
(ඩයනා උදයංගනී)
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීමෙන් පසු ඔහුගේ නිදහස අපේක්ෂාවෙන් කලාකරුවන්, මාධ්‍යවේදීන් මහජනතාව ඇතුළු පිරිස් මේ වන විටත් වැලිකඩ බන්ධනාගාරය අසලට රැස්වෙමින් සිටිති.
රන්ජන් රාමනායක මහතාට ආදරය කරන අය අද දහවල් 12ට වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණෙන ලෙස ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමෙහි ද පළ කර ඇති අතර, ඒ අනුව මේ වන විටත් ඒ අසලට බොහෝ පිරිස් රැස්ව සිටිති.
සිර දඬුවම් ලබන රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දෙන ලෙස දේශපාලනඥයන්, කලාකරුවන් ඇතුළු විවිධ පිරිස් පසුගිය කාලයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද එයට අදාළ ලේඛනයට අත්සන් තැබීය.
(ඡායාරූප: හිමත් මතීෂ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙව් ගොබ්බයින් ඉන්න රටක් හරියාවිද...?
නියමයි ද්‍රවිඩ චිත්‍රපටියක දර්ශනයක් බලාගන්න පුළුවන් නේද?
ජයවේවා, අයුක්තිය අසාධාරණය වෙනුවෙන් හඬ නගන්න තවතවත් ශක්තිය ලැබේවා..! රාජපක්ෂලාගේ බත් ගොට්ටන්ට නම් රිදිලා වගේ හොඳටම...
රාජපක්ෂ රැල විසින් තමයි රන්ජන්ව මේ ඛේදනීය තත්වයට පත්කළේ. සරත් ෆොන්සේකා මහත්මයාටත් ඔවුන් කලේ මේ ටිකමයි. සිංහලේ හෝ රාවණා ලේබලය අලවා ගත් අය තමයි රන්ජන්ව හිරගත කිරීමට මුල් වුනේ. ඒ අයට මේ කළ අපරාධයට ශාපය වදිනවාමයි..! මිනීමරුවන්ට නිදහස දෙන රාජපක්ෂලා තරම් අධර්මිෂ්ඨයෙක් නොවන රනිල් මහතා රන්ජන්ට ජනාධිපති සමාව ලබාදීමෙන් කරගත්තේ ලොකු පිනක්. රන්ජන් ඔබට ජයවේවා..!!
ලංකාවේ ඉන්නේ මෝඩ මිනිස්සු...!
ජනතාව සමග දුගීදුප්පත් ජනතාව පැත්තේ සිටගත්තු කලාකරුවෙක්.. ඔබ අප සිතේ තබාගෙන සිටින සාධාරණ සමාජය එළිදැක්වූවට සමහර අය එයටද නිගරු කරනවා.
මානවහිතවාදි, සුන්දර කලාකරුවෙක් වන රන්ජන්ට ලැබූ නිදහස ගැන සතුටු වෙනවා. ඔහුගේ තටු කපලයි එළියට දාලා තියෙන්නේ. රටම හොරාකාලා කාබාසිනියා කරපු දුෂිත පවුල් පාලනේ උදවිය සහ අන්ත දුෂිත දේශපාලකයෝ අද නිදහසේ, සුවසේ.
මෙතනට ආපු මේ රසික රසිකාවියො ගැන ගැටළුවක් නැහැ. ඒත් කෝ මේ සිරකරුවෙක් හෝ සැකකරුවෙක් හෝ නිදහස් වන විට පේළියට ඉස්සරහට ඇවිත් අත්පුඩි ගහන ටයි කෝට් සාරි ඇඳගත්තු අපේ වැදගත් නෝන මහත්තුරු ටික. එයාලා දන්නේ නැතිවවත්ද?
මට රාජපක්ෂලා වගේම රංජනුත් අප්පිරියයි. රාජපක්ෂලා ආගම විකුණලා බලේ රැකගත්තේ. රන්ජන් ආගමට අපහාස කළා. මමත් කැතලික්. නමුත් ඒ වගේ කතා හින්දා මොහු අප්පිරියයි...
රන්ජන්ව එළියට ගත්තේ නම් රාජපක්ෂලා මිසක් වෙන කවුරුත් නෙමේ. රන්ජන්ව හිරේ දැම්මේ යහපාලන කාලය තුළ දමපු නඩුවකට. එයට රාජපක්ෂලා හෝ දේශපාලකයින් සම්බන්ධ නැහැ. නඩුව දාපු කෙනත් එජාපයෙන් ඡන්දෙ ඉල්ලපු කෙනෙක්... මේක තනිකරම කළු කෝට් මාෆියාවේ වැඩක්. රන්ජන් සටන පවා දුන්නා. ඔහු කළ ප්‍රකාශය බොරුබවට දිවුරුම් පෙත්සමක් දීලා තමයි එළියට ආවේ. මෙච්චර කල් දුක් වින්ද එකෙන් වැඩක් නැහැ දැන්. ඔහු වීරයෙක් නෙමේ. සටන පවා දුන්නු දුර්වලයෙක්...!