IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


විද්‍යෝදය සාහිත සම්මාන උළෙලින්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

විද්‍යෝදය සාහිත ප්‍රදානෝත්සවය කොළඹ  විශ්ව විද්‍යාලයේ  සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සුමංගල සභා සදයේදී  පැවැත්වුණි .

ශ්‍රී ජයවර්ධනපුර  විශ්ව විද්‍යාලයේ මානව ශාත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය විසින් සංවිධානය කරන ලද මෙම උළෙල මෙවර පැවැතුණේ 13 වැනි වරටය.

එහිදී වසරේ විශිෂ්ටතම ගේය පද සංග්‍රහයට හිමි සම්මානය වන " පමාවී පිපුන මල් සුවද ගෙනා " රචක වසන්ත කුමාර කොබවකටත්, වසරේ විශිෂ්ටතම තීරුලිපි සංග්‍රහයේ රචකයාට හිමි සම්මානය නයනහේන වන්නිනායකටත් , වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය ලෙස සිංහල ජන ගායනා ශාස්ත්‍රීය කෘතියේ රචකයාට හිමි සම්මානය සමන් පනාපිටිය මහතාටත් හිමිවිය.

වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය වන ගිනි වැදුනු පියාපත් ග්‍රන්ථයේ රචක සදරැසි සුභසිංහටත් , වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය වන " ජාත්‍යන්තර පාපෝච්චාරණය" රචනා කළ එරික් ඉලේ අප්පා මහතාටත් , විශිෂ්ටතම නවකතාව වෙනුවෙන් චන්ද්‍රරත්න බණ්ඩාර මහතාටත් සම්මානය ප්‍රදානය කෙරිණි .

මීට අමතරව සාහිත්‍ය සම්මාන ප්‍රදානය සඳහා අනුග්‍රහය දැක්විමෙහිලා ප්‍රමුඛත්වය හිමි කරගත් සීමාසහිත එස් ගොඩගේ සහ සහෝදරයෝ පුද්ගලික සමාගමට රන් සම්මානයත් , සරසවි ප්‍රකාශන ආයතනයට රිදී සම්මානයත් පිරිනමන ලදී.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (0)

විද්‍යෝදය සාහිත සම්මාන උළෙලින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 460 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16943 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site