියා ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබා දීමද මනම්පිටිය පොලිසිය මගින් සිදු කිරීම එම රාජ්‍ය ආයතන වල නිලධාරීන්ගේ පැසසීමට ලක් ව තිබේ.

 



අදහස් (4)

කලබලයක් නැතිව ඉන්ධන බෙදන තැනක්

Pradeep Kumara Tuesday, 26 July 2022 04:50 PM

බඩල්ගම පොලිසියේ නිලධාරීන්ට සහ ප්‍රදේශයේ "අයියලාට" මේ පුවත පෙනේවා..!

:       0       21

Ruwanthie Wednesday, 27 July 2022 06:18 AM

අපි මීගමුවේ සති 3ක් තිස්සේ රස්තියාදු වෙනවා තාම තෙල් ලැබුණේ නෑ හොරු සහ පොලිසියේ නින්දා සහගත ක්‍රියා කලාපය නිසා අපේ ගම් පළාත් වලට මේ වගේ හොඳ දෙයක් කියන්නේ හිනයක්!! එච්චරටම දූෂිත නගරයක් අසරණ මිනිස්සු තවත් පීඩාවට පත් වෙලා! තෙල් ආපු ගමන් පුළුවන් අයයි පොලිසියේ බහුතරයකුයි ඉක්මනින් තෙල් ටික ගන්නවා ඇත්තටම ගොඩක් වටිනවා

:       0       9

Bunny Preena Wednesday, 27 July 2022 08:57 AM

විනය ගරුකව සහ හොද හික්මීමකින් යුක්තව කටයුතු කරන මනම්පිටිය ජනතාව, පොලිසිය සහ සෙසු නිලදරින්ගෙ මෙම ක්‍රියා කලාපයන් අනෙකුත් පෙදෙේවල කලහකරි ලෙස හෙසිරෙන ජනතාවට ආදර්ශයක්ම වෙවා වෙවා !!

:       0       12

Prasheen Wednesday, 27 July 2022 11:37 AM

රැල්ලක් විය යුතු දෙයක්....

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දුනීසියාවේ සිට වෙසක් බලන්න ඇවිත්
2025 මැයි මස 11 29 0

ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත


පළාත් රැසකට තද වැසි
2025 මැයි මස 11 10 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව


කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 1172 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 192 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 553 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 764 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 359 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site