
(නිමල් ජයරත්න)
මනම්පිටිය ඉන්ධනහලට ලැබෙන ඉන්ධන රියදුරු සංගමය, ත්‍රීරෝද සංගමය සහ මනම්පිටිය ඉන්ධන පිරවුම්හලේ සේවකයන් එක්ව පොලිසියේද මැදිහත්වීම මත සියලු දෙනාට සාධාරණව ඉන්ධන බෙදා හැරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වෙයි.
ම්නම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා සහ එම පොලිස් නිලධාරීන් එක්ව 25 වෙනිදා රාත්‍රි 9:30 ට මනම්පිටිය ඉන්ධන පිරවුම්හලට ගෙනා පෙට්‍රල් ලීටර් හයදාස් හයසියක ප්‍රමාණයක් ලැබුණු අතර අඛණ්ඩව, අදාළ පෝලිමේ සිටි සියලු යතුරු පැදි, ත්‍රීරෝද රථ මෙන්ම කාර් රථවල්ට ලබාදීම අතර මෙහිදී ගැබිනි මව්වරුන්ට. විවිධ රෝගීන් රැගෙන යන පෙට්ටල් වාහනවලට සහ විශේෂ අත්‍යවශ්‍ය ආයතනවලට මෙන්ම පුද්ගලයන්ට පෝලිමේ නොසිට පහසුවෙන් ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේදයක්ද සකසා තිබිණි.
මනම්පිටිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට යකඩ ගේට්ටු වැටක්ද සවිකර තිබෙන අතර ඉන් එක් වාරයකදී යතුරු පැදී පහක්. ත්‍රීරෝද රථ තුනක් සහ මෝටර් රථ දෙකක් ඉන්ධන පිරවුම්හලට ඇතුළත් කරගෙන ඉන් ලබාදීම සිදු කෙරේ.
දෛනිකව පැමිණෙනෙ ඩීසල් සහ පෙට්රල් තොගය ඉන්ධන පෝලිම අවසන් වනතුරු ලබාදීමට මනම්පිටිය පොලිසිය ඉන්ධන හලේ සේවකයන් මෙන්ම ලොරි රථ රියදුරු සංගමයත්, සිදු කරන කැපකිරීම් පෝලිමේ නිරත පිරිස් අගය කරති.
කිව්.ආර්.කේත ක්‍රමය අනුව මනම්පිටිය ඉන්ධන පිරවුම්හලේ 25 වෙනිදා සිට ඉන්ධන ලබා දුන්නද මධ්‍යම රාත්‍රි 12 න් පසු පැයකට පමණ ආසන්න කාලයක් කිව්.ආර්. ක්‍රමයේ ඇති වූ දෝෂයක් නිසා ඉන්ධන බෙදාහැරීම්ට බාධා ඇති වූ අතර එහිදී ඉන්ධන හලේ සේවකයින් මෙන්ම පොලිසිය මැදිහත්වී පෝලිමේ නිරත පිරිස්ට අපහසුවක් නොවන අයුරින් උදෑසන 7:00 දක්වාම අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටයුතු කිරීම විශේෂත්වයකි.
මනම්පිටිය සහ සෙවනපිටිය ඉන්ධන පිරවුම්හල අසල සහ ඉදිරිපිට දිවා, මෙන්ම, රාත්‍රී කාලයේ සැරිසරන බීමත්ව පුද්ගලයන් ඉන්ධන බෙදා හැරීමට පෙර පොලිසිය, ලොරි රථ රියදුරන් එක්ව ඉවත් කර අනතුරුව ඉන්ධන බෙදාහැරීම් කටයුතු සාර්ථක කර ගැනීමට එක් අවස්ථාවක් බවද සංගමය සංගමය සඳහන් කරයි.
පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන්ට, පොලොන්නරුව අධිකරණයේ නීතීඥවරුන්, මනම්පිටිය වනජීවි කාර්යාලයේ වනජීවී නිලධාරීන්ට මෙන්ම විශේෂ ආරක්ෂක අංශවලටත්, විදුහල්පතිවරුන් ගුරුවරුන් ඇතුළු පිරිස විශේෂ අවධානය යොමු කරමින් ඔවුන් පෝලිමේ නොතියා ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබා දීමද මනම්පිටිය පොලිසිය මගින් සිදු කිරීම එම රාජ්‍ය ආයතන වල නිලධාරීන්ගේ පැසසීමට ලක් ව තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩල්ගම පොලිසියේ නිලධාරීන්ට සහ ප්‍රදේශයේ "අයියලාට" මේ පුවත පෙනේවා..!
අපි මීගමුවේ සති 3ක් තිස්සේ රස්තියාදු වෙනවා තාම තෙල් ලැබුණේ නෑ හොරු සහ පොලිසියේ නින්දා සහගත ක්‍රියා කලාපය නිසා අපේ ගම් පළාත් වලට මේ වගේ හොඳ දෙයක් කියන්නේ හිනයක්!! එච්චරටම දූෂිත නගරයක් අසරණ මිනිස්සු තවත් පීඩාවට පත් වෙලා! තෙල් ආපු ගමන් පුළුවන් අයයි පොලිසියේ බහුතරයකුයි ඉක්මනින් තෙල් ටික ගන්නවා ඇත්තටම ගොඩක් වටිනවා
විනය ගරුකව සහ හොද හික්මීමකින් යුක්තව කටයුතු කරන මනම්පිටිය ජනතාව, පොලිසිය සහ සෙසු නිලදරින්ගෙ මෙම ක්‍රියා කලාපයන් අනෙකුත් පෙදෙේවල කලහකරි ලෙස හෙසිරෙන ජනතාවට ආදර්ශයක්ම වෙවා වෙවා !!
රැල්ලක් විය යුතු දෙයක්....