IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


දේශපාලුවෝ දෙවන පෑ තිස් රජුගේ බුලංකුලමත් විකුණති

(උපුල් හේරත්)

දෙවැනි පෑතිස් රජතූමා විසින් ඉදිකල බුලංකූලම වැවේ වාන ප්‍රදේශීය දේශපාලකයන් තම හෙයියංචලාට විකූණා ඇතැයි මිහින්තලේ රජමහා විහාරාධිපති  වලවා හැංගූනවැවෙි ධමිමරතන හිමියෝ චෝදනා කරති.

ඓතිහාසික මිහින්තලා පුදබිමට නුදුරින් පිහිටි මිහින්තලේ නගර මධ්‍යයේ පිහිටි ඒ නවය මාර්ගය අසල බුලංකුලම වැවේ වාන ප්‍රදේශයේ මීට පෙර ඉදි කර ඇති උද්‍යානයක් තුළ තිබු ගස් කීපයක් කපා දමා ඇතැයිද ධම්මරතන හිමියෝ කියති.

පොදු වෙළඳපල අවට ඉඩම් කට්ටි කීපයක ඉදි කිරීම් කර ඇති අයුරු දඑහි ගිය අපට දැක ගැනීමට හැකි විය .

මේ පිළිබඳව අදහස් දක්වන මිහින්තලේ රජ මහා විහාරාධිපති  වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ මෙසේ ද කීහ.

"එදා රජ දවසේ පටන් මිහින්තලේ නගරය පැවැතූනේ සැලසුම් සහිත නගරයක් හැටියටයි.එම නගරය මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ප්‍රභල දේශපාලකයන් සහ ඇතැම් සභිකයන් ගේ ඕනෑ එපාකම් මත ඔවුනගේ හිතවතුන්ට විකුණලා තියෙනවා.  මහ රහතුන් වහන්සේලා  වසම්මලේ කන්දේ වැඩ සිට එදා දහවල් දානයට වැඩම කළේ ද මෙම බුලන්කුලම වැව් බැම්ම මතින්. එවැනි ඓතිහාසික භූමියත් කුඩා කෑලිවලට කඩා විකුණලා අවසන්. ප්‍රාදේශීය සභාවේ ඉන්න නිලධාරීන්,ඇතැම් සභිකයන් හා එහි ප්‍රධානීන් සෘජුවම ඊට වගකිව යුතුයි. වත්මන් ජනාධිපතිවරයාගේ අවධානය සඳහා මෙය සැළ කර සිටින්නේ ඉතාමත්ම සංවේගයකින් මෙන්ම වගකීමෙන්

මිහින්තලේ මිහිඳු ගොවි සංවිධානයේ සභාපති කේ. කීර්තිසේන මහතා මෙසේ සඳහන් කළේය.

බුලන්කුලම වැවේ වාන මත ඉදිකර තිබෙන උද්‍යානය සම්බන්ධයෙන් ගොවි සංවිධානවලට කිසිදු දැනුම් දීමක් කළේ නෑ .ඒ වගේම අනවසර ඉදි කිරීම් සඳහා ඉඩම් කොටස් වෙන් කිරීම ගැන ද අපේ විරෝධය පළ කර සිටිනවා. 

මිහින්තලේ වෙළෙඳ සංගමයේ සාමාජික ඩි.ජි.එස්.ඒ.යාපා මහතා සඳහන් කළේ ඒ නවය මාර්ගයේ හා සති පොළ ප්‍රදේශයේ මාර්ග දෙපස කුඩා ඉඩම් කැබලි විවිධ පුද්ගලයන් අතරේ මුදලට අලෙවි කර ඇති බව දැන ගැනීමට ලැබුණා.එහි කර ඇති ඉදිකිරීම් කිසිදු නීත්‍යානුකූල භාවයක් නෑ.නගරයට නොගැලපෙන ඉදි කිරීම් විශාල ප්‍රමාණයක් එහි තිබෙනවා.මෙම සිද්ධිය පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ලෙස වගකිවයුතු නිලධාරින් ගෙන් ඉල්ලා සිටිනවා යනුවෙන් ඔහු පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳව ප්‍රාදේශිය සභාවේ සභාපති ලාල් සෙනවිරත්න මහතා සමග දුරකථනයෙන් කළ විමසීමකදී කියා සිටියේ මෙවැනි අදහසකි .

ඔය කියන තරමට අකටයුත්තක් සිද්ධ වෙලා නැහැ .එක ගහක් කපලා තියෙනවා,ඒකත් වටිනාකමක් නැති නිතූල් ගහක් යනුවෙන් ඔහු සඳහන් කළේය.

උතුරු මැද පළාත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ඩබි.සෝමරත්න මහතා මෙසේ කීය.

එම ඉදි කිරීම් සඳහා කමිටු තීරණයක් අරගෙන නැහැ .තවත් එක් ස්ථානයක ගස් තුනක් කපා තිබෙනවා .නීතිමය පියවර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් හා ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා දැනුවත් කළ ලිපි යොමු කර තිබෙනවා.



අදහස් (12)

දේශපාලුවෝ දෙවන පෑ තිස් රජුගේ බුලංකුලමත් විකුණති

ලුම්බිණි Friday, 29 July 2022 04:42 AM

දේශපාලුවන් කවද්ද හොඳ දෙයක් කළේ? හැමදාම කලේ රට විනාශ කරමින් ඒ අය හැදුණු එක...

:       0       34

hemantha kumara Friday, 29 July 2022 06:56 AM

ඔහොම තමයි රට කරවන්න ගියාම.රටේ සම්පත් විකුනන්න වෙනවා.

:       23       7

නීතියේ ආධිපත්‍යය Friday, 29 July 2022 06:56 AM

අප රටේ දේශපාලකයන් කියා හිගන්නන් සහ මංකොල්ලකාරයන් පත් කරලා මොවුන්ට හැමෝම භය වුනාම එහෙම වෙනවා. සංඝ රත්නය හරි තැන හිට ගත්තාම මේ අයට මෙහෙම කරන්න බෑ නේද?

:       1       32

sharm warnFriday, 29 July 2022 03:09 PM

දැන්වත් මතක් වෙනවද? අරගල කරන්න මිනිස්සු කට්ටියක් පාරට ආවේ ඇයි කියලද?

:       6       26

Demuni Uduwara Friday, 29 July 2022 08:17 AM

මේ රටේ නීතියක් තියෙනවද?

:       0       28

Perera Friday, 29 July 2022 10:00 AM

නිදහස ලැබිලා අවුරුදු 100 ක්වත් ගත වෙලා නැහැ. නිදහසේ කොයි හැටි වෙතත් අපිට තිබුණ රටත් නැහැ දැන්.

:       0       27

Athula Friday, 29 July 2022 10:54 AM

ගලවා ඉවත් කල යුතුයි ඉක්මනට. ගෝල්ෆේස් එක ළඟ හිටපු කොල්ලෝ අයින් කළා. බණ්ඩාරනායක පිළිරුවට හානි වෙනවා කියලා. එතකොට මේවා ඓයිතිහාසික වටිනාකම අතින් ඉතාම ඉහළ ස්ථාන.. රනිල්ට මේවා වටින්නේ නැහැ ඒවගේම රාජපක්ෂලට මේවා ගැන අබමල් රේණුවක වටිනා කමක් නැහැ. මීළඟ ආණ්ඩුවකින් මේවා සේරම රජයට පවරාගෙන නීතිමය පියවර ගන්න ඕනෙ.

:       2       24

විපරමා Friday, 29 July 2022 04:42 PM

ජාතිවාදයට මග පෑදු බණ්ඩාරනායක ගැන ඉතිහාස කතා දන්නෝ දනිති. ඒ වගේද පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති අපේ ජාතික වස්තූන්...?

:       4       12

sharm warn Friday, 29 July 2022 11:39 AM

දැන් මේවා අල්ලන්න කවුරුවත් නැද්ද? අරගලකරුවෝ හොකරම් කළා කිය කියා ජනාධිපතිගෙ රෙද්ද පස්සෙ එලවන්න සැදී පැහැදී ඉන්න පොලිසියට මේ අල්ලන්න අදාල නැද්ද.

:       1       24

de silva Friday, 29 July 2022 01:02 PM

ජනාධිපති කලබලේට පැනලා යනකොට දමලා ගියා... රෙදි බිම එළාගෙන බුදියපු කෙනාව පොලිසියට අල්ලන්න පුළුවන්. නමුත් මේවා විනාශ කරන අය අල්ලන්න බැහැ.

:       3       23

sanjeeva Saturday, 30 July 2022 02:30 PM

ෂිහ් ... මේක මුස්ලිම් සෙට් එකක් කෙරුවා නම් ගන්දස්සාරට මොනාහරි බකට් එකක් ඇදගන්න පට්ට චාන්ස් එක... බලමු බලමු පොඩ්ඩක් ඉන්නකෝ ගන්දස්සාර තව කොහෙන්හරි පොටක් පාදගමු

:       0       0

fairoos Sunday, 31 July 2022 12:58 PM

මේ අය එලවන්ඩ තමයි අගෝස්තු 09 එන්න කියන්නේ.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දුනීසියාවේ සිට වෙසක් බලන්න ඇවිත්
2025 මැයි මස 11 79 0

ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත


පළාත් රැසකට තද වැසි
2025 මැයි මස 11 16 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව


කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 1234 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 194 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 562 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 766 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1401 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 359 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site