IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


නෙළුම් කුළුණ පිපෙයි

(ඩයනා උදයංගනී)

දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන කොළඹ ”නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු මෙම 15 වැනිදා සිට ආරම්භ කෙරෙන අතර එහි පළමු අදියර ලෙස දෙස් විදෙස් ජනතාවට එය නැරඹීමේ අවස්ථාව හිමිවේ.

ඒ අනුව 15 වැනිදා සිට සතියේ දිනවල පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 දක්වාත්, සති අන්තයේ දහවල් 12.00 සිට රාත්‍රී 11.00 දක්වාත් නෙළුම් කුළුණ නරඹන්නන් සඳහා විවෘත වන අතර එය පෙරවරු කාලයේ පාසල් චාරිකා පැමිණෙන සිසුන් වෙනුවෙන් විවෘත කිරීමට සැලසුම් කර ඇත.

මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඕනෑම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන එය නැරඹිය හැකි අතර, ශ්‍රී ලාංකිකයන්ට රුපියල් 500 සහ රුපියල් 2000ක් ගෙවා එය නැරඹිය හැකි අතර, 2,000 ප්‍රවේශපත් ලබාගන්නා වැඩිහිටියන් සමඟ පැමිණෙන අවුරුදු 10ට අඩු දරුවන්ට රුපියල් 500කටත්, 500 ප්‍රවේශපත් ලබාගන්නා වැඩිහිටියන් සමඟ පැමිණෙන අවුරුදු 10ට අඩු දරුවන්ට රුපියල් 200කුත් ගෙවා ප්‍රවේශපත් ලබාගත යුතු බව නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

විදේශිකයන්ගෙන් ප්‍රවේශපත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 20ක්  අයකෙරෙන බව ද හෙතෙම සඳහන් කළේය.

රුපියල් 2,000 ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා අයට පෝළිම්වල රැදී නොසිට පරිශ්‍ර යට ඇතුළුවිය හැකි අතර කුළුණේ ඇති අවන්හල්, සාප්පු ආදී ස්ථානයන්හි අවශ්‍ය තරම් කාලයක් රැඳී සිටීමේ අවස්ථාව හිමිවන අතර, 500 බැගින් වන ප්‍රවේශපත් ලබාගන්නා අය කණ්ඩායමක් එක්වන තුරු රැඳී සිට කණ්ඩායමක් ලෙස එය නැරඹිය යුතු වේ.

එමෙන්ම ඔවුන්ට එක් එක් ස්ථානවල රැඳී සිටීමට ලැබෙන කාලය සීමිත වන බව ද ප්‍රසාද් සමරසිංහ මහතා කීවේය.

එමෙන්ම සෑම නරඹන්නෙකුටම කුළුණේ 29 වන මහලෙහි පිහිටි නැරඹුම් ස්ථානයේ රැඳී සිටිය හැක්කේ විනාඩි 30 ක කාලයකි.

ඉදිරි මාස කිහිපය තුළ ප්‍රවේශ පත්‍රය වෙනුවට කි්‍යු.ආර් කේතයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයි ද සමරසිංහ මහතා කීය.

150 දෙනෙකුට පමණ එක්වර රැඳී සිටිය හැකි නැරඹුම් ප්‍රදේශයට පිවිසීමෙන් පසු එහි පහළින් දිස්වන කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ මෙන්ම දුරදක්න මගින් නම් තවත් දුර බැහැර ප්‍රදේශ දැක ගැනීමේ අවස්ථාව නරඹන්නන්ට හිමිවේ.

නෙළුම් කුළුණ මෙහෙයුම් කටයුතු ඇරඹීමේ දෙවන අදියරේදී නැරඹුම් ප්‍රදේශයේ සිට ශ්‍රී පාදස්ථානය, සීගිරිය, නකල්ස් කඳුවැටිය වැනි ස්ථාන දැකගත හැකි දුරදක්න සවිකිරීමට බලාපොරොත්තු වන බව නෙළුම් කුළුණ පුද්ගලික සමාගම පවසයි.

මෙහි 27 වන මහලේ පිහිටි කැරකෙන අවන්හල, 26 වන මහලේ පිහිටි 500 දෙනෙකුට පමණ රැඳී සිටිය හැකි උත්සව ශාලාව, බිම් මහලේදී ප්‍රසිද්ධ අවන්හල්වල සහ සමරු වෙළඳසැල්වල අත්දැකීම් ලබාගැනීමට ද නරඹන්නන්ට අවස්ථාව හිමිවනු ඇත.

එමෙන්ම මෙම පරිශ්‍රයේදී සංගීත ප්‍රසංග, සංස්කෘතික සංදර්ශන, ආහාර සැණකෙලි ආදිය පැවැත්වීමට ද කටයුතු යොදා ඇති අතර, ඉදිරියේදී ගුවනේ ඇවිදීම් ආදී ක්‍රීඩා, පිවිසුම් ස්ථානයේ ජල රටා සංදර්ශන ආදිය ද මෙයට හඳුන්වාදීමට නියමිතය. 

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (18)

නෙළුම් කුළුණ පිපෙයි

පුරවැසියෙක්...... Monday, 12 September 2022 03:41 PM

මෙහි ඉදිකිරීම් වෙනුවෙන් ලබාගෙන ඇති ණයමුදල කඩිනමින් ගෙවීමට කටයුතු කරනු මැනවි...!

:       17       41

කිරි පුතා Monday, 12 September 2022 04:22 PM

මෙවැනි විශේෂ ස්ථාන, අධිවේගී මාර්ග, ගුවන් තොටුපළවල් එකකට වඩා රටකට අවශ්‍යයි. මෙවැනි දේ හෙළා දකිමින් බොහෝ අය බාල තෘප්තියක් විඳිති. දෙවැනි ප්‍රධාන ගුවන් තොටෙහි වී ගබඩා කළේද එවැනි බාල තෘප්තියක් ලැබීමටයි. ඒවා හැදුවේ කවුරුන් වුවද සියල්ල රටේ සම්පත්ය. ඒවායින් රටට ප්‍රයෝජන ගැනීම ඕනෑම පාලකයකුගේ වගකීමකි. විකුණාගෙන කෑම පමණක් නොසිතිය යුතුයි...!

:       12       10

සුරංග Monday, 12 September 2022 04:39 PM

මෙය ඉදිකිරීමට සියලු ලාංකිකයින් දැනටත් දායකත්වය දී ඇත. එයට ණය මුදල්වලින් ගසාකෑමට ගත් කොටස්ද අයිති නිසා ණය ගෙවා අවසන් දිනය වනවිට ජීවත්ව සිටි හා සිටින සියලුදෙනාම අයත්වන නිසා ඔවුන් සියලු දෙනාටම වරක්වත් නොමිලයේ බැලීමට අවස්ථාව දියයුතුයි.

:       60       38

මැක්ස් Monday, 12 September 2022 05:40 PM

ඕන ඔට්ටුවක් අල්ලන්න පුළුවන්.., මෙම ව්‍යාපෘතියට ගරහමින් රාජපක්ෂලාට දෙස් දෙවොල් තියපු අයම තමයි ඉස්සෙල්ලාම මේකේ ප්‍රයෝජන ගන්නේ. හරියට අධිවේගී මාර්ගවල ලොකු වාහනවල යන ගමන් "රාජපක්ෂ හොරා" සින්දුව කියනවා වගේ. ජේවීපී කුහක සහෝදරවරු අධිවේගී මාර්ග හදන්නේ රාජපක්ෂලාට හම්බන්තොට සිට මීකිරි ගෙන්න කිව්වා වගේ...

:       61       91

පැට්ටොමැක්ස් Tuesday, 13 September 2022 01:33 AM

මැක්ස්, මීකිරි නෙවේ ඇඹුල්තියල්.

:       4       10

samsongamalathge Tuesday, 13 September 2022 08:01 AM

දේශීය සංචාරකයන්ගෙන් අයකරන මිල ගොඩක් වැඩියි.

:       9       22

Ranga Tuesday, 13 September 2022 09:33 AM

රු.500 ක් ගෙවල එක පාරක් පැනල මැරෙන්න පුලුවන්..රු.2000 ක් ගෙවල කීපවරක් පැනල මැරෙන්න පුලුවන්..

:       1       14

C.U. Tuesday, 13 September 2022 09:58 AM

නෙළුම්කුළුණ රටට සෑබෑ සංවර්ධන ව්‍යාපෘතියක් බවට පත්කිරීමට නම් මෙය රටට ඩොලර් උපයා දෙන ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කලයුතු වේ ඒ සඳහා සුදුසු ප්‍රචාරණයක් ලොකය වෙත ලබා දිය යුතු අතර ඒ සඳහා සුදුසු වැඩපිලිවෙලක් සැකසිය යුතුවේ. රටතුළ සිටින දේශීය මැණික් ව්‍යාපාරිකයන්ට මෙහි වටිනා මැණික් අලවිකිරීමට සුදුසු කුටි නිර්මාණය කලයුතුවේ. ලෝක වැණික් මධ්‍යස්ථානය මේතුළ පිහිටුවිය යුතුය. නමුත් මෙම කුළුණ ඉදිකිරීමට තීරණය කිරීමට මත්තෙන් අප රටේ මුහුදු ජල තරංග විදුලි ව්‍යාපෘතියක් හෝ සූර්ය විදුලි ව්‍යාපෘතියක් හෝ සුලං විදුලි ව්‍යාපෘතියක් කර රට් විදුලි අවශ්‍යතාවය සැපිරුවා නම් රටට ඩීසල් බලාගාරවලට ඩීසල් සඳහා ගෙවන විශාල විදේශ විනිමය ඉතිරි කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. ශ්‍රී ලංකාව සංවර්ධන ව්‍යාපෘති ප්‍රමුඛතා ගතකිරීමේ බරපතල ගැටළුවක් ඇත.සංව්ධන ව්‍යාපෘති ප්‍රමුඛතා ගතකිරීමේදී රට ගැන නොසිතා තමන්ට ලැබෙන පුද්ගලික වාසි මත පමණක් කටයුතු කර ඇත.මේවායේ ඉහවහා ගිය වංචාව හා දූෂණය අප රටේ පොදු මහජනතාව විශාල අගාධයකට ඇද දමා ඇත.නමුත් දූෂිතයන්ට හම්බකර ගත් ධනය ඕනෑතරම් ඇත. ඒ නිසා රාජපක්ෂලාට ජනතාවගෙන් නම් බේරුමක් නැති බව සක්සුදක් සේ පැහැදිලිය.

:       5       15

නිල්මිණි Tuesday, 13 September 2022 11:33 AM

මේවා රටේ ව්‍යාපෘති මිසක් ප්‍රදර්ශන කුටි නෙවෙයිනේ මිනිස්සුන්ට සල්ලි දීලා බලන්න. මේවා හදන්න ගත්තු ණය ගෙවන්නේ මහජනතාවම තමයි. ඒ හින්දා මේ අය කිරීම ඉතාම වැරදී. අනික සංචාරක කර්මාන්ය‍ෙදි සංචාරකයින් ආර්කර්ශණය කරන්න තියෙන මෙහෙම ඒවාට ඔහොම අය කරන එක වැරදී. ඕවා නරඹන්න එන අයට ඕක තුල අවශ්‍ය පහසුකම් ටික සලස්වලා, වෙලදාම් කරලා ඕනා ඕකෙන් ඒ අවශ්‍ය ආදායම් ගන්න . දැන් ඕකෙන් මිලදීමක් ගන්න යනවා නම් ඒ මනුස්සයා ඒකට අමතරව ටිකට් එකකටත් ගෙවන්න ඕනානේ. උත්සවයකට ආරාධනා කලොත් ඒකටත් ගෙවන්න ඕනානේ . අනේ මන්දා මෙහෙම පරිපාලකයො ඉන්න රටක් කවදා දිවුනු කරන්නද ඕක තුල, මැනික්, රන් අත්කම් බතික් වගේ සාප්පු සංකීර්ණයක් අවශ්‍ය වෙනවා.

:       1       9

sharm warnThursday, 15 September 2022 03:06 PM

මෙහෙමනෙ නිල්මිනි.. රජපක්ශල කලේ ලොකු ප්‍රොජෙක්ට් එකක් අරගෙන එකෙ වියදම වගෙ දෙතුන් ගුනයක් සාක්කුවෙ දාගෙන මිනිස්සුන්ව ගොනාට අන්දල එව වන්දනා කරන්න සවාරි ගෙනියපු එක.. එතකොට අපෙ මිනිස්සු බයියන් බවට පත් වෙල හායි හූයි ගගා .. කාලයක් දකුනු අදි වේගයෙ වන්දනාවෙ ගියා.. ඊ ලගට කොලඹ ආකේඩ් එක වදින්න ගියා. ගියාම තමයි කුඩා මොලේට තෙරුනෙ බලා සැනසෙනු මිස පොකට්ටුව එලියට ගන්න හිතන්න වත් බැහැයි කියලා.. පස්සෙ හුල්ල හුල්ල ගෙදර යනව.. එ වුනාට අපිට එක බලන්න එක්කන් ගියානෙ කියල කතිරෙ ගහනව.. දැන් අපිට කෙල වෙලා අපි මෙ දෙතුන් ගුනයක් ගෙවල බඩු ගන්නෙ ඔය සේරම හොර කාපුවගෙ අග්‍ර ඵලය තමයි.. ඉතින් ඔය කෙහෙල් මුවත් බලන්න ගම් වලින් මිනිස්සු අරන් එයි අර පෝට් සිටි එක පෙන්නුව වගෙ.. පස්සෙ ගමෙ උන්දලා කියයි අපිව උඩටම අරන් ගියානෙ අපෙ මන්ත්‍රි තුමා.. කියල අයෙමත් කතිරෙ ගහයි.. බලන්නකො එහෙම වෙන්නෙ නැද්ද කියල..

:       3       1

randil Tuesday, 13 September 2022 12:45 PM

රාජපක්ෂලා ගත්ත මහ ණය කන්දරාව අහිංසක ජනතාව පිට වක්‍රාකරයෙන් පැටවීමක්. හරක් ඕක බලන්න බුරුතු පිටින් යයි ඉතින්. ඒකෙන් දරුවෙකුට කන්න අරන් දීපාල්ලා බඩ පිරෙන්න වේලක්වත්.

:       5       10

fairoos Tuesday, 13 September 2022 03:17 PM

මේ රට මේ තත්වයට පත්කරපු දේශපාලකයන්ට නම් හෙණ වදිනවා.

:       3       3

බද්රානි Wednesday, 14 September 2022 02:22 AM

කවුරුන් හෝ ඇති දැඩිකළ හුරතලයට හැදුනු "මැක්ස්" කියලා කෙනෙක් නෙලුම් කුළුණ අසලම අපවිත්‍ර කරනවා මම දුටුවා. ඒත්, ඒ ගැන මම කාට පැමිණිලි කරන්නද? හුරතල් බල්ලෙකුට වුණත් මුදල් ගෙවලා නගින්න පුළුවන් කුළුණක් ණය වෙලා හෝ හදලා තියනවනේ.. අපේ ඒ රජතුමා? ඇත්තටම මාර සතුටක් ඇඟට දැනෙනවා අප්පා මේවා දකිද්දී...!

:       1       7

anil Wednesday, 14 September 2022 03:22 AM

තේරුමක් නැති ව්‍යාපෘතියක්... මෙච්චර කඳු තියෙන රටේ.

:       2       2

චන්දිම ෆොන්සේකා Friday, 16 September 2022 02:45 PM

කලබල නොවී පොඩ්ඩක් ඉන්න. මොනවා කියන්නත් ඉස්සෙල්ලා මම මේ කියන දේ තහවුරු කරගන්න. ඒ තමයි මේ නරඹන ටිකට් ගාස්තුව එන ආදායම අපේ රටට ඔක්කොම ලැබෙනවද? ඒ වගේම අර විදේශිකයින්ගෙන් ගන්න ඩොලර් සල්ලි අපිට ලැබෙනවද කියන කාරණා ටික... මොකද මට හරි ප්‍රශ්නයක්? චීන තානාපති කන්තෝරුවෙන් ටිකට් ගැන කියපු කතාව. හරියට නොහිතපු වෙලාවක බළලා හිටිගමන් මල්ලෙන් පැන්නා වගේ වැඩක් ඒ වුණේ... හැදුවාට ණය ගෙවන එක වෙනම කතාවක්. ඒත් මේ ගෙඩිපිටින් ලැබෙන පිච්චියත් චීනෙට දෙන්න සෙට් කරගෙන නම් මාර ප්‍රශ්නයක් තමයි වෙන්නේ. අපේ දේශපාලු අයියලා ගිවිසුම් ගහන්නේ අංක එකට තමන්ගේ කොමිස් කුට්ටිය ගැන හිතලා නිසා. මොකද හම්බන්තොට වරායේ අරක හදනවා. අරක කරනවා කියකියා මහා ප්‍රචාර දෙනවා. අපේ රටට කීයක් ආදායම ලැබෙනවද? චීනෙට කීයක් ලැබෙනවද කියාලා කවුරුත් අහන්නෙත් නැහැ. ඒ හින්දා කවුරුවත් වගකිව යුත්තෙක් කියන්නෙත් නැහැ. හැමදාම ඩොලර් නැහැ කියාගෙනයි ඉන්න වෙන්නේ...!

:       1       1

surasena Saturday, 17 September 2022 12:42 PM

පොහොට්ටුවන් තමන්ගේ සංකේතය හඳුන්වාදීමක් වශයෙන් ණයට පොහොට්ටුවක් හදලා අපේ රටට තවත් ණය ගොඩකට පටවලා දැමූ වගයි. මේවට නය අරගෙන යටිමඩි ගහපු ඔබලා ඔක්කොම ඔය කුළුණටම වටවෙලා විනාශවෙලා කියලා අපි ඔබලාට ශාප කරනවා.

:       1       3

saththyaa Saturday, 17 September 2022 02:13 PM

මුලු රටම බඩගින්නේ වෙලුණත්, දරුවන් මන්ද පෝෂණයෙන් පෙළුණත් අපිට පොහොට්ටුවක් තියෙනවනේ...!

:       0       3

saman Sunday, 18 September 2022 07:16 AM

කමෙන්ට් දාන බොහෝ දෙනෙකුට ඇත්තේ රාජපක්ෂ සමග වෛරය පමණයි. අපේ වහල් රජතුමා හෙට ජාතික ශෝක දිනයක් බවට පත්කළා කිව්වාම ඔවුන්ගේ කටේ පිට්ටු හිරවෙනවා. මේ කුළුණ සෑදීමට ගියේ තෙල් නැවක් මිලදී ගැනීමට යන මුදල පමණයි. අනාගතයේ මෙයින් ප්‍රතිලාභ ලැබෙන කොට ඔවුන්ට මේකෙන් පැනලා මැරෙන්න හිතෙයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6141 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7624 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18251 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9414 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 551 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 483 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1930 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1700 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site