IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ශ්‍රී ලාංකේය ඉතිහාසේ ආර්ථිකය ගැන කියන තෝණිගල සෙල් ලිපිය බලන්න අවසර

(රොමේෂ් මධුෂංඛ)

වව්නියාව කුඩාකච්චිකොඩිය ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික තෝණිගල සෙල්ලිපි වසර 20 කට පමණ පසුව  මහජන ප්‍රදර්ශනයට විවෘත බව වව්නියාව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලය පවසයි.

යුද්දය හේතුවෙන් 2002 වසරේදී තෝණිගල සෙල්ලිපිය විනාශ වේයැයි පැවති අවදානම නිසා වැලි සහ පස් යොදා වසදමා තිබූ අතර පසුව ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලාගේ සහ ප්‍රදේශවාසීන්ගේ දැඩි ඉල්ලීමකට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුව වසදමා තිබූ පස් සහ වැලි ඉවත් කොට නැවත පිටපත් කරගැනීම සිදුවූ අතර එහිදී සෙල්ලිපියේ අක්ෂරවලට කිසිදු හානියක් සිදු නොවී ඇති බවටද පුරාවිද්‍යා නිලධාරීන් පවසූහ.

ලාංකේය ඉතිහාසය සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රීලාංකේය ආර්ථික ඉතිහාසය සම්බන්ධයෙන් සුවිශේෂි තොරතුරු රාශියක් මෙම තෝණිගල සෙල්ලිපි මගින් අනාවරණය වේ.

මෙම ගල් තලාවේ ප්‍රධාන සෙල්ලිපියට අමතරව තවත් සෙල්ලිපි දෙකක් පිහිටා ඇත. ඊට අමතරව වෘත්තාකාර පුරාවිද්‍යා ව්‍යුහ 2ක්, කණු පාදම් සහිත ස්ථානයක් සහ පොකුණු දෙකක් අවට දැකගත හැකිය. ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් සාධකද ගල් තලාවේ තැනින් තැන විසිර පවතී.

මෙම සෙල්ලිපිය මහසෙන් රජුගේ පුත් ශ්‍රී මේඝවර්ණාභය රජු (ක්‍රී.ව. 303-331) විසින් කරවා ඇත. එහි ආරාම පාලනය, ආගමික චාරිත්‍ර, ධාන්‍ය තැම්පත් කළ වෙළඳ මධ්‍යස්ථානයක පොළී ක්‍රම සහ මුදල් ක්‍රම පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් අන්තර්ගත වේ .

එය වර්තමානයේ බැංකුවකට සමාන ස්ථානයකි. වී සඳහා 50 % ක පොළියක් ද අනෙක් ධාන්‍ය සඳහා 25% ක පොළිවක් ද ගෙවූ බව දක්වයි. එසේම මෙම කාලයේ යළ මහ සහ මැද යනුවෙන් කන්න තුනකට වී වගා කළ බව ලිපියේ සඳහන්ව තිබේ. එමෙන්ම ‘යහිස පවත’ විහාරය වර්තමාන මඩුකන්ද ශ්‍රී දලදා විහාරය බව ඇතැම් විද්වතුන්ගේ පිළිගැනීමයි.

සෙල්ලිපි අක්ෂර පිටපත් කර ගැනීමේ අවස්ථාව සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය අනුර මණතුංග මහතාගෙ උපදෙස් පරිදි අභිලේකන හා නාණක විද්‍යා අධ්‍යක්ෂක නාමල් කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණයෙන් අභිලේකන හා නානක විද්‍යා අංශයේ පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරීන් පිරිසක් විසින් තෝණිගල සෙල්ලිපි නැවත පිටපත්කරගැනීම සිදුකරන ලද අතර ඒසඳහා වව්නියාව දිස්ත්‍රීක් පුරාවිද්‍යා කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ආර්.ජී ජයතිලක මහතා, ප්‍රාදේශීය ගවේෂක පියුම් පෙරේරා මිය, පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී වික්‍රමසිරි පියදාස, සංවර්ධන නිලධාරී අනුරාධ බණ්ඩාර යන අය පූර්ණ සහය ලබා දී ඇත.

කෙසේ වෙතත් ඓතිහාසික තෝණිගල සෙල්ලිපි මහජන ප්‍රදර්ශනය සඳහා වව්නියාව සිවිල් ආරක්ෂක බලකායේ ආරක්ෂාව සහ මගපෙන්වීම් යටතේ සිදුවන අතරම සෙල්ලිපි දැකබලා ගැනීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැපයීමේදී යම් බාධාවන් පවතින බවටද වාර්ථා වෙයි.

එමෙන්ම තෝණිගල සෙල්ලිපි නියමු සැල්ස්මට මුදල් ප්‍රතිපාදන වෙන්වී නොමැති බවටත් එසේ මුදල් ප්‍රතිපාදන වෙන්වන්නේ නම් ජනතාවට පහසුකම් සපයා සේල්ලිපි ආරක්ෂා කිරීමට විධිමත් සැලස්මක් ක්‍රියාත්මක කිරීමට හැකි බවටද වව්නියාව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (9)

ශ්‍රී ලාංකේය ඉතිහාසේ ආර්ථිකය ගැන කියන තෝණිගල සෙල් ලිපිය බලන්න අවසර

කිරි පුතා Monday, 22 August 2022 12:30 PM

බොහෝම පරිස්සමෙන් කරන්න ඕනෑ. නැත්නම් ඔය පැතිවල ඉන්න නඩුකාරයෙක් කියන්න ඉඩ තියෙනවා.. ඒකෙ තියෙන්නේ ඊලාම් සිතියම කියලා. එහෙව් අය ඒ පැත්තේ ඉන්නේ..!

:       5       58

maha zen Monday, 22 August 2022 01:36 PM

ළමයි දැනුවත් කරන්නේ කවදාද?

:       0       26

sharm warn Monday, 22 August 2022 01:51 PM

මේ සෙල්ලිපියේ ෆයිබර් අනුරුවක් බැංකුවක කුඩා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. එහි ප්‍රධාන කාර්යාලයට යන කෙනෙකුට මෙය දැකගන්න පුළුවන්.

:       0       24

සමන් - ඕමානයMonday, 22 August 2022 02:34 PM

එම ෆයිබර් ග්ලාස් අනුරුව තබා ඇත්තේ මොන බැංකුවේද යන්න දැනුවත් කලොත් වටිනවා.

:       0       15

samanMonday, 22 August 2022 05:50 PM

ඒ බැංකුවත් 50% පොලී ගෙවනවද?

:       1       1

Tissera Monday, 22 August 2022 02:24 PM

මහ බැංකුවේ අයට මේක පෙන්නුවා නම් හොඳයි..!

:       0       15

siril Monday, 22 August 2022 04:04 PM

මෙච්චර සම්පත් තියෙන රටේ. හරියට ආර්ථිකයක් තිබිල, මිනිස්සු බුද්දිමත් ලෙස ජීවත් උනා නම් මෙහෙම ලොකෙ කාලකන්නි රටක් වෙයිද?

:       0       18

ගමේ එකාලා Monday, 22 August 2022 04:15 PM

ලන්කාවේ දුෂිත දේසපාලුවෝ ඔය දේවල් ගැන දන්නෙත් නැතුව ඇති .

:       0       15

වසන්ත පුංචිහේවා Monday, 22 August 2022 08:12 PM

මෙම සෙල්ලිපිය හා එහි අන්තර්ගතය ගැන අප දිවයිනේ සෑම කෙනෙක්ම දැනගත යුතුයි. එය ආර්ථික, ඉතිහාස හා සමාජ විද්‍යාව හදාරන සෑම දෙනෙකුත් දැනගෙන සිටිය යුතුයි. මෙයත් දඩයමේ ගිය තිස්ස රජතුමාට, මිහිඳු මාහිමියන් “පරිසරය” ගැන දුන් අවවාදය වගේම වැදගත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site