
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් ශූරතාව සහ 12 වැනි ආසියානු දැල්පන්දු ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක විශේෂ රථ පෙළපාලියකින් කටුනායක සිට කොළඹ ගමන් ආරම්භ කළහ.
අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපෙළට ආ කණ්ඩායම් දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉතා උණුසුම් අයුරුන් ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් විසින් පිළිගනු ලබූහ.
ක්‍රිඩක ක්‍රීඩිකාවන් රැගත් රථ පෙළපාලිය කටුනායකින් ආරම්භ වී කොළඹ - මීගමුව මාර්ගයෙන් පෑලියගොඩ හන්දිය,මරදාන හන්දිය,ඩාර්ලි පාර, යූනියන් පෙදෙස, ඇලෙක්සැන්ඩ්‍රා පාර ඔස්සේ නිදහස් මාවතට පැමිණෙයි.
(ඡායාරූප: වී.ඒ. නිශ්ෂංක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනිගෙන දැවෙන හිත්වලට සතුටක් ගෙනත් දීපු උඹලාට අපගේ උනුසුම් සුබ පැතුම්. ඇත්තටම උඹලා සුපිරි කොල්ලනේ. කෙල්ලනේ. .
ඔබ සියලුම දෙනා ගැන අපිට හරි ආඩම්බරයි. හරිම සතුටුයි. සැමටම සුබමසුබ අනාගතයක් වේවා..! .
සතුටුයි කොල්ලනේ.., කෙල්ලනේ... නෙට්බෝල් ටීම් එකේ අර උස ළමයාටනම් පැටික්කි කියන්න නම් මට මොකක්ද වගේ... හා හා..!!!
නැව ගිලුණත් බෑන්ඩ් චූන්..
ඔය කුසලානත් ලෝකයට ප්‍රදර්ශනය කරන ගමන් ලෝකයට කියන්න ලංකාවේ ආණ්ඩුව සාමාන්‍ය ජනතාවට කරන හිරිහැර ගැන.. නැතිනම් ඔය කුසලානවලින් සාමාන්‍ය ජනතාවට ඇති පලේ මොකක්ද?