තැන තැන වෙසක් තොරණ සම්බුදු තෙමඟුල නිමිති කර දිවයිනේ නගර රැසක වෙසක් තොරණ රැසක් මෙවත් ප්‍රදර්ශනය කර තිබුණි. 16 May 2022
උතුම් සම්බුදු තෙමඟුල අදයි සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන උතුම් සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අද (15)ට යෙදී ඇත. 15 May 2022
දිවයිනපුරා පෝලිම් ඇත තෙල් නැත දිවයිනපුරා ඉන්ධනහල් ඉදිරිපිට දිගු පොලිම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති. 14 May 2022
ශ්‍රීපා වන්දනා සමය 17 වැනිදායින් අවසන් ශ්‍රි පාද වන්දනා වාරය මෙම 17 වැනි දායින් අවසන් බව ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරාධිපති, සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියෝ පැවැසූහ. 14 May 2022
වගාවට වතුර දෙන්නත් පොලිස් ආරක්ෂාව පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මෙවර යල කන්නය සදහා කවුඩුලුවැව ජලාශයෙන් ජලය නිකුත් කිරීමට කවුඩුලුවැව ප්‍රධාන ඉන්ජිනේරුවරයා කටයුතු කළේය. 14 May 2022
තෙල් දුම්රියක් පීලි පනී රඹුක්කන සිට පේරාදෙණිය දක්වා ධාවනය කළ ඉන්ධන රැගත් දුම්රිය රඹුක්කන කන්සල ප්‍රදෙශයේදි පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. 14 May 2022
යෝෂිතගේ හෝටල් සංකීර්ණයකට ගිනි තබලා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් බව කියන හෝටලයකට ඊයේ දින රාත්‍රි කිසියම් පිරිසක් ගිණි තබා ඇතැයි කොලොන්න පොලීසිය පවසයි. 11 May 2022
යුද හමුදාවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යුද හමුදාව විසින් කොළඹ නගරයේ සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. 11 May 2022
ඇවෙන්රා ගාඩ්න් හෝටලයේ සුපිරි වාහන ගින්නෙන් වැනසෙයි පොදුජන පෙරමුණේ ආධාරකරුවන්ට අයත් බව කියන මීගමුව මහහුණුපිටියේ සහ කුරණ පිහිටි සුපිරි හෝටල් දෙකකට සහ එහි නවතා තිබූ සුපිරි වාහන 25කට අධික සංඛ්‍යාවකට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි. 10 May 2022
ගිනි ගත් නුවරක නටඹුන් වත ගොත කොළඹ නගරය ආශ්‍රිතව ඊයේ (9) ඇති වූ කලහාකාරී තත්වය සමඟ ගිනිබත් කෙරුණු වාහන පාර අයිනේ තැන් තැන්වල නටබුන් සේ ගොඩ ගැසී තිබෙන අයුරු අද දැකගත හැකි විය. 10 May 2022
කලහකාරීන් පිරිසක් අරලියගහ මැදුර අසල කලබලයක් අරලියගහ මන්දිරය ඉදිරිපිට කලහකාරිව හැසිරෙන පිරිස් එහි ප්‍රධාන ගේට්ටුව කඩාගෙන ඇතුළු වී ඇතැයි අප වාර්තා කරුවෝ පවසති. 09 May 2022
නිර්පාක්ෂිකයන්ට පහරදුන්නාට බේරේ වැවේ ගිල්වයි කොල්ලුපිටිය අරලියගහමන්ධිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර නිර්පාක්ෂික අරගල භූමියට මැර ප්‍රහාරයක් එල්ල කළ පිරිස්වලට සිටි පිරිසක් කොල්ලුපිටිය බේරේවැවට උස්සා දැමීමට තරුණ අරගලකරුවෝ පිරිසක් කටයුතු කළහ. 09 May 2022
සජිත්ට ප්‍රහාරයක් විරෝධතා භූමියට ආ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතට ප්‍රහාරයක් එල්ල වෙයි. 09 May 2022
ගාලු මුවදොර අරගල භූමිය යුද පිටියක් වෙයි අරලියගහ මන්දිරය අසළ විරෝධතා භූමියේ අට්ටාල ඉවත් කරමින් කළහකාරී ලෙස හැසිරුණ දෙදහකට ආසන්න පිරිසක් මේ වන විට ගාලු මුවදොර නිර්පාක්ෂික විරෝධතා භූමියට ඇතුළු වෙමින් සිටිති. 09 May 2022
මහින්ද ගෙදර නොයනු:පිරිසක් අගමැති මැදුරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය තනතුරින් නොයන ලෙස ඉල්ලා විශාල පිරිසක් පා ගමනින් අරලියගහ මන්දිරයට පා ගමනින් පැමිණෙමින් සිටිති. 09 May 2022
නාවින්න උණුසුම් වෙයි ගෑස් ඉල්ලා නාවින්න හන්දියේ විරෝධාවක නිරත වන පිරිස හා ගම්මුන් අතර දැඩි උණුසුම් කාරී තත්ත්වයක් ඇතිව ඇතැයි පොලිසිය කියයි. 08 May 2022
ගාලු මුවදොර කසාවතින් බැබලෙයි 74 වසරක සාපය නිමාකරන්න ලෙසත් ජනතාවාදී පාලනයක් ගොඩනගන ලෙසත් ඉල්ලමින් ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් හා පා ගමනක් අද 07පස්වරුවේ කොළඹ හයිඩ්පිටියේ සිට ගාලු මුවදොරට පැමිණියහ. 07 May 2022
හිටපු අගමැති රනිල්ට පක්ෂව සහ විපක්ෂව උද්ඝෝෂණ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක් පැවැත්වේ. 07 May 2022
පාර්ලිමේන්තුව ඉදිරිපිට බස් වැටක් පොල් දූව පාර්ලිමේන්තු පිවිසුම අසල උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටි අරගලකරුවන් මාර්ග බාධක බිඳ පාර්ලිමේන්තුවට පැමිණීමේ අවදානමක් නිසා පාර්ලිමේන්තු සංකීර්ණයේ ජල පොකුණ ඉදිරිපිට මාර්ගය බස් රථ යොදා අවහිර කරමින් සිටී. 06 May 2022
අන්තරේට කඳුළු ගෑස් බත්තරමුල්ල දියත උසන අසල පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාකරුවනට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කරයි. 06 May 2022
රට පුරා විරෝධතා උත්සන්න වෙයි ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් අද (6) දිනයේදී රට පුරා හර්තාලයක් ක්‍රියාත්මක අතර එයට සහය පළ කරමින් රට පුරා විරෝධතා ද සංවිධානය කර තිබිණි. 06 May 2022
මැතිසබේ ඉදිරිපිට යට ඇඳුම් එල්ලයි ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් පාර්ලිමේන්තුව අසල විරෝධතාවක නිරත පිරිස් පාර්ලිමේන්තුවට පිවිසෙන ජපන් මිත්‍රත්ව පාලන අසල පිවිසුමෙහි යොදා ඇති පොලිස් මාර්ග බාධක මත යට ඇඳුම් ද ප්‍රදර්ශනය කර තිබිණි. 06 May 2022
හර්තාලයෙන් රටම අඩපණයි ආණ්ඩුවට එරෙහිව අද (06) දිනයේ අරඹා ඇති හර්තාල් ව්‍යාපාරයට සහය දෙමින් රට පුරා ජනතාව කටයුතු කරන අයුරු දකින්නට ලැබේ. 06 May 2022
අන්තරේ පාගමන කොළඹ දෙසට ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ලය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් ශ්‍රි ජයවර්ධනපුර සරසවියෙන් ආරම්ක කර ඇත. 05 May 2022
සරසවි සිසුන්ගේ පා ගමන උණුසුම් වෙයි වත්මන් පාලනයට විරෝධය දක්වමින් සරසවි සිසුන් පිරිසක් පාර්ලිමේන්තුව දෙසට ආ පාගමන පොල්දූව හන්දියෙන් නතර කළ මාර්ග බාධක කඩා බිඳගෙන් ඉදිරියට ගමන් කරන අතර ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. 04 May 2022
පාර්ලිමේන්තුව අවට දැඩි රැකවල් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග අසල දැඩි පොලිස් රැකවල් යොදා ආරක්ෂාව කොට තිබෙනු දැකගත හැකි විය. 04 May 2022
බැම්ම කැඩී සිසුහු හතරක් ළිඳේ:සිසුවෙක් මරුට හබරාදුව හරුමල්ගොඩ ඛෙත්තාරාම විහාරස්ථානය අසල ලිඳක දිය නෑමට ගිය පාසල් සිසුන් හතර දෙනෙකු ඊයේ (03) සවස ලිඳට වැටි ඇති බවත් තිදෙනෙක් බේරාගෙන ඇති අතර එක් අයෙකු මියගොස් ඇති බවත් හබරාදුව පොලිසිය පවසයි. 03 May 2022
ඉන්ධන ගන්න යළි දිගු පෝලිම් පෞද්ගලික ටැංකි රථ හිමියන් ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනය හේතුවෙන් රට පුරා දැඩි ඉන්ධන හිඟයක් නිර්මාණය වී තිබේ. 02 May 2022
අනතුරින් පසු ඩිෆෙන්ඩරයට ගිනි තබයි-වීඩියෝ කුලියාපිටිය කනදුල්ලේදී යතුරු පැදියක් හා ඩිපෙන්ඩර් රථයක් ගැටීමෙන් යතුරු පැදි කරු මියයාමත් සමග එම ස්ථානයට ආ පිරිසක ඩිෆෙන්ඩරයට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි. 01 May 2022
කම්කරුවා වෙනුවෙන් තැන තැන රැළි සහ පෙළපාලි ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම විවිධ වෘත්තීය සමිති, කම්කරු සංවිධාන විසින් ද මැයි දින පෙලපාලි සහ මැයි රැලි ගණනාවක් සංවිධානය කර තිබේ. 01 May 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026