IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


පාර්ලිමේන්තුව ඇල්ලුවා නම් ප්‍රජාතන්ත්‍රවාදයත් ඉවරයි

(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව අල්ලාගන්නට පැමිණි අය මර්දනය කළා යැයිද ඔවුන්ට හරියට සැළකුවේ නැතැයි ද ඇතැමුන් කියන බවත් කළ යුතුව තිබුනේ එලෙස අආ අයට පාර්ලිමේන්තු කැන්ටිමෙන් තේ කෝප්ප අරං දීම දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ 156 වන පොලිස් දිනය නිමිත්තෙන් අද (03) පස්වරුවේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථනයේ පැවති උත්සවය අමතමිනි.

ජනාධිපතිවරයා එහිදී මෙසේද කීය.

පාර්ලිමේන්තුව නැතිව පිටින් අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය ඉවත් කරන්නට කවුරුන් හෝ බලනවා නම් ඒ අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.එය වීර ක්‍රියාවක් කියා කියන්නට බැහැ.අපට මුහුණ දෙන්නට සිදු වුණේ එවැනි අවස්ථාවකටයි.

ඉකුත් මාර්තු මාසයේදී තරුණයන් එක් වී ආණ්ඩුවකට විරුද්ධව අරගලය කියා ව්‍යාපාරයක් ආරම්භ කළා.ඒ අය ක්‍රියා කළේ සාමකාමීව යි.ඒ අයගේ නොයෙක් අංශවල දක්ෂකම් පෙන්නුවා.ඒ පිළිබඳව කාටවත් ප්‍රශ්න කරන්නට බැහැ. ඔවුන් ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව ඒ උද්ඝෝෂණය ගෙන ගියා.අවාසනාවකට ඉකුත් ජුනි මාසයේදී සාමකාමී කණ්ඩායම ඉවත් කොට ප්‍රචණ්ඩකාරීන් විසින් ඒ ව්‍යාපාරය අල්ලා ගත්තා.ඔවුන් රජයේ ගොඩනැගිලි අල්ලා ගත්තා.පාර්ලිමේන්තුවත් අල්ලා ගන්න උත්සාහ කළා.

පාර්ලිමේන්තුව අල්ලා ගත්තා නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් අවසන් වෙනවා.

මෙය නීතියේ ආධිපත්‍ය මෙන්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.එමෙන්ම ජනතාවගේ සර්වජන ඡන්ද බලය නැති කිරීමක්.ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුව ආරක්ෂා වුණේ හමුදාව සහ පොලිසිය එය ආරක්ෂා කිරීමට ක්‍රියා කළ නිසයි.



අදහස් (29)

පාර්ලිමේන්තුව ඇල්ලුවා නම් ප්‍රජාතන්ත්‍රවාදයත් ඉවරයි

මේනකා Sunday, 04 September 2022 07:29 AM

පාර්ලිමේන්තුව අල්ලන්නේ ගෝඨා.එදාට පස්සට පැලැස්තර දාගන්න.

:       127       37

senaSunday, 04 September 2022 11:46 AM

හරියටම හරි... මෙයා රාජපක්ෂලාගේ ඊළඟ එක... ගෝඨාට යන්න සිංගප්පූරුව වත් තිබුණා... මෙයා කොහේටද?

:       89       32

NishanTuesday, 06 September 2022 03:43 PM

පස්ස පැත්තේ පැලැස්තර ගහගන්න වෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් ආපු හාදයාටයි, යාපනෙන් සහ මඩකලපුවෙන් ආපු මන්ත්‍රීලාටයි, එන්.ජී.ඕ. නඩේටයි තමයි.

:       3       0

ලුම්බිණි Sunday, 04 September 2022 09:59 AM

මහජන වරමක් නැතුව ජනාධිපති වෙලා බණ කියන්නේ නැතුව ඉන්නවාද?

:       161       60

ajithSunday, 04 September 2022 05:41 PM

එහෙම කියන්න එපා. මෙයාට තියෙනවා ඡන්ද 134ක්ම...!

:       18       11

wilmanMonday, 05 September 2022 11:14 AM

එ චන්ද ටික හොර සල්ලි වගෙ දෙයක් .. ලගදිම මාට්ටුවෙලා මොනවයින් මොනව වෙයිද කියන්න බැහැ .

:       0       5

Perera Sunday, 04 September 2022 10:11 AM

පොලීසියට, හමුදාවල්වලට වැඳ වැඳ ඉන්නේ... එයාලා හැරුණු දවසට මේ අයට දුවලා හැංගෙන්න පාරවල් නැහැ.

:       76       45

Hafeel Sunday, 04 September 2022 10:45 AM

එදා රටේ තීරණාත්මක යුද්ධය පැවතිද්දී මෙයා පොලීසිය සහ ආරක්ෂක හමුදාව අගෞරවය කලා. තොප්පිගල අල්ලන්න මෙහෙයුමේදී මෙයා කිව්වේ තොප්පිගල කැලේ කියලා. නමුත් ඒ කැලේ තුල තමයි කොටින්ගේ ක්‍රියාකාරම් තිබුනේත්. රනිල්ගේ ගෝලයකුට අලිමංකඩ පෙනුනේ පාමංකඩ බවත්, කිලිනොච්චිය පෙනුනේ මැදවච්චිය බවත්, එදා තුවාල වූ රණවිරුවන්ගේ සුවදුක් බලන්න රෝහල්වලට ගියේ නැහැ. නමුත් මෙදා බලයට ආපු ගමන් රෝහල්වලට ගියේ හමුදාව උපයෝගි කරමින් මර්දනයට යන්න. මෙයාට දැන් ආරක්ෂක අංශය ගැන පුදුම කැක්කුමක් ඇවිල්ලා තියන්නේ. ආරක්ෂක අංශ මේවා දැනගෙන කටයුතු කළා නම් හොඳයි.

:       14       45

Hafeel Sunday, 04 September 2022 10:33 AM

රනිල් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නට කලින් ඔහු දැන ගතයුතුයි ඔහුගේ පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදයක් තියනවද කියලා. ඔහුගේ පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුනා නම්, ඔහු කොහොමද අවුරුදු 28ක් නොකඩවා පැරදිලා පැරදිලා නායකත්වයේ ඉන්නේ?

:       19       40

සමිත අලුත්ගමගේ. Sunday, 04 September 2022 10:51 AM

ප්‍රජාතන්ත්‍රවාදය ගැන නම් මේ රටේ මහා ඉහළින් කෙරෙන ලොරි ටෝක් නිතර කන් පිරෙන්නම ඇහෙනවා. ඒ වුණාට ඔය කියන දේ ඇත්තටම, වචනයටම පමණක් සීමාවෙලා කියා වරෙක සිතෙනවා. ඔය පම්පෝරිය සඳහා පමණක් සීමාවූ වචනය සාමකාමී උද්ඝෝෂණයට අරලිය ගහ මන්දිරයේ සිට සංවිධානය කරනු ලැබූ මැර කල්ලි කණ්ඩායම් ප්‍රහාරය වෙලාවේ කොහේද තිබුණේ කියලා හිතෙනවා...

:       55       38

sunil Gamage Sunday, 04 September 2022 11:11 AM

Do not raise the same thing again and again. it is utterly useless to find refugees under the cover of the present controversial constitution. People are already suffering. Change the system and frame transparent, solid foresighted state policies and implement the same without wasting valuable time any further. Do it with honesty. If not Sri Lanka will go down further in the precipice. we all must understand that getting loans from IMF and other creditors continue with the same system will further aggravate and put even the unborn generation will be in trouble, Solacing the people with temporary remedies will keep the country standstill but the consequences will be severe. We need proactive, visionary leaders to put the country on the right track. Hitherto Sri Lankan leaders have been preaching sermons and always finding faults of the opposition whoever it Maye and trying to drag power. while the general public is suffering.

:       40       14

රසික Sunday, 04 September 2022 11:44 AM

හරියට ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රටක් වගේ කතාව...

:       52       40

Kodi Sunday, 04 September 2022 11:52 AM

ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක් රට පාලනය කරන එකද?

:       38       43

sam Sunday, 04 September 2022 11:58 AM

බලය පාවිච්චි කරලා මහජන මුදල් කොමිස් ගහලා හොරාකන එකද ප්‍රජාතන්ත්‍රවාදය? මිනිස්සු ඡන්දෙන් පැරැද්දුවාට පස්සේ කූටකමින් ජනාධිපතිකම් කරන එකද ප්‍රජාතන්ත්‍රවාදය...?

:       41       36

sirisena Sunday, 04 September 2022 12:14 PM

අපේ රටේ ඔය රනිල් කියන දේවල් සිද්ද වෙන්නේ නැහැ..! ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට තුවක්කුවෙන් ගැහුවේ කවුද? ඒ අපේ සෙබලෙක් නොවේද? ඒ රනිල් දැනගත යුතු එකම දේ නම් බොරු ප්‍රජාතන්ත්‍රවාදයට පොලිසියත්, හමුදාවත් විරුද්ධ බවයි...!

:       44       29

නිමේෂ් Sunday, 04 September 2022 12:27 PM

කපටියා දන්නවා තවමත් රටේ මහජනතාවගෙන් බේරිලා රැකිලා ඉන්නේ පොලිසිය සහ හමුදාව හින්දා කියලා... ඒක හින්ද මේ දවස්වල හමුදාවේ, පොලිසියේ කිසිම උත්සවයක් මගහරින්නේ නැහැ...

:       29       29

C.K.Lankaputhra Sunday, 04 September 2022 12:30 PM

පාර්ලිමේන්තුව ඇල්ලුවා නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙන්නේ කොහොමද? ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ පාර්ලිමේන්තුවේද? දන්න දහන් ගැට වෙට්ටු දාලා කප්පරක් දාලා ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දාලා උප්පරවැට්ටි දාන සෙට් එකක්නේ ඔය මේන්තුව ඇතුලේ ඉන්නේ. ඒකනේ මිනිස්සු ඔය 225ම එපා කියන්නේ...!

:       87       27

fairoos Sunday, 04 September 2022 12:44 PM

රනිල් රාජපක්ෂ එළවන දවස වැඩි ඈතක නෑ.

:       51       32

Rocky Sunday, 04 September 2022 12:47 PM

ජනතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරපු කෙනෙක්ට ජනාධිපති වෙන්න කිසිම අයිතියක් නැහැ. ලැජ්ජා නැතිව කතා කරනවා... ‘‘ප්‍රජාතන්තරේ‘‘ ගැන...! අද පාර්ලිමේන්තුවේ තියෙන්නේ ‘‘ප්‍රෝඩාතන්ත්‍රී‘‘ වාදය වගේ..!

:       73       29

NishanTuesday, 06 September 2022 03:46 PM

එහෙනම් ජනාධිපති වෙන්න ඕනෑ 1965 ඉඳන් දේශපාලනය කරලත් කිසිම ජනවරමක් නැති ජේ.වී.පී උන්දැලාද...?

:       2       0

දාස Sunday, 04 September 2022 12:58 PM

හොරු 134 දෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදය ද?

:       45       24

ලමය Sunday, 04 September 2022 01:00 PM

නිලකාස හොරු 134ප්‍රජාතන්ත්‍රවාදය ද? ඒක ඇල්ලුවා නම් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය නම් යස අගේට රැකෙනවා.

:       57       21

ranjith Sunday, 04 September 2022 01:26 PM

ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව ... මේවා ආරක්ෂා කරනවා කියලා කියමින් හොඳම අයවැය ඉදිරිපත් කළා කියමින් අවුරුදු පතා පුරසාරම් දොඩලා අන්තිමට රට බංකොළොත් වෙලා මිනිස්සු පාරට වැටුණා...

:       36       18

Surain Sunday, 04 September 2022 01:41 PM

ඉගෙන ගත්තේ පාසලේ වරදක්ද? නැහැ.. හේතුව වහසි බස් දොඩන මෙයාගේ කටේ වරදක්... මේවට ජනතාවගෙන් ළඟදිම උත්තර ලැබේවි...!

:       59       22

සිරි විතානගේ Sunday, 04 September 2022 03:09 PM

දැන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවාද? පාලකයින් කලින් කරපු සහ දැන්කරන හොරකම් නිසාත් අයථා පාලනය නිසාත් වැඩිවන බඩුමිල සහ අත්‍යාවශ්‍ය බඩු හිඟවීමට විරුද්ධව සාමකාමීව කරන අරගලවලට ප්‍රසිද්ධියේම මැරවරයින් සහ ආරක්ෂක අංශ යොදවා කරන පහරදීම් සිදුවෙන්නේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේද? එදා අරගලකරුවන් තමන්ගේ බුද්ධිය මෙහෙයවලා පාර්ලිමේන්තුව අල්ලගෙන මහ ඡන්දයක් තියන්න බලකළා නම් මේ වෙනකොට රටේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට වැඩකරන මිනිස්සු ඉන්න ආණ්ඩුවක් පත් කරගන්න තිබුණා... !

:       66       15

ගමේ එකාලා Sunday, 04 September 2022 04:10 PM

මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද ලංකාවේ තියෙන්නේ? කිසිම ජනවරමක් නැති කෙනා පින් ජනාධිපති වෙලා...

:       24       18

prachanda Tuesday, 06 September 2022 01:02 PM

අල්ලන්ඩයි තිබුණෙ. මාර ප්‍රජාතන්ත්‍රවාදය. එහෙම එකක් කරන්නඩ එකෙක් නෑ මේ රටේ.

:       12       2

prachanda Tuesday, 06 September 2022 01:07 PM

මේ "ගෝටාධිපති" එලවන්න අපි ඔක්කොම එකතුවෙමු, මෙයා අපි තෝරපු ජනාඩිපති නෙවේ.

:       0       2

prachanda Tuesday, 06 September 2022 01:12 PM

මෙයා හමුදාව, පොලීසිය මුරුංගා අත්තේ තියන්නේ ගේ ගිනිතිබ්බ කෙනා අල්ලන්න. අපිට ආරංචියි මෙයාම ගේ ගිනි තිබ්බෙව්වා කියලා...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිළිකා රෝහලටත් බන්ධනාගාරයටත් විභාග මධ්‍යස්ථාන දෙකක්
2024 මැයි මස 05 0 0

මාරගම අපේක්ෂා රෝහලේද වැලිකඩ බන්ධනාගාරයේද අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර


බෝගම්බර බන්ධනාගාරය හෝටලයක් වෙයි
2024 මැයි මස 05 223 0

බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයකු ඉදිරිපත් වී ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසයි.


යුක්රේන ජනපති රුසියානු අපරාධකරුවන්ගේ ලැයිස්තුවට
2024 මැයි මස 05 198 0

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියාවේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පස


මවට පහරදී දියණිය පැහැරගෙන ගිය සැකකරු කොටුවෙයි
2024 මැයි මස 05 293 0

උඩුගම, ගොනදෙණිය, ඇස්ටොප්වත්ත ප්‍ර දේශයේ දි මවගේ අත් පා බැද විසිහත් හැවිරිදි වියේ පසුවන ඇයගේ දියණියට පහරදි ඇය බලහත්කාරයෙන් පැහැගෙන යාමේ සිද්ධියට සම්බ


යාපනයේ නිවාස දෙකකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර
2024 මැයි මස 05 93 0

යාපනය අවරන්ගල් නැගෙනහිර නිවාස දෙකකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇති බවට අච්චුවේලි පොලිසිය පවසයි.


අද වහින පළාත්
2024 මැයි මස 05 73 0

බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 484 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1932 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1701 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site