
(යොහාන් භාසුර)
මාධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව රාජකාරියේ නිරතව සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය මාධ්‍යම අප්‍රිකානු ජනරජයේ සන්නද්ධ හමුදාවට එරට ක්‍රියාත්මක කැරළිකාර කණ්ඩායමක් කළ ප්‍රහාරයක් සාර්ථකව වැලැක්වීමට දුන් සක්‍රිය දායකත්වය එරට සාමසාධක හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඩැනියෙල් සිඩ්කි ට්‍රෝරේ මහතා ඇගයීමට ලක්කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය හෙලිකොප්ටර් දෙකක් යොදාගනිමින් ගොඩබිම් මෙහෙයුම් භටයන්ට සහයෝගය ලබාදෙමින් සාර්ථක ප්‍රහාරයක් එල්ල කළ බවත් එම ප්‍රහාරයෙන් කැරළිකරුවන් පළවා හරිමින් ප්‍රදේශයේ බලය මාධ්‍යම අප්‍රිකානු ජනරජ හමුදාව අතට පත්වූ බවත් ගුවන් හමුදාව පවසයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිවලට භට කණ්ඩායම් යෙදවීමෙන් මේ දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් පමණ රටට ලබාදී ඇති බව ද ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ ගෲප් තපිතාන් දුෂාන් විජේසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගුවන් හපන්නු එතෙරත් වැඩ පෙන්නයි.. අපේ අරගල හපන්නු එතෙර සංචාරිකයින්ට වැඩ පෙන්නලා... සංචාරක හෝටල් හාන්සියි..!
මෙවැනි ගෞරවාන්විත, දක්ෂ ත්‍රිවිධ හමුදාවන්ට තමයි පහුගිය කාලයේ නිවට, නියාලු බාල මිනිසුන් අගෞරව කළේ... ත්‍රස්තවාදය මුළුමනින්ම තුරන්කළ අපේ හමුදාවන් කවදත් රටට ආඩම්බරයක්... කළගුණ නොදත් අසත්පුරුෂයින් නිගරු කරන්නේ ඔවුන්ගේ පහත් බව පෙන්වන්න...
රටේම ජනතාව හොය හොයා හිටි කෙනෙක් මාලදිවයිනට එක්කරගෙන ගිහින් ලිස්සා යන්න දුන්නෙත් මේ අයම තමයි.
මෙහිදි නම් වැඩ පෙන්නුවේ අහසෙ නෙවෙයි. මහපොළවේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට තඩිබාලා. ඒකටත් කවුරුහරි සම්මානයක් දෙන්නේ නැද්ද?
අපේ හපන්නු එතෙර විතරක් නෙවෙයි.. මෙහෙත් වැඩ පෙන්නනවා...
රටම හොරාකාපු නන්දසේනට පැනලා යන්න කීයක් වියදම් වුණාද?
එහෙ විතරක් නෙවෙයි... ලංකාවෙත් වැඩ පෙන්වූ මිනිස්සුන්ව ඇදගෙන ගිහින්...
හොඳට වැඩ පෙන්නුව ගෝල් ෆේස් ඒකේ , ගොඩ බිමෙන් අතින් පයෙන් ගෝට ගම යාලුවන්ට සහ ලෝයර්ල ගෙ තට්ටෙ ඉදිමෙන්න, ඉතින් අපෙ ගුවන් හපන්නු නියමයි නේද........ නිරායුද මිනිසුන්ට ඇටෑක් කරන එක ලොකු හපන් කමක් නේද?