‘‘නිව්ස් පේපර්‘‘ සම්මානය රැගෙන බන්දුල දිවයිනට 17 වැනි කසාන් මුස්ලිම් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මාන හිමි වූ ‘‘නිව්ස් පේපර්‘‘ චිත්‍රපටයේ සම නිෂ්පාදක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම සම්මානය රැගෙන අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළන් දිවයිනට පැමිණියේය. 15 September 2022
සිංහ පැටව් සහ පැටික්කියෝ කොළඹට ළඟා වෙති ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් ශූරතාව සහ 12 වැනි ආසියානු දැල්පන්දු ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක විශේෂ රථ පෙළපාලියකින් කටුනායක සිට කොළඹ ගමන් ආරම්භ කළහ. 13 September 2022
නෙළුම් කුළුණ පිපෙයි දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන කොළඹ ”නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු මෙම 15 වැනිදා සිට ආරම්භ කෙරෙන අතර එහි පළමු අදියර ලෙස දෙස් විදෙස් ජනතාවට එය නැරඹීමේ අවස්ථාව හිමිවේ. 12 September 2022
මරා ගල්වලේ දැමූ දැරියගේ සිරුර හමු වෙයි අමානුෂික ලෙස පහර දී මරා පොහොර උරයක බහා දෙල්වල උඩදෙල්වල ගඟපහළ ප්‍රදේශයේ පිහිටි පරණ පතල් වලකට දමා තිබූ හත් අවුරුදු දැරියකගේ මල සිරුර රත්නපුර මහේස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය ඉදිරියේ අද ගොඩගත්තේය. 11 September 2022
සමන්තා පවර් කුඹුරට බසී තෙදිනක නිල සංචාරයක නිතරව සිටින ජත්‍යාන්තර සංවර්ධනය සදහාවු එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය ජාඇල ඒකල කුඹුරුයායකදී ගොවි ජනතාව මුනගැසි විශේෂ සාකච්චාවක් පැවැත් වූවය. 10 September 2022
ඉන්දියාවෙන් ගෙනා හොද සහල් සතුන්ට කන්න දීලා මිනිස් පරිභෝජනයට සුදුසු සහල් යොදා නිෂ්පාදනය කළ සත්ව ආහාර තොගයක් රජයේ සත්ව ගොවිපොළක තිබී සොයාගත් බව අනුරාෂපුර පාරිභෝගික අධිකාරිය පවසයි. 09 September 2022
දඹුල්ලේ ලොකු ලූනු කිලෝව 80ට බහී දේශීය ලූනු කිලෝවක් සඳහා රුපියල් 80 -140ත් අතර මුදලක් ලැබීම කිසිසේත්ම සෑහිමකට පත්විය නොහැකි බව ලොකු ලූනු ගොවීහු චෝදනා කරති. 08 September 2022
පරාජයෙන් පසු ඇෆ්ගන් ප්‍රේක්ෂකයෝ වියරු වැටෙති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්ථානය අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (7) රාත්‍රී පැවැති තරගයෙන් පසුව ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයන් යැයි කියන පිරිසක් ක්‍රීඩාංගනයට හානි කරමින් කලහාකාරි ලෙස හැසුරුණු බව වාර්තා වේ. 08 September 2022
අරගලකරුවෝ යළි පාරට ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩ පිළිවෙළට එරෙහිව සහ ජනතාව මුහුණ දෙන අර්බුද වලට එරෙහිව සමාජවාදී තරුණ සංගමය හා ගෝල්ෆේස් අරගලකරුවෝ කොළඹ දී අද (7) සත්‍යග්‍රහයක නිරත වූහ. 07 September 2022
සේලය ඇතුළෙන් කොමලිගේ මුහුණ පෙනෙන්නේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල වාන් දොරටු අද අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය. 06 September 2022
’’නිල් පාට ඇමති’’ කොළ කොඩියක් වනයි තංගල්ල නාකුළුගමුව දුම්රිය නැවතුම්පොළ කෘෂිකර්ම,වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණි. 04 September 2022
පාර්ලිමේන්තුව ඇල්ලුවා නම් ප්රජාතන්ත්රවාදයත් ඉවරයි පාර්ලිමේන්තුව අල්ලාගන්නට පැමිණි අය මර්දනය කළා යැයිද ඔවුන්ට හරියට සැළකුවේ නැතැයි ද ඇතැමුන් කියන බවත් කළ යුතුව තිබුනේ එලෙස අආ අයට පාර්ලිමේන්තු කැන්ටිමෙන් තේ කෝප්ප අරං දීම දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය. 04 September 2022
හිටපු ජනපති ගෝඨාභය යළි පැමිණෙයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ . 03 September 2022
මොන සුර ලොවින් ලැබුණ ද මේ මැණික් ටික පුත්තලම රෝහලේ දී සිවු නිවුන් දරු උපතක් සිදු වූ බව පුත්තලම රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 02 September 2022
විද්‍යෝදය සාහිත සම්මාන උළෙලින් විද්‍යෝදය සාහිත ප්රදානෝත්සවය කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සුමංගල සභා සදයේදී පැවැත්වුණි . 02 September 2022
නිවුන් අලි සහෝදරයන්ගේ පළමු උපන්දිනය සමරයි පින්නවල අලි සංරක්ෂණාගාරයේ වෙසෙන පණ්ඩු අලියාට හා සුරංගී කෙනර දාවට උපත ලද දිසා හා සජ්ජන නිවුන් අලි පැටව් දෙදෙනාගේ පළමු උපන් දින සැමරුම් උත්සවය පින්නවල අලි සංරක්ෂණාගාරයේ දී පැවැත්විණි. 01 September 2022
මහකනදරාවේ වැලි ව්‍යාපෘතියක් පරිසරය වනසයි මහකනදරාව වැව් රක්ෂිතයට යාබදව පිහිටි ඉඩමක වැලි පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම නිසා විශාල පාරිසරික හානියක් සිදුව ඇති බව අඹගහවෙල ගම්වාසීහු පවසති. 29 August 2022
ඉරණවිල මුහුද රළු වෙයි-නිවාස රැසක් මුහුදට බිලි පවතින අයහපත් කාලගුණ තත්වයත් සමග ඉරණවිල වෙරළ තිරය දරුණු ලෙස ඛාදනයට ලක්වෙමින් පවතින බව ධීවර ජනතාව පවසති. 29 August 2022
පැරිසියෙන් ගෙනා කෝටි තුනහමාරක රත්‍රං රේගුවේ හිර වෙයි පැරීසියේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද (27) අළුයම පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මඟියෙක් නීති විරෝධීව රැගෙන ආ රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමින් යුත් රත්තරන් තොගයක් ගුවන්තොටුපල රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 27 August 2022
රන්ජන්ගේ රසිකයෝ වැලිකඩට එති අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීමෙන් පසු ඔහුගේ නිදහස අපේක්ෂාවෙන් කලාකරුවන්, මාධ්‍යවේදීන් මහජනතාව ඇතුළු පිරිස් මේ වන විටත් වැලිකඩ බන්ධනාගාරය අසලට රැස්වෙමින් සිටිති. 26 August 2022
ජෝන්ගේ රියට රනිල් නගියි ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජනාධිපති වර්ණ හා විශ්වවිද්‍යාල වර්ණ ප්රදානය සිදු කිරීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා පාවිච්චි කළ ඉපැරණි මෝටර් රථයට නැග්ගේය. 26 August 2022
සේනපුර කඳවුරේ රැඳවියෝ විරෝධයක පොලොන්නරුව සේනපුර පුනරුත්ථාපන කඳවුරේ රැඳවියෝ පිරිසක් එහි පරිපාලනයට විරෝධය පා විරෝධයක නිරතව සිටිති. 24 August 2022
පාළුකඩවල වැවට එන අලින්ට නරඹන්නන්ගෙන් කරදර ගල්ගමුව ,පාළුකඩවල වැවට එන අලි ඇතුන් නැරැඹීමට එන අය තමන්ගේ යාන වාහන සතුන් අසළමට පැදවීම නිසා සතුන්ට හිංසනයන් මෙන්ම ජීවිත තර්ජනයක් ද පවතින බව ප්රදේශවාසිහු කියති. 24 August 2022
කොටුවේ බිත්තර කඩ පාළුවට:මිලත් පහළට බිත්තර අලෙවියට පාලන මිල පැනවීමත් සමඟ කොළඹ කොටුව බිත්තර තොග වෙළෙදපොලට පාරිභෝගිකයන් නොපැමිණීම නිසා පාළුවට ගොස් තිබූ අතර බිත්තර මිල ද පාලන මිලට අලෙවි කරන අයුරු දක්නට ලැබිණි. 23 August 2022
චීන මිතුරා පිටව යයි හම්බන්තොට වරායේ නැංගුරම් ලා තිබූ යුවාන් වැන්ග් 5 චීන ගවේශන නෞකාව (22) පස්වරු වේ හම්බන්තොට ජාත්‍යයන්තර වරායෙන් පිටත්ව ගියේය. 22 August 2022
ශ්‍රී ලාංකේය ඉතිහාසේ ආර්ථිකය ගැන කියන තෝණිගල සෙල් ලිපිය බලන්න අවසර වව්නියාව කුඩාකච්චිකොඩිය ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික තෝණිගල සෙල්ලිපි වසර 20 කට පමණ පසුව මහජන ප්‍රදර්ශනයට විවෘත බව වව්නියාව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලය පවසයි. 22 August 2022
විල්ගමු වකුගඩු රෝහලේ වැඩ අතරමඟ නතර වෙයි වකුගඩු රෝගීන්ගේ ලේ මාරු කිරීම් සඳහා මාතලේ විල්ගමුව රෝහල් භූමියේ ඉදිකිරීම් ආරම්භ කළ වූ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අතරමඟ නවතා දමීම නිසා එම ප්‍රදේශයේ වකගඩු රෝගීහු දැඩි අසීරුතාවය පත්ව සිටිති. 22 August 2022
සිරදඩුවම් විදින රන්ජන් ‘ද ගේම්’ බලයි ‘ද ගේම්’ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට රඟපාන වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට ‘ක්ලබ්බු සිටි සෙන්ටර්’හිදී අද (18) එම චිත්‍රපටිය නැරඹීමේ අවස්ථාව හිමිවිය. 19 August 2022
අන්තරේ පා ගමන ජනපති ලේකම් කාර්යාලය දෙසට ‘ඩීල් රනිල් - රාජපක්ෂ ජුන්ටාව පන්නමු’ යන තේමා යටතේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝධතා පාගමන මේ වන විට කොළඹ නගර ශාලාව ඉදිරිපිටින් ආරම්භ වී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කරමින් තිබේ. 18 August 2022
කෝටි 20ක රන් බිස්කට් සමග සේවිකාවක් සහ මගියෙක් දැලේ රුපියල් විසි කෝටි පනස් ලක්ෂයක් වටිනා රන් කිලෝ ග්රැම් 09 යි ග්රැම් 500 ක් බරැති බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් මගියකු සහ ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් අද උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ. 17 August 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026