(ඉන්දිකා රාමනායක)
ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ලය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් ශ්‍රි ජයවර්ධනපුර සරසවියෙන් ආරම්ක කර ඇත.
ආණ්ඩුව පන්නමු, ක්‍රමය පෙරළමු යන තේමාව ඔස්සේ මෙම විරෝධතාව සංවිධානර කර ඇත.
විරෝධතාව විජේරාම මංන්දිය සිට කොළඹ බලා ගමන් ගන්නා අතර, ඒ හේතුවෙන් හයිලෙවල් පාරේ දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබේ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අන්තරේ පාගමන කොළඹ දෙසට
ජුනයිඩ් Thursday, 05 May 2022 03:58 PM
සිස්ටම් චේන්ජ් කරන්න කළින් හරියට ඉගෙන ගෙන ඉමු නේද මල්ලිලා.. B.A. උපාධිය වත් සම්පූර්ණ කරගෙන ඉමු. කාගෙවත් පද වලට කස්තිරම් අල්ලලා හරියන්නෙ නෑ. අවුරුදු හතලිහකට පෙර නුඹලා වගේම ඇන්දුනා. 1983 මැතිවරණයක් ඉල්ලලා උද්ඝෝෂණ 13 ක් කරලා පොලිසියෙන් ඉල්ලගෙන කෑවා, නුවරදී, කටුගස්තොටදි. අවුරුදු 40කට පස්සේ නුඹලත් ඇන්දිලා ජෙප්පන්ට, පෙරෙට්ටන්ට කඩේ යනවා. තව කාලෙකින් නුඹලගෙ දුවා දරුවනුත් ඔය මුලාවෙන්ම පෙලපාලි යනවා සිකුරුයි. නුඹලා කැට හොල්ලලා හොයන සල්ලි වලින් පෝන් රීලෝඩ් දාගෙන, බුරියානි කාලා මහ එවුන් රඟාවි. නුඹලා නැති වේවි.
Charitha Thursday, 05 May 2022 06:51 PM
මේවගේ බරපතල ප්‍රශ්න වලට රටක් මුහුණදෙන වෙලාවක, මුලු රටම ජුනයිඩ් වගේ හිතුවොත් කොහොමද? ජුනයිඩ් දැක්කම, දැනීම මීට වඩා හොඳ විදියකට වෙනස් වෙනවා නම් රටට හොඳයි. තමාටත් තියෙන ප්‍රශ්න අනිත් අය විසඳලා දෙනකන් පැත්තකට වෙලා ඉන්නේ නැතුව තමන්ගේත් යුතුකම කරන්න ඕනේ. විශ්ව විද්‍යාල ළමයෙකු ඉගෙන ගන්නවා වගේම සමාජ යුතුකම් හා වගකීම් තියෙනවා.
කිරිපුතා Friday, 06 May 2022 10:48 AM
මේ හැමදාම පාරේ ඉන්න ළමයි. 1977 ඉඳන් පටන් අරන් කෝවිඩ් සහ වර්තමාන ආණ්ඩුවේ ඇතැම් ගොන් වැඩ නිසා ලිස්සලා ගහින් අපායේ දොරකඩට හේත්තු වෙලා ඉන්නේ අපි. මේ ළමයින් සහ රටම අකර්මණ්‍ය කරන හර්තාල්වලින් අපට පුළුවන්ද අපායට නොවැටී ඉන්න? මේ සියලු ව්‍යාපාරවලින් අපි තව තවත් අපායේ දොරටම හේත්තු වෙලා අපායටම වැටුණාම තේරෙයි සියල්ලන් පිටුපස කුමන්ත්‍රණයක් තිබුණු වග...!