(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

විද්‍යෝදය සාහිත ප්‍රදානෝත්සවය කොළඹ  විශ්ව විද්‍යාලයේ  සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සුමංගල සභා සදයේදී  පැවැත්වුණි .

ශ්‍රී ජයවර්ධනපුර  විශ්ව විද්‍යාලයේ මානව ශාත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය විසින් සංවිධානය කරන ලද මෙම උළෙල මෙවර පැවැතුණේ 13 වැනි වරටය.

එහිදී වසරේ විශිෂ්ටතම ගේය පද සංග්‍රහයට හිමි සම්මානය වන " පමාවී පිපුන මල් සුවද ගෙනා " රචක වසන්ත කුමාර කොබවකටත්, වසරේ විශිෂ්ටතම තීරුලිපි සංග්‍රහයේ රචකයාට හිමි සම්මානය නයනහේන වන්නිනායකටත් , වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය ලෙස සිංහල ජන ගායනා ශාස්ත්‍රීය කෘතියේ රචකයාට හිමි සම්මානය සමන් පනාපිටිය මහතාටත් හිමිවිය.

වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය වන ගිනි වැදුනු පියාපත් ග්‍රන්ථයේ රචක සදරැසි සුභසිංහටත් , වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය වන " ජාත්‍යන්තර පාපෝච්චාරණය" රචනා කළ එරික් ඉලේ අප්පා මහතාටත් , විශිෂ්ටතම නවකතාව වෙනුවෙන් චන්ද්‍රරත්න බණ්ඩාර මහතාටත් සම්මානය ප්‍රදානය කෙරිණි .

මීට අමතරව සාහිත්‍ය සම්මාන ප්‍රදානය සඳහා අනුග්‍රහය දැක්විමෙහිලා ප්‍රමුඛත්වය හිමි කරගත් සීමාසහිත එස් ගොඩගේ සහ සහෝදරයෝ පුද්ගලික සමාගමට රන් සම්මානයත් , සරසවි ප්‍රකාශන ආයතනයට රිදී සම්මානයත් පිරිනමන ලදී.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)