
(බී.ජී.චතුරංග සහ දයාරත්න ඇඹෝගම)
මිනිස් පරිභෝජනයට සුදුසු සහල් යොදා නිෂ්පාදනය කළ සත්ව ආහාර තොගයක් රජයේ සත්ව ගොවිපොළක තිබී සොයාගත් බව අනුරාෂපුර පාරිභෝගික අධිකාරිය පවසයි.
සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීම සදහා ගබඩා කර තිබූ තවත් සහල් කිලෝ දහදාහකට ආසන්න ප්‍රමාණයක් ද පාරිභෝගික සේවා අධිකාරිය බාරයට ගෙන ඇත.
අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව තඹුත්තේගම හුරීගස්වැව මාර්ගයේ නීරාවිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම සත්ව ගොවිපළ තුළ සිදු කළ පරීක්ෂාවකින් අනතුරුව, එහි ගබඩා කර තිබූ ඉන්දියාවෙන් ආනයනය කළ මෙම සහල් තොගය හමුවූ බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.අ
මෙම සහල් භාවිතා කර ඌරන් සහ කුකුළන් සඳහා සත්ත්ව ආහාර ලෙස සකසා තිබූ බහලුම් සහ පරිභෝජනය සඳහා භාවිතා කළ හැකි සහල් තොගයට මුද්‍රා තැබීමට පාරිභෝගික නිලධාරීහු මෙහිදී පියවර ගත්හ.
මෙහිදී අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ ස්ථානභාර ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී.ඒ.සී.පී පෙරේරා මහතා මෙසේ පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කෑම දීලා තියෙන්නේ තම තමන්ගේ අයට නිසා තියෙන වරද මොකක්ද කියලා මට නම් තේරුම් ගන්න බැහැ...!
සත්තු කිව්වේ 250ද? එහෙම නම් ප්‍රශ්නයක් නැහැ. කන්නෙම තණකොළ ගොඩක් කාලෙකින්... හොඳ කෑමක් ලැබුණේ..!
සුද්දා රට බාරදීලා යනකොට "සිලෝන්-ටී" නාමයෙන් ලොවට හඳුන්වා දුන් තේ වලට අද වෙලා තියෙන්නෙත් ඔය දෙයමයි...! "කසල-තේ" පටවන්නෝ, අල්ලන්නෝ බොහෝයි. ඒත් ඒවා රටින් පිටකරන්නෝ අදෘෂ්‍යමානයි...
ලංකාවේ වී ගබඩා වල අවුරුදු 10 කට වඩා දිරනකොට මේවා සත්තුන්ට හරි කන්න දෙන එක හොඳයි
තඹුත්තේගමද..ආ.කඩා කප්පල් කාර, විනාස කාර, රටේ අභාග්‍යම පතන, එකත් එකට තරහටම හිතා මතා කල දෙයක් වෙන්නැති.
කසල තේ කිව්වම මට කුඩාකාලයේ අනුපාත ගණන් හදනකොට විවිධ තේ මිශ්‍ර කර විකිණීමේ ගණන් දෙනවා ඒවා අනුව ලංකාවෙ සමහරක් වෙළෙන්දෝ කසල තේ වලට හොද තේ මිශ්‍ර කරලා තත්ව සහතික ඇතුවත් විකුණනවාද කියලා හිතෙනවා.
ඇස් පොට්ට නිලධාරීන් ඉන්නකොට මෙහෙම වෙනවා
මේ සියලුම මහාපරිමාන අපරධ හෝ වංචා පිටුපස අනිවාර්යෙන්ම නුගත් දේසපාලුවෝ සිටිය යුතුය.මුලින්ම මේ නුගත් දේසපාලුවන් රටෙන් අතුගා දැමිය යුතුය.ඉන් පසු මේ වගේ අපරාධකාරයින්ට ආරක්ෂාව නැති වෙනවා.
69 ලක්ෂයක් හරක් මීහරක් කුළු හරක් බූරුවෝ ඉතින් සත්තු තමයි