IMG-LOGO

ආරක්‍ෂක ලේකම් ත්‍රීකුණාමලය රණවිරු ස්මාරකයට උපහාර පුදකරයි

(යොහාන් භාසුර)

යුද්ධයේදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක් ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න‍ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ පැවැත්විණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

මියගිය රණවිරුවන් අනුස්මරණය කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ නාවික හමුදාධිපති විසින් රණවිරු ස්මාරකය අභියස මල් කළඹ තබා එහිදී උපහාර පිරිනැමූහ.

නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න මහතා විසින් මෙම රණවිරු අනුස්මරණ වැඩසටහන සංවිධානය කරන ලදි.

 



අදහස් (13)

ආරක්‍ෂක ලේකම් ත්‍රීකුණාමලය රණවිරු ස්මාරකයට උපහාර පුදකරයි

P. Ilangaratne Saturday, 23 July 2022 05:40 PM

ඕව කරලා පව් හෝදන්න බැහැ මහත්තයෝ.

:       176       40

B-4-2009Saturday, 23 July 2022 06:59 PM

ඔයා හිටියේ අම්මගෙ බඩේද ඒ දවස්වල? අහලා දැනගන්න. කොච්චර රෞද්‍ර යුගයක්ද ඒ කාලේ කියලා..!

:       20       134

P IlangaratneSunday, 24 July 2022 01:44 PM

දැන්නම් හරිම සාමකාමීයි. ඔයා දැන් ඉන්නේ කමල්ගේ ඇඳ යටද?

:       9       1

BTSunday, 24 July 2022 03:03 PM

මෙරට ඉතිහාසය පුරාම අපගේ හමුදාවන් යුද වැදුණේ සතුරන්ගෙන් රට ආරක්ෂා කිරීමට මිස, අමු-අමුවේ මිනී මැරීමට නොවේ. ඔබ වැන්නවුන් හැර, සාමකාමී, නිවහල් රටක ජීවත් වීම අගයන සියලු ලාංකිකයින් මෙරට ඒකීයභාවය රැකදීමට දිවි පිදූවන් සිහි කරනුයේ කළගුණ දන්නා අය බැවිනි...

:       2       13

ලුම්බිණි Saturday, 23 July 2022 05:46 PM

බොරු වැඩ...!

:       137       33

JayasekaraMonday, 25 July 2022 12:39 PM

ඔබලා අද ජීවතුන් අතර ඉන්නේ ඔය මියගිය අය ජීවිත පරදුවට තියලා කරපු බොරු වැඩ නිසා.. අනේ යන්න. කෙළෙහි ගුණයක් නෑ.

:       1       8

Raja Saturday, 23 July 2022 06:03 PM

මේ වැඩේ දැන්ද මෙයාට මතක් වුනේ? ඔය වැඩවලට රටේ තියෙන සල්ලි පොඩ්ඩ වියදම් කරන් නැතිව වැදගත් වැඩක් කරන්න... ඔය වැඩ හොඳයි ගැලරියට...!

:       74       41

chithral Saturday, 23 July 2022 09:51 PM

මේ ආරක්ෂක ලේකම් කොටින්ට කෙසේවෙතත් ඉස්කෝලේ යන ළමයෙකුට දවසක් ගහන්න ගිහින් එදා රෑ මදි නොකියන්න ගුටි කෑවා...

:       4       3

fairoos Sunday, 24 July 2022 12:56 PM

ගෝඨාත් එක්කම මෙයත් එවන්න තිබ්බේ...!

:       10       3

BTSunday, 24 July 2022 03:29 PM

එතුමා එක්ක ඔබතුමාට තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා කියන්නකෝ බලන්න...

:       2       5

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 24 July 2022 01:45 PM

රාජපක්ෂලා බලයෙන් මාරුවුණා කියා මෙතුමාගේ තනතුරේ කිසි වෙනසක් සිදුවෙලා නැහැ. රටේ ජනතාව ඝෝඨාභය එපා කියා අරගල කරද්දී බලයේ රැඳී නොසිට ඔහුට ඉවත්වීමට උපදෙස් දුන්නා නම්, රට මේ තරම් ව්‍යාකූලත්වයක් ගන්නේ නැහැ. එදා අරලියගහ මන්දිරයෙන් ඇරඹුණු මැර ප්‍රහාරය මෙල්ල කිරීමට කටයුතු කළා නම්, රටේ මේ තරම් ව්‍යවසනයක් වෙන්නේ නැහැ. දේශබන්දුලා ඇතුළු අය නීතිය අතටගෙන කටයුතු කරනා විට රටේ ආරක්ෂක ලේකම් කළේ කුමක්දැයි යන්න කෙනෙකුට සැක සිතෙන්නට පුළුවන. ඒත් අපේ රටේ ජනතාව හා තරුණ කැළ ගැන, ඔවුන්ගේ ප්‍රශ්න ගැන මින් ඉදිරියට හෝ අනුකම්පාවෙන් බැලීම රටේ ආරක්ෂක ලේකම්වරයාගේ යුතුකම හා වගකීම බව පවසනු කැමැත්තෙමු....

:       0       7

BTSunday, 24 July 2022 07:22 PM

ආරක්ෂක අමාත්‍ය ධූරය දැරූ, මහජන ඡන්දයෙන් පත් වූ විධායක ජනාධිපතිට ඉල්ලා අස්වෙන්න යයි ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් දිය හැකිද? පෞද්ගලික මට්ටමින් හෝ එසේ උපදෙස් දුන්නාදැයි නොදැන, නොදන්නා දේවල් පිළිබඳව ලිවීමෙන් රටට වන සෙත කුමක්ද?

:       4       4

BT Monday, 25 July 2022 10:22 AM

ආරක්ෂක අමාත්‍ය ධුරය දැරූ, මහජන ඡන්දයෙන් පත් වූ විධායක ජනාධිපතිට ඉවත්වෙන්න යයි ආරක්ෂක ලේකම්ට උපදෙස් දිය හැකිද? පෞද්ගලික මට්ටමින් හෝ එසේ උපදෙස් දුන්නාදැයි අප දන්නවද? අරලියගහ මන්දිරය අවට ඇති වූ තත්වයට අදාළ උපදෙස් සහ නියෝග දීම බාරව සිටියේ මහජන ආරක්ෂක ලේකම් බවත්, ඔහු කලහකාරී පිරිසට එරෙහිව ක්‍රියා කිරීමට අවසර පැතූ පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම බැහැර කළ බවත් වාර්තා කර තිබුණි. අරගලකරුවන්ට සති, මාස ගණන් අරගල කරමින් කාලය නාස්ති කිරීමට හැකිවූයේ මෙරට ත්‍රිවිධ හමුදාව සහ ඒවාට අණදෙන අය සානුකම්පිත පිරිසක් බැවිනි.

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 17 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site