(චාපා මධුභාෂිණී,නිමල් ජයරත්න සහ ක.ග.කරුණාරත්න)
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් 16 වන දින පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ රෝහල් සියල්ලේම ඉන්ධන ලැබෙන තෙක් හදිසි රෝගීන් සදහා පමණක් ප්‍රතිකාර කිරීමට සෞඛය අංශ කටයුතු කර ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.ඒස් කුමාරවංශ මහතා කියයි.
ඒ් අනුව පොලොන්නරුව මහ රොහල, මූලික රෝහල් 3ක් සහ ප්‍රාදේශීය රෝහල් 9ක් මේවන විට අත්‍යවශ්‍ය රාජකාරී පමණක් ක්‍රියාත්මක වන බව පොලොන්නරුව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියයි.
මේ අනුව පොලොන්නරුව දිස්ත්‍රීක් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් පාලනය වනු ලබන රෝහල් වන මැදිරිගිරිය, හිගුරක්ගොඩ, සිරිපුර අත්තනකඩවල, බකමූණ රෝහල් විශාල සංඛාවක සේවය කරනු ලබන රෝහල් කාර්යය මණ්ඩලයට ඉන්ධන ලබා ගැනීම සදහා මැදිරිගිරිය සමූපකාර ඉන්ධන පිරවුම්හල නම් කර ඇත.
ඒ් අනුව රෝහල් සේවකයන් විශාල පිරිසක් මැදිරිගිරිය ඉන්ධන පිරවුම්හල් පොල්ලිමේ රැදී සිටිනු දක්නට ඇත.
මැදිරිගිරිය අවට ප්‍රදේශවාසීන් ඊට පළකළ දැඩි විරෝධතාවය හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම තාවකාලිකව නවතා ඇතත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සහ සාමාන්‍ය ජනතාව තවමත් සිය වාහන සමග පොලිම්හි නවතා ඇත.
මැදිරිගිරිය, හිගුරක්ගොඩ, සිරිපුර අත්තනකඩවල, බකමූණ, වැලිකන්ද, මනම්පිටිය ආදී රෝහල් රැසක ප්‍රතිකාර කටයුතු මේ වන විට නතර වී ඇත.
මේ හේතුවෙන් වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයටද පැමිණීම අත්හිටුවා ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පොලොන්නරුවේ රෝහල් කටයුතු නවතී
fairoos Sunday, 17 July 2022 03:08 PM
අරගලයේදී විනාශවුණු පොහොට්ටුවේ මන්ත්‍රීන්ගේ ගෙවල් හදන්න කළින් මේවා ගැන බැලුවොත් හොඳයිනේ... අපේ වැඩබලන ජනාධිපතිතුමනි...!