
(ඩයනා උදයංගනී)
දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන කොළඹ ”නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු මෙම 15 වැනිදා සිට ආරම්භ කෙරෙන අතර එහි පළමු අදියර ලෙස දෙස් විදෙස් ජනතාවට එය නැරඹීමේ අවස්ථාව හිමිවේ.
ඒ අනුව 15 වැනිදා සිට සතියේ දිනවල පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 දක්වාත්, සති අන්තයේ දහවල් 12.00 සිට රාත්‍රී 11.00 දක්වාත් නෙළුම් කුළුණ නරඹන්නන් සඳහා විවෘත වන අතර එය පෙරවරු කාලයේ පාසල් චාරිකා පැමිණෙන සිසුන් වෙනුවෙන් විවෘත කිරීමට සැලසුම් කර ඇත.
මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඕනෑම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන එය නැරඹිය හැකි අතර, ශ්‍රී ලාංකිකයන්ට රුපියල් 500 සහ රුපියල් 2000ක් ගෙවා එය නැරඹිය හැකි අතර, 2,000 ප්‍රවේශපත් ලබාගන්නා වැඩිහිටියන් සමඟ පැමිණෙන අවුරුදු 10ට අඩු දරුවන්ට රුපියල් 500කටත්, 500 ප්‍රවේශපත් ලබාගන්නා වැඩිහිටියන් සමඟ පැමිණෙන අවුරුදු 10ට අඩු දරුවන්ට රුපියල් 200කුත් ගෙවා ප්‍රවේශපත් ලබාගත යුතු බව නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.
විදේශිකයන්ගෙන් ප්‍රවේශපත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 20ක් අයකෙරෙන බව ද හෙතෙම සඳහන් කළේය.
රුපියල් 2,000 ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා අයට පෝළිම්වල රැදී නොසිට පරිශ්‍ර යට ඇතුළුවිය හැකි අතර කුළුණේ ඇති අවන්හල්, සාප්පු ආදී ස්ථානයන්හි අවශ්‍ය තරම් කාලයක් රැඳී සිටීමේ අවස්ථාව හිමිවන අතර, 500 බැගින් වන ප්‍රවේශපත් ලබාගන්නා අය කණ්ඩායමක් එක්වන තුරු රැඳී සිට කණ්ඩායමක් ලෙස එය නැරඹිය යුතු වේ.
එමෙන්ම ඔවුන්ට එක් එක් ස්ථානවල රැඳී සිටීමට ලැබෙන කාලය සීමිත වන බව ද ප්‍රසාද් සමරසිංහ මහතා කීවේය.
එමෙන්ම සෑම නරඹන්නෙකුටම කුළුණේ 29 වන මහලෙහි පිහිටි නැරඹුම් ස්ථානයේ රැඳී සිටිය හැක්කේ විනාඩි 30 ක කාලයකි.
ඉදිරි මාස කිහිපය තුළ ප්‍රවේශ පත්‍රය වෙනුවට කි්‍යු.ආර් කේතයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයි ද සමරසිංහ මහතා කීය.
150 දෙනෙකුට පමණ එක්වර රැඳී සිටිය හැකි නැරඹුම් ප්‍රදේශයට පිවිසීමෙන් පසු එහි පහළින් දිස්වන කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ මෙන්ම දුරදක්න මගින් නම් තවත් දුර බැහැර ප්‍රදේශ දැක ගැනීමේ අවස්ථාව නරඹන්නන්ට හිමිවේ.
නෙළුම් කුළුණ මෙහෙයුම් කටයුතු ඇරඹීමේ දෙවන අදියරේදී නැරඹුම් ප්‍රදේශයේ සිට ශ්‍රී පාදස්ථානය, සීගිරිය, නකල්ස් කඳුවැටිය වැනි ස්ථාන දැකගත හැකි දුරදක්න සවිකිරීමට බලාපොරොත්තු වන බව නෙළුම් කුළුණ පුද්ගලික සමාගම පවසයි.
මෙහි 27 වන මහලේ පිහිටි කැරකෙන අවන්හල, 26 වන මහලේ පිහිටි 500 දෙනෙකුට පමණ රැඳී සිටිය හැකි උත්සව ශාලාව, බිම් මහලේදී ප්‍රසිද්ධ අවන්හල්වල සහ සමරු වෙළඳසැල්වල අත්දැකීම් ලබාගැනීමට ද නරඹන්නන්ට අවස්ථාව හිමිවනු ඇත.
එමෙන්ම මෙම පරිශ්‍රයේදී සංගීත ප්‍රසංග, සංස්කෘතික සංදර්ශන, ආහාර සැණකෙලි ආදිය පැවැත්වීමට ද කටයුතු යොදා ඇති අතර, ඉදිරියේදී ගුවනේ ඇවිදීම් ආදී ක්‍රීඩා, පිවිසුම් ස්ථානයේ ජල රටා සංදර්ශන ආදිය ද මෙයට හඳුන්වාදීමට නියමිතය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි ඉදිකිරීම් වෙනුවෙන් ලබාගෙන ඇති ණයමුදල කඩිනමින් ගෙවීමට කටයුතු කරනු මැනවි...!
මෙවැනි විශේෂ ස්ථාන, අධිවේගී මාර්ග, ගුවන් තොටුපළවල් එකකට වඩා රටකට අවශ්‍යයි. මෙවැනි දේ හෙළා දකිමින් බොහෝ අය බාල තෘප්තියක් විඳිති. දෙවැනි ප්‍රධාන ගුවන් තොටෙහි වී ගබඩා කළේද එවැනි බාල තෘප්තියක් ලැබීමටයි. ඒවා හැදුවේ කවුරුන් වුවද සියල්ල රටේ සම්පත්ය. ඒවායින් රටට ප්‍රයෝජන ගැනීම ඕනෑම පාලකයකුගේ වගකීමකි. විකුණාගෙන කෑම පමණක් නොසිතිය යුතුයි...!
මෙය ඉදිකිරීමට සියලු ලාංකිකයින් දැනටත් දායකත්වය දී ඇත. එයට ණය මුදල්වලින් ගසාකෑමට ගත් කොටස්ද අයිති නිසා ණය ගෙවා අවසන් දිනය වනවිට ජීවත්ව සිටි හා සිටින සියලුදෙනාම අයත්වන නිසා ඔවුන් සියලු දෙනාටම වරක්වත් නොමිලයේ බැලීමට අවස්ථාව දියයුතුයි.
ඕන ඔට්ටුවක් අල්ලන්න පුළුවන්.., මෙම ව්‍යාපෘතියට ගරහමින් රාජපක්ෂලාට දෙස් දෙවොල් තියපු අයම තමයි ඉස්සෙල්ලාම මේකේ ප්‍රයෝජන ගන්නේ. හරියට අධිවේගී මාර්ගවල ලොකු වාහනවල යන ගමන් "රාජපක්ෂ හොරා" සින්දුව කියනවා වගේ. ජේවීපී කුහක සහෝදරවරු අධිවේගී මාර්ග හදන්නේ රාජපක්ෂලාට හම්බන්තොට සිට මීකිරි ගෙන්න කිව්වා වගේ...
මැක්ස්, මීකිරි නෙවේ ඇඹුල්තියල්.
දේශීය සංචාරකයන්ගෙන් අයකරන මිල ගොඩක් වැඩියි.
රු.500 ක් ගෙවල එක පාරක් පැනල මැරෙන්න පුලුවන්..රු.2000 ක් ගෙවල කීපවරක් පැනල මැරෙන්න පුලුවන්..
නෙළුම්කුළුණ රටට සෑබෑ සංවර්ධන ව්‍යාපෘතියක් බවට පත්කිරීමට නම් මෙය රටට ඩොලර් උපයා දෙන ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කලයුතු වේ ඒ සඳහා සුදුසු ප්‍රචාරණයක් ලොකය වෙත ලබා දිය යුතු අතර ඒ සඳහා සුදුසු වැඩපිලිවෙලක් සැකසිය යුතුවේ. රටතුළ සිටින දේශීය මැණික් ව්‍යාපාරිකයන්ට මෙහි වටිනා මැණික් අලවිකිරීමට සුදුසු කුටි නිර්මාණය කලයුතුවේ. ලෝක වැණික් මධ්‍යස්ථානය මේතුළ පිහිටුවිය යුතුය. නමුත් මෙම කුළුණ ඉදිකිරීමට තීරණය කිරීමට මත්තෙන් අප රටේ මුහුදු ජල තරංග විදුලි ව්‍යාපෘතියක් හෝ සූර්ය විදුලි ව්‍යාපෘතියක් හෝ සුලං විදුලි ව්‍යාපෘතියක් කර රට් විදුලි අවශ්‍යතාවය සැපිරුවා නම් රටට ඩීසල් බලාගාරවලට ඩීසල් සඳහා ගෙවන විශාල විදේශ විනිමය ඉතිරි කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. ශ්‍රී ලංකාව සංවර්ධන ව්‍යාපෘති ප්‍රමුඛතා ගතකිරීමේ බරපතල ගැටළුවක් ඇත.සංව්ධන ව්‍යාපෘති ප්‍රමුඛතා ගතකිරීමේදී රට ගැන නොසිතා තමන්ට ලැබෙන පුද්ගලික වාසි මත පමණක් කටයුතු කර ඇත.මේවායේ ඉහවහා ගිය වංචාව හා දූෂණය අප රටේ පොදු මහජනතාව විශාල අගාධයකට ඇද දමා ඇත.නමුත් දූෂිතයන්ට හම්බකර ගත් ධනය ඕනෑතරම් ඇත. ඒ නිසා රාජපක්ෂලාට ජනතාවගෙන් නම් බේරුමක් නැති බව සක්සුදක් සේ පැහැදිලිය.
මේවා රටේ ව්‍යාපෘති මිසක් ප්‍රදර්ශන කුටි නෙවෙයිනේ මිනිස්සුන්ට සල්ලි දීලා බලන්න. මේවා හදන්න ගත්තු ණය ගෙවන්නේ මහජනතාවම තමයි. ඒ හින්දා මේ අය කිරීම ඉතාම වැරදී. අනික සංචාරක කර්මාන්යෙදි සංචාරකයින් ආර්කර්ශණය කරන්න තියෙන මෙහෙම ඒවාට ඔහොම අය කරන එක වැරදී. ඕවා නරඹන්න එන අයට ඕක තුල අවශ්‍ය පහසුකම් ටික සලස්වලා, වෙලදාම් කරලා ඕනා ඕකෙන් ඒ අවශ්‍ය ආදායම් ගන්න . දැන් ඕකෙන් මිලදීමක් ගන්න යනවා නම් ඒ මනුස්සයා ඒකට අමතරව ටිකට් එකකටත් ගෙවන්න ඕනානේ. උත්සවයකට ආරාධනා කලොත් ඒකටත් ගෙවන්න ඕනානේ . අනේ මන්දා මෙහෙම පරිපාලකයො ඉන්න රටක් කවදා දිවුනු කරන්නද ඕක තුල, මැනික්, රන් අත්කම් බතික් වගේ සාප්පු සංකීර්ණයක් අවශ්‍ය වෙනවා.
රාජපක්ෂලා ගත්ත මහ ණය කන්දරාව අහිංසක ජනතාව පිට වක්‍රාකරයෙන් පැටවීමක්. හරක් ඕක බලන්න බුරුතු පිටින් යයි ඉතින්. ඒකෙන් දරුවෙකුට කන්න අරන් දීපාල්ලා බඩ පිරෙන්න වේලක්වත්.
මේ රට මේ තත්වයට පත්කරපු දේශපාලකයන්ට නම් හෙණ වදිනවා.
කවුරුන් හෝ ඇති දැඩිකළ හුරතලයට හැදුනු "මැක්ස්" කියලා කෙනෙක් නෙලුම් කුළුණ අසලම අපවිත්‍ර කරනවා මම දුටුවා. ඒත්, ඒ ගැන මම කාට පැමිණිලි කරන්නද? හුරතල් බල්ලෙකුට වුණත් මුදල් ගෙවලා නගින්න පුළුවන් කුළුණක් ණය වෙලා හෝ හදලා තියනවනේ.. අපේ ඒ රජතුමා? ඇත්තටම මාර සතුටක් ඇඟට දැනෙනවා අප්පා මේවා දකිද්දී...!
තේරුමක් නැති ව්‍යාපෘතියක්... මෙච්චර කඳු තියෙන රටේ.
කලබල නොවී පොඩ්ඩක් ඉන්න. මොනවා කියන්නත් ඉස්සෙල්ලා මම මේ කියන දේ තහවුරු කරගන්න. ඒ තමයි මේ නරඹන ටිකට් ගාස්තුව එන ආදායම අපේ රටට ඔක්කොම ලැබෙනවද? ඒ වගේම අර විදේශිකයින්ගෙන් ගන්න ඩොලර් සල්ලි අපිට ලැබෙනවද කියන කාරණා ටික... මොකද මට හරි ප්‍රශ්නයක්? චීන තානාපති කන්තෝරුවෙන් ටිකට් ගැන කියපු කතාව. හරියට නොහිතපු වෙලාවක බළලා හිටිගමන් මල්ලෙන් පැන්නා වගේ වැඩක් ඒ වුණේ... හැදුවාට ණය ගෙවන එක වෙනම කතාවක්. ඒත් මේ ගෙඩිපිටින් ලැබෙන පිච්චියත් චීනෙට දෙන්න සෙට් කරගෙන නම් මාර ප්‍රශ්නයක් තමයි වෙන්නේ. අපේ දේශපාලු අයියලා ගිවිසුම් ගහන්නේ අංක එකට තමන්ගේ කොමිස් කුට්ටිය ගැන හිතලා නිසා. මොකද හම්බන්තොට වරායේ අරක හදනවා. අරක කරනවා කියකියා මහා ප්‍රචාර දෙනවා. අපේ රටට කීයක් ආදායම ලැබෙනවද? චීනෙට කීයක් ලැබෙනවද කියාලා කවුරුත් අහන්නෙත් නැහැ. ඒ හින්දා කවුරුවත් වගකිව යුත්තෙක් කියන්නෙත් නැහැ. හැමදාම ඩොලර් නැහැ කියාගෙනයි ඉන්න වෙන්නේ...!
පොහොට්ටුවන් තමන්ගේ සංකේතය හඳුන්වාදීමක් වශයෙන් ණයට පොහොට්ටුවක් හදලා අපේ රටට තවත් ණය ගොඩකට පටවලා දැමූ වගයි. මේවට නය අරගෙන යටිමඩි ගහපු ඔබලා ඔක්කොම ඔය කුළුණටම වටවෙලා විනාශවෙලා කියලා අපි ඔබලාට ශාප කරනවා.
කමෙන්ට් දාන බොහෝ දෙනෙකුට ඇත්තේ රාජපක්ෂ සමග වෛරය පමණයි. අපේ වහල් රජතුමා හෙට ජාතික ශෝක දිනයක් බවට පත්කළා කිව්වාම ඔවුන්ගේ කටේ පිට්ටු හිරවෙනවා. මේ කුළුණ සෑදීමට ගියේ තෙල් නැවක් මිලදී ගැනීමට යන මුදල පමණයි. අනාගතයේ මෙයින් ප්‍රතිලාභ ලැබෙන කොට ඔවුන්ට මේකෙන් පැනලා මැරෙන්න හිතෙයි.