ලංගමෙන් තෙල් ගන්න දිගු පෝලිම් තලංගම ලංගම ඩිපෝවෙන් ඩීසල් ලබාගැනීම සඳහා පෞද්ගලික බස් රථ 200 කට ආසන්න සංඛ්‍යාවක් අද (30) පෙරවරුවේ සිට දිගු පෝලිමක රැදී සිටින ආකාරය දැකගත හැකිය. 30 June 2022
ඉන්ධන නැතිව කොළඹ පාළුවට යයි දැඩි තදබදයක් පවතින බොහෝ නගර මේ වන විට පාළුවට ගොස් ඇති අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි. 29 June 2022
බස් නැති නිසා ට්‍රැක්ටරයෙන් පාසලට මහව බලල්ල නවොද්‍යා පාසලට සහ මහව විජය බා ජාතික පාසලට යන දරුවන් ප්‍රවාහන පහසුකම් නොමැතිව මහ මග සිටියදි පාරේ යන ට්‍රැක්ටරයක් පිහිට වන අයුරු අප වාර්තාකරුවේ කැමරාවේ සටහන් වූ යේ මේ අයුරිණි. 28 June 2022
අශ්ව කරත්තය යළි කරලියට ඉන්ධන හිඟය හේතුවෙන් අඩාල වී ඇති ගමනාගමන කටයුතුවලට විසඳුමක් ලෙස යාපනය නගරය අවට අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කළ ඇති අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි. 27 June 2022
ඉන්ධන ඇමැති කනගාටු වෙයි ඉන්ධන නෞකාවක් ලැබෙන දිනයක් නිශ්චිතව කිවනොහැකි බවත් ඉදිරි අනාගතයේ ඉන්ධන අර්බුදයේ වඩාත් බරපතල තත්වයකට මුහුණ දීමට සිදුවිය හැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (26) පස්වරුවේ පැවසීය. 26 June 2022
බෙහෙත් ගන්න ගිය මාතර ප්‍රා.ලේ රෝහල් කාමරයේ සිරකරලා අසනීප තත්වයක් හේතුවෙන් මාතර මහ රෝහල වෙත ඇතුලත් වු මාතර ප්‍රාදේශීය මහ ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මිය එම රෝහලේ සේවක සේවිකාවන් ශල්‍යාගාරය තුළ සිර කර තබා ගෙන සිටියදී පොලිසිය මැදිහත්ව ඇය ප්‍රතිකාර සඳහා මාතර සමූපාකාර රෝහල ඇතුළත් කරනු ලැබ සිටියි. 25 June 2022
ඉන්ධන හලේ හිමිකරුගේ උතුම් ක්‍රියාව දින ගණනාවක් තිස්සේ තම ඉන්ධන පිරවුම් හළ ඉදිරිපිටට වී ඉන්ධන බලාපොරොත්තුවෙන් සිටින දහස් ගණනක ජනතාව වෙත එහි හිමිකරු විසින් දිවා රෑ දෙකෙහිම බත් දන්සැලක් ලබාදුන් අපූරු පුවතක් ඉංගිරියෙන් වාර්තා වේ 25 June 2022
මහින්ද - ජෝ බයිඩන් හමුවක් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් මහතා අතර හමුවක් ඉකුත්දා ධවල මන්දිරයේ දී සිදු විණි. 25 June 2022
පිණ්ඩපාතයෙන් ලැබුණු දානය තෙල් පෝලිම්වලට භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් තලවතුගොඩ ප්‍රදේශයේ පිණ්ඩපාත චාරිකාවක නිරත වෙමින් දානය ලෙස තමන්ට ලැබුණු ආහාර පාන ඒ අසල තෙල් පෝලිම්වල දින ගණන් රැඳී සිටි පිරිස් වෙත බෙදා දුන් පුවතක් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙමින් පවතී. 24 June 2022
සෞඛ්‍යයට වෙන් කළ දිනයේ ෂෙඩ් හිස් රටපුරා රෝහල් හා සෞඛ්‍ය ආයතනවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාදීම සඳහා සිකුරාදා දිනයේදී ඉන්ධන පිරවුම්හල් 84ක් වෙන්කර තිබුණත්, ඒවායින් නිසි පරිදි ඔවුන් වෙත ඉන්ධන නොලැබීම හේතුවෙන් ගැටලුකාරී තත්වයක් මතුව තිබිණි. 24 June 2022
කෝටි ගණනක වාහන රේගුවට මාට්ටු නීති විරෝධීව එංගලන්තයේ සිට ගෙනඑන ලද රුපියල් කෝටි 8 කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගි මෝටර් රථ තුනක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී භාරයට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි. 23 June 2022
සහල් මිලට අරලිය - නිව් රත්න හැප්පෙයි සහල් ඉදිරි මාස තුනක කාලයක් දක්වා රජයේ පාලන මිලට අළෙවිකරන බවත් පාලන මිලට සහල් අළෙවි නොකරන වීමෝල් රජයට පවරාගත යුතු බවත් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සහල් ව්‍යාපාරිකයා වන ඩඩ්ලි සිරිසේන මහතා අද (22) පෙරවරුවේ පැවසීය. 22 June 2022
පෑලියගොඩ මාළු කඩ පාළුවට යයි ඉන්ධන අර්බුදය හා ආර්ථික කඩා වැටීම නිසා තම ව්‍යාපාරයද කඩා වැටි ඇතැයි පෑලියගොඩ මාලු වෙළඳ සංකිර්ණයේ ව්‍යාපාරිකයෝ පවසති. 22 June 2022
අගමැති යෝගා දිනය සමරයි ජාත්‍යන්තර යෝග දින සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදී අද (21) පැවැත්විණි. 21 June 2022
අලුත බඳින ජෝඩුවලට අලුත් විදියේ තෑගි මේ දිනවල පැවැත්වෙන විවාහ මංගල උත්සවවල දී මනාල යුවළගේ මිතුරු මිතුරියන් කාලයට ගැලපෙන අයුරින් ත්‍යාග ලෙස ඉන්ධන කෑන් ලබාදීමේ සංස්කෘතියක් ඇතිවෙමින් පවතින බව දක්නට ලැබේ. 20 June 2022
ලෝටස් පාර වැසූ අරගලයේ 21ක් අත්අඩංගුවට ගාලු මුවදොර අරගලයේ යෙදී සිටින පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය පිවිසෙන ලෝටස් මාවත දෙසින් ඇති පිවිසුම් දොරටු දෙක අවහිර කළ 21 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 20 June 2022
වැඩ නෑ පඩි නෑ: කොස්ගෙඩියක් කපනවා කන්න ඩීසල් ලබාගැනීමට දින 5 ක් පුරා ඉත්තපාන ඉන්ධන හලේ පෝලිමේ රැඳී සිටි පුද්ගලික බස්රථ රියදුරන් ඇතුළු පිරිසක් පෝලිමේ සිටින අතර තුර කොස් තම්බා ආහාරයට ගැනීමට සූදානම් වන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි. 19 June 2022
සීගිරි සංචාරක කලාප පාළුවට යයි රට තුළ පවතින ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව ගෑස් හිඟය සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය හිඟය නිසා මෙරට සංචාරකයන් අඩුවී සීගිරිය සංචාරක කලාපය දැඩි පාලු ගොස් ඇති අයුරු එහි කළ සංචාරයකදි දැකගත හැකි විය. 19 June 2022
නාරාහේන්පිට ආර්ථිකය පාලුවට යයි පාරිභෝගික ජනතාව නොමැතිවීමෙන් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය අද(17) දිනයේ පාලු සබාවයක් ගෙන තිබිණ. 17 June 2022
ඉන්ධන නැතත් සැතපුම් ගණන් දිගු පෝලිම් දිවයිනේ සෑම ඉන්ධන හලක් අසලම කිලෝමීටර් ගනනක් දුරට දැඩි පෝලිම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති. 17 June 2022
ඇමෙරිකානු තානාපතිනී වජිරාරාමයට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය ශ්‍රී වජිරාරාම විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ඊයේ (14) පැමිණියාය. 15 June 2022
කතරගම ඇසළ මංගල්‍යයට මුල පුරයි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙම වසරේ ඇසළ මංගල්‍ය සදහා කප් සිටුවීම අද දින උදැසන සුභ මොහොතින් සිදු විය. 15 June 2022
ලංකාදීප ආලෝක පූජවෙන් තන්තිරිමලේම ඒකාලෝක වෙයි සීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් වාර්ෂිකව සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව 19 වැනි වරටත් තන්තිරිමලේ රජමහා විහාරයේ දී පොසොන් පුර පසළොස්වක පොහෝ යෙදුණු අද (14 දා) සිදු කෙරිණි. 14 June 2022
ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ආලෝකමත් වෙයි සීමාසහිත විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත 19 වැනි වරටත් සංවිධානය කළ ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේ පොසොන් ආලෝක පූජාව අද (13) ආරම්භ කෙරිණි. 13 June 2022
තැන තැන ලාෆ් ගෑස් බෙදයි ලාෆ් ගෑස් සමාගම අද (13) දිනයේ දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට ගෑස් සිලින්ඩර බෙදා හැරි බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිළධාරියෙකු පැවසීය. 13 June 2022
කොල්ලුපිටියේ දැඩි වාහන තදබදයක් කොළඹ මල් පාරේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට කොල්ලුපිටිය හංදිය ද පසුකර වාහන පෝලිම පැවතීමෙන් අද (13) පස්වරුවේ කොල්ලුපිටිය දක්වා දැඩි වාහන තදබදයක් පැවතුණි. 13 June 2022
කුරුදුමලෙයි ධාතු නිදානෝත්සවයට බාධා මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කුරුන්දි විහාරයේ සර්වඥ ධාතු තැන්පත් කිරීමට එරෙහිව දෙමළ දෙමළ ජාතික සංවිධානයේ විරෝධතාවක් හේතුවෙන් තාවකාලිකව කල්දැමීමට සිදු වූ බව කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක ය ගල්ගම්වේ සන්තබෝධි හිමියන් පැවසීය. 13 June 2022
සැඟවූ ගෑස් සිලින්ඩර් 586 ක් අ‘පුර වී ගබඩාවකින් මතුවෙයි අනුරාධපුරය නගරයේ ලාෆ් ගෑස් බෙදා හරිනු අලෙවි ආයතනයකට අයත් ගබඩාවක සඟවා තිබූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 586 ක සිය බාරයට ගෙන තිබූ ගෙන පාරිභෝගිකයනට ලබා දුන් බව පාරිභෝගික අධිකාරිය පවසයි. 12 June 2022
ඕස්ට්‍රේලියා ගමන පොලිසියෙන් කෙළවර වෙයි නීතිවිරෝධී අයුරින් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටි 38 දෙනකු ගැඹුරු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 12 June 2022
පාස්පෝට් කන්තෝරුව ළඟ මහ සෙනගක් බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට විශාල පිරිසක් අද (10) දිනයේ ද පැමිණීමෙන් එම කාර්යාලය තුළ සහ පිටත දැඩි තදබදයක් දැකිය හැකිවිය. 10 June 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026