
(කේ. ඩි. දේවප්‍රිය)
කතරගම ඇසළ පෙරහරට සමගාමිව සිදුකරන ගිනි පෑගිමේ උත්සවයට බැතිමත්හු 400ක් පමණ එක්වී සිටියහ.
අද රුහුණු මහා කතරගම මංගල්ල්‍යයේ 13 වැනි පෙරහැර අද (10) වැනි දින වීදි සංචාර කිරීමට නියමිතය
ලබන 11 වැනි දින අවසන් මහා පෙරහර කිරි වෙහෙර දක්වා ගමන් කර පුරාණ චාරිත්‍ර ඉටු කර අවසන් මහා පෙරහැර වල්ලි අම්මා දේවාලය දක්වා ගමන් කර දුටුගැමුණු මහා රජතුමා පැන වු රාජ්‍ය අණ පරදි චාරිත්‍ර ඉටුකර පෙරහර අවසන් කර පසු දින (12) වැනි දින මැණික් ගගේ දිය කැපීමෙන් පසුව 2022 ඇසළ මංගල්‍ය නිමාවට පත් වන බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩීෂාන් ගුණසේකර මහතා සදහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් කෙබර හලන්න එපා.