
(යොහාන් භාසුර)
බිත්තර අලෙවියට පාලන මිල පැනවීමත් සමඟ කොළඹ කොටුව බිත්තර තොග වෙළෙදපොලට පාරිභෝගිකයන් නොපැමිණීම නිසා පාළුවට ගොස් තිබූ අතර බිත්තර මිල ද පාලන මිලට අලෙවි කරන අයුරු දක්නට ලැබිණි.
කොළඹ කොටුව තොග වෙළෙඳපොලේ බිත්තර සිල්ලර මිල රුපියල් 43 ක සහ රුපියල් 45 ක පැවැති අතර බිත්තර තොග මිල රුපියල් 41 ක්ව පැවැතියේය.
බිත්තර පාලන මිලට එරෙහිව බිත්තර නිෂ්පාදකයෝ බිත්තර අලෙවියෙන් ඉවත්වන බව පෙර දින පැවැසුවත් වැඩි මිලට බිත්තර මිලදී ගැනීමට පාරිභෝගිකයෝ මැලිකමක් දක්වන බව වාර්තා වෙයි.
තොග වෙළෙදුන් පැවසුවේ පාරිභෝගිකයන් නොපැමිණීම හේතුවෙන් ඉදිරියේදී බිත්තර තොග මිලදීගැනිමෙන් වැලකී සිටීම සිදුවන බවයි.
(ඡායාරූපය: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ සෙව්වන්දි මෑණියෝ කෙලින් කළාට පස්සේ තමයි බිත්තරේත් ගණන් ඉස්සුවෙ. සේවන්දි මෑණියන්ට කියලා තමයි බස්ස ගන්න වෙන්නේ.
ජනතාවගේ ආහාර ද්‍රව්‍ය සහ භාවිතා කරනු ලබන සෑම භාණ්ඩයකම පාහේ මිල ගණන් වැඩි කිරීම ඉතා අසාධාරණ ලෙස ගෙවී ගිය කෙටි කාලයක සිට සිදු වෙමින් පවතින තත්ත්වයක් පෙනෙන්නට ඇත. එම වැඩිවීම රුපියල් සිය දහස් ගණන්වලිනි. මේ සම්බන්ධයෙන් රජයේ කිසිදු නියාමනයක් නැත. මෙම තත්ත්වය මත ආහාර ද්‍රව්‍ය සහ සෑම භාණ්ඩයකම මිල ගණන් වැඩි කිරීම සදහා පාරිභෝගික සේවා අධිකාරියෙහි අනුමැතිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඉතාමත් කඩිනමින් ඇති කිරීමට රජයේ අවධානය යොමු විය යුතුය. පාරිභෝගික ජනතාව ගසා කෑමට ඉඩ නොදීම විය යුතු අතර අසීමිතව වැඩි කරනු ලබන ද්‍රව්‍යයන් මිලදී ගැනීමෙන් වැලකී සිටීමට ජනතාවද කටයුතු කළ යුතුය.
මේ රටේ බහුතරයක් ව්‍යාපාරිකයන් කරන්නේ දේශපාලකයන් වගේම මිනිස්සුන්ව රවටා වංචා කරන එක. මස්/මාලු/කරවල/එළවළු වගේ මොනව ගත්තත් අඩුවෙන් කිරනව, හොඳ බඩු පෙන්වල නරක/පරණ ඒව දෙනවා. ඒ වගේ බාල වැඩ නිසා භාණ්ඩ හා සේවාවන් මිළදී ගත්තත් දෙගොල්ල අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් නැහැ. ඒ නිසා මිනිස්සු කැමතියි වෙළෙන්දන් ට රිද්දන්න පුලුවන් වෙලාවට රිද්දන්න. එක එක නම්වලින් පෙනී ඉන්න ආයතන සහ නිලධාරීන් කොපමණ හිටියත් වෙළඳ සහ පාරිභෝගික කියන දෙපාර්ශ්වයම ආරක්ෂා කරන්න පුලුවන් ක්‍රමවේදයන් මේ රටේ නැහැ. ඒ නිසා දෙපාර්ශවයම පීඩාවට පත්වීම වළක්වා ගැනීමට නොහැකි වී ඇත. එවැනි ක්‍රම නොමැති නිසා පාරිභෝගිකයන් විසින්ම වෙළෙන්දන් පාලනය කිරීමට උත්සාහ කිරීම සාමාන්‍ය දෙයකි.
මිල වැඩිනම් පරිබෝජනය අඩුකරන්න බිත්තර මාස ගණන් කඩවලතියා ගන්න බැහැ. ඉබේම මිල අඩු වෙයි.
අනෙක් භාන්ඩ වගේ බිත්තර තියාගන්න බෑ. කිකිළි බිත්තර දාන එක නවත්තන්නෙත් නෑ. ෆාම් වලට බිත්තර විසි කරන්න තමයි වෙන්නේ. අසාධාරණ විදියට මුදල් රැස්කිරීමේ ප්‍රප්‍රතිවිපාක
දැන් ඔය බිත්තර රාජසන්තක කරනවා කිව්වා නේද? මේ රාජසන්තක කරපු කරපු කුණු බිත්තරද දන්නේ නෑ...?
සෙව්වන්දි මෑනියො කිවුවනම් දෙයියන්ට පොල්වෙනුවට බිත්තර ගහන්ට කියල තමන්ට සුරසැප ලැබෙනව කියල, අපේ මෝඩයො බිත්තර ගනන් බලන්නෙ නැතුව රු1000/=ත් ගනියි
බමුණුආරච්චි ඔබහරි, බිත්තර මාස ගණන් කඩවල තියාන ඉන්න පුළුවන්.. ඒත් පරණ නරක් වූ බිත්තර, නිවසට ගොස් පරීක්ෂා කර බලනතුරු ඒවායේ හොඳනරක නොදනී. පරණ නරක් වූ බිත්තර නිසා අසනීප වීම ඉතා ඉහළයි. හරිම අවදානම්..!
ඕනෑම පාරිභෝගික භාණ්ඩයක හෝ සේවාවක මිල අසාධාරණ ලෙස වැඩිවුණාම මිනිස්සු ඒක මිලදී ගැනීමෙන් වළකිනවා. එහෙම නැතිනම් මිලදී ගැනීම අඩුකරනවා. බිත්තර නිෂ්පාදකයින් මේ ගැන සිත යොමුකළ යුතුය.