
(අංජුල මහික වීරරත්න)
රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.
අන්තර්කාලීන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ලෙස මොවුහු දිවුරුම් දුන්හ.
දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, සුසිල් ප්‍රේම ජයන්ත, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද අමරවීර, විජේදාස රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, අලි සබ්රි, විදුර වික්‍රමනායක, කංචන විජේසේකර, නසීර් අහමඩ්, රොෂාන් රණසිංහ,මනුෂ නානායක්කාර,ටිරාන් අලස්, නලින් ප්‍රනාන්දු මහත්වරු දිවුරුම් දුන්හ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘‘තව දුරටත් මගේ පැවැත්මට කටයුතු කිරීමටත්, හැකිතරම් කොමිස් ගසමින් බඩ වඩා ගැනීමටත් හැකි සෑම ජාතික සම්පතක්ම විකුණා දමන්නට, රටේ ඉඩම් වුවත් විකුණා දමන්නට සහ රාජ්‍ය මුදල් හා දේපළ මංකොල්ල කෑ සියලු ප්‍රවීණ සොරුන්ව සුරක්සා කිරීමටත් බැඳීසිටින බවට දිවුරා පොරොන්දු වෙමි.
දේශපාලනය තිත්තයි කියපු අලි සබ්රිත් ඇමැති වුණා. කවුරු විශ්වාස කරන්නද?
අතීසාරයට අමුඩය ගැසීම..
පරණ හොරුම තමයි. සුපුරුදු හොරකම ආයෙත් පටන් ගනීවි. හැබැයි මේ පාර නම් වෙන්නේ දිනවන්නම තමයි.
ඇයි මේ ගරු කියලා මුලට ලියලා තියෙන්නේ.. රටේ මහජනයාට දුක්පීඩා දුක් දීලා ඒකෙනුත් වින්දනයක් ලබනවාද? ලෙඩා මළත් බඩ සුද්දයි වගේ...
හොරු රැළක් දිවුරුම් දීලා... ඔක්කොම එක වල්ලෙ හොරු. පවුල් පිටින්ම අහුවේවා..!
මේ ගොල්ලෝ ඉතින් ඕක අස්සට වෙලා දිවුරනවා. අරහේ මිනිස්සු පෝලිම්වල දිවුරනවා.
සමහරුන්ට දිවුරන්න තිබ්බේ "අම්මා පල්ලා" කියලයි...!
මිනිස්සු පෝලිම්වල දිවුරනවා නෙවෙයි, සාප කරනවා...
මෙ අයද රට වලපල්ලෙන් ගොඩ ගන්න යන්නෙ????
රටේ වගකීම්...!
මේ හැමෝම හැඳිගෑවිලා මකබෑවිලාම යන්න ඕනෑ...!
වැඩිහිටි නිවසක ඡායාරූපයක්ද?
මේ මොන ප්රජාතන්ත්රවාදයක්ද, එකෙක් කප්පම් කාරයෙක්, මහ එකා ජනාධිපති වුනේ හොරු 134 ඡන්දෙන්, රටේම කෝටි ගාණක් ජනතාවට මොවුන් තිත්තයි. ඔහොම පලයල්ලා... ජනතාව නුඹලා එලවන දවස වැඩි ඈතක නෑ..
රට බංකොලොත් කරපු පොහොට්ටුවෝ ටිකවම ආයේ පත්කරලා.. අපි බලමු රනිල්තුමා කොච්චර කලක් මේක කරගෙන යයිද කියලා...!
දිවුරලා ඔක්කෝමලා එකතුවෙලා මුහුණු පෙන්නලා වැඩක් නැහැ. අදම රටේ සංවර්ධනය සඳහා සැලසුම් සකසා දේශීය සම්පත් උපයෝගි කරගෙන කර්මාන්ත ආරම්භ කරන්න. ලෝකයේ එක විද්වතෙක් කියලා තිබුණා ලංකාවට ලෝක බලවතෙක් වෙන්න සම්පත් තියෙනවා කියලා. එහෙම නම් ඒවායින් ප්‍රයෝජනයක් ගන්න හදන්න. එහෙම නැතුව අවුරුදු 75ක් කළා වගේ ණයට අරගෙන කන්න බලන්න එපා. අපිටත් තෙල් සම්පත් තිබේ නම් ඒවා ගොඩගන්න බලන්න. ඒවාට අරගලය කරන අයත් සහභාගි කරගන්න අපිට නැතත් අපේ දරුවන්ට අනාගතය සකසන්න...
ගෝඨාගේ කැබිනට් හැදිල්ලට වඩා වෙනසක් නැහැ. හොඳ ලී තිබුණත් වැඩි හරියක් දිරච්ච ගුල්ලන් ගහපු කසිකබල් ලී තමයි තෝරාගෙන තියෙන්නේ. බොහෝ විට ප්‍රතිඵලය පහලට යන එකම තමයි...
මහබැංකු හොරුයි, හොර නඩයි...
මේ අය පරණ සෙට් එකමයි. වහාම මහා මැතිවරණයකට යා යුතුයි. අරගල කළ යුත්තේ ඒ සඳහායි...
ජනාධිපති පත්වීම යුක්තිසහගත නොවේ...
මහළු මඩමක පින්තූරයක් වගේ...