
(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව අල්ලාගන්නට පැමිණි අය මර්දනය කළා යැයිද ඔවුන්ට හරියට සැළකුවේ නැතැයි ද ඇතැමුන් කියන බවත් කළ යුතුව තිබුනේ එලෙස අආ අයට පාර්ලිමේන්තු කැන්ටිමෙන් තේ කෝප්ප අරං දීම දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ 156 වන පොලිස් දිනය නිමිත්තෙන් අද (03) පස්වරුවේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථනයේ පැවති උත්සවය අමතමිනි.
ජනාධිපතිවරයා එහිදී මෙසේද කීය.
පාර්ලිමේන්තුව නැතිව පිටින් අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය ඉවත් කරන්නට කවුරුන් හෝ බලනවා නම් ඒ අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.එය වීර ක්‍රියාවක් කියා කියන්නට බැහැ.අපට මුහුණ දෙන්නට සිදු වුණේ එවැනි අවස්ථාවකටයි.
ඉකුත් මාර්තු මාසයේදී තරුණයන් එක් වී ආණ්ඩුවකට විරුද්ධව අරගලය කියා ව්‍යාපාරයක් ආරම්භ කළා.ඒ අය ක්‍රියා කළේ සාමකාමීව යි.ඒ අයගේ නොයෙක් අංශවල දක්ෂකම් පෙන්නුවා.ඒ පිළිබඳව කාටවත් ප්‍රශ්න කරන්නට බැහැ. ඔවුන් ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව ඒ උද්ඝෝෂණය ගෙන ගියා.අවාසනාවකට ඉකුත් ජුනි මාසයේදී සාමකාමී කණ්ඩායම ඉවත් කොට ප්‍රචණ්ඩකාරීන් විසින් ඒ ව්‍යාපාරය අල්ලා ගත්තා.ඔවුන් රජයේ ගොඩනැගිලි අල්ලා ගත්තා.පාර්ලිමේන්තුවත් අල්ලා ගන්න උත්සාහ කළා.
පාර්ලිමේන්තුව අල්ලා ගත්තා නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් අවසන් වෙනවා.
මෙය නීතියේ ආධිපත්‍ය මෙන්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.එමෙන්ම ජනතාවගේ සර්වජන ඡන්ද බලය නැති කිරීමක්.ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුව ආරක්ෂා වුණේ හමුදාව සහ පොලිසිය එය ආරක්ෂා කිරීමට ක්‍රියා කළ නිසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව අල්ලන්නේ ගෝඨා.එදාට පස්සට පැලැස්තර දාගන්න.
මහජන වරමක් නැතුව ජනාධිපති වෙලා බණ කියන්නේ නැතුව ඉන්නවාද?
පොලීසියට, හමුදාවල්වලට වැඳ වැඳ ඉන්නේ... එයාලා හැරුණු දවසට මේ අයට දුවලා හැංගෙන්න පාරවල් නැහැ.
රනිල් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නට කලින් ඔහු දැන ගතයුතුයි ඔහුගේ පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදයක් තියනවද කියලා. ඔහුගේ පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුනා නම්, ඔහු කොහොමද අවුරුදු 28ක් නොකඩවා පැරදිලා පැරදිලා නායකත්වයේ ඉන්නේ?
ප්‍රජාතන්ත්‍රවාදය ගැන නම් මේ රටේ මහා ඉහළින් කෙරෙන ලොරි ටෝක් නිතර කන් පිරෙන්නම ඇහෙනවා. ඒ වුණාට ඔය කියන දේ ඇත්තටම, වචනයටම පමණක් සීමාවෙලා කියා වරෙක සිතෙනවා. ඔය පම්පෝරිය සඳහා පමණක් සීමාවූ වචනය සාමකාමී උද්ඝෝෂණයට අරලිය ගහ මන්දිරයේ සිට සංවිධානය කරනු ලැබූ මැර කල්ලි කණ්ඩායම් ප්‍රහාරය වෙලාවේ කොහේද තිබුණේ කියලා හිතෙනවා...
Do not raise the same thing again and again. it is utterly useless to find refugees under the cover of the present controversial constitution. People are already suffering. Change the system and frame transparent, solid foresighted state policies and implement the same without wasting valuable time any further. Do it with honesty. If not Sri Lanka will go down further in the precipice. we all must understand that getting loans from IMF and other creditors continue with the same system will further aggravate and put even the unborn generation will be in trouble, Solacing the people with temporary remedies will keep the country standstill but the consequences will be severe. We need proactive, visionary leaders to put the country on the right track. Hitherto Sri Lankan leaders have been preaching sermons and always finding faults of the opposition whoever it Maye and trying to drag power. while the general public is suffering.
හරියට ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රටක් වගේ කතාව...
ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක් රට පාලනය කරන එකද?
බලය පාවිච්චි කරලා මහජන මුදල් කොමිස් ගහලා හොරාකන එකද ප්‍රජාතන්ත්‍රවාදය? මිනිස්සු ඡන්දෙන් පැරැද්දුවාට පස්සේ කූටකමින් ජනාධිපතිකම් කරන එකද ප්‍රජාතන්ත්‍රවාදය...?
අපේ රටේ ඔය රනිල් කියන දේවල් සිද්ද වෙන්නේ නැහැ..! ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට තුවක්කුවෙන් ගැහුවේ කවුද? ඒ අපේ සෙබලෙක් නොවේද? ඒ රනිල් දැනගත යුතු එකම දේ නම් බොරු ප්‍රජාතන්ත්‍රවාදයට පොලිසියත්, හමුදාවත් විරුද්ධ බවයි...!
කපටියා දන්නවා තවමත් රටේ මහජනතාවගෙන් බේරිලා රැකිලා ඉන්නේ පොලිසිය සහ හමුදාව හින්දා කියලා... ඒක හින්ද මේ දවස්වල හමුදාවේ, පොලිසියේ කිසිම උත්සවයක් මගහරින්නේ නැහැ...
පාර්ලිමේන්තුව ඇල්ලුවා නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙන්නේ කොහොමද? ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ පාර්ලිමේන්තුවේද? දන්න දහන් ගැට වෙට්ටු දාලා කප්පරක් දාලා ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දාලා උප්පරවැට්ටි දාන සෙට් එකක්නේ ඔය මේන්තුව ඇතුලේ ඉන්නේ. ඒකනේ මිනිස්සු ඔය 225ම එපා කියන්නේ...!
රනිල් රාජපක්ෂ එළවන දවස වැඩි ඈතක නෑ.
ජනතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරපු කෙනෙක්ට ජනාධිපති වෙන්න කිසිම අයිතියක් නැහැ. ලැජ්ජා නැතිව කතා කරනවා... ‘‘ප්‍රජාතන්තරේ‘‘ ගැන...! අද පාර්ලිමේන්තුවේ තියෙන්නේ ‘‘ප්‍රෝඩාතන්ත්‍රී‘‘ වාදය වගේ..!
හොරු 134 දෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදය ද?
නිලකාස හොරු 134ප්‍රජාතන්ත්‍රවාදය ද? ඒක ඇල්ලුවා නම් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය නම් යස අගේට රැකෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව ... මේවා ආරක්ෂා කරනවා කියලා කියමින් හොඳම අයවැය ඉදිරිපත් කළා කියමින් අවුරුදු පතා පුරසාරම් දොඩලා අන්තිමට රට බංකොළොත් වෙලා මිනිස්සු පාරට වැටුණා...
ඉගෙන ගත්තේ පාසලේ වරදක්ද? නැහැ.. හේතුව වහසි බස් දොඩන මෙයාගේ කටේ වරදක්... මේවට ජනතාවගෙන් ළඟදිම උත්තර ලැබේවි...!
දැන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවාද? පාලකයින් කලින් කරපු සහ දැන්කරන හොරකම් නිසාත් අයථා පාලනය නිසාත් වැඩිවන බඩුමිල සහ අත්‍යාවශ්‍ය බඩු හිඟවීමට විරුද්ධව සාමකාමීව කරන අරගලවලට ප්‍රසිද්ධියේම මැරවරයින් සහ ආරක්ෂක අංශ යොදවා කරන පහරදීම් සිදුවෙන්නේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේද? එදා අරගලකරුවන් තමන්ගේ බුද්ධිය මෙහෙයවලා පාර්ලිමේන්තුව අල්ලගෙන මහ ඡන්දයක් තියන්න බලකළා නම් මේ වෙනකොට රටේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට වැඩකරන මිනිස්සු ඉන්න ආණ්ඩුවක් පත් කරගන්න තිබුණා... !
මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද ලංකාවේ තියෙන්නේ? කිසිම ජනවරමක් නැති කෙනා පින් ජනාධිපති වෙලා...
අල්ලන්ඩයි තිබුණෙ. මාර ප්‍රජාතන්ත්‍රවාදය. එහෙම එකක් කරන්නඩ එකෙක් නෑ මේ රටේ.
මේ "ගෝටාධිපති" එලවන්න අපි ඔක්කොම එකතුවෙමු, මෙයා අපි තෝරපු ජනාඩිපති නෙවේ.
මෙයා හමුදාව, පොලීසිය මුරුංගා අත්තේ තියන්නේ ගේ ගිනිතිබ්බ කෙනා අල්ලන්න. අපිට ආරංචියි මෙයාම ගේ ගිනි තිබ්බෙව්වා කියලා...