IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නාවික හමුදාව සහන මෙහෙයුම් අරඹයි

(යොහාන් භාසුර)

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කීහිපයකට බලපා ඇති ගංවතුර තත්වයෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා සබරගමුව සහ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක නාවික හමුදා සහන කණ්ඩායම් හයක් කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත හදිසි ගංවතුර තත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැළසීමට බටහිර නාවික විධානය මගින් රත්නපුර ප්‍රදේශය වෙත සහන කණ්ඩායම් 04ක් ද, දකුණු නාවික විධානය මඟින් ගාල්ල තවලම ප්‍රදේශයට සහන කණ්ඩායම් 02ක් ද යොමු කළ බවත්  රත්නපුර, කලවාන පොතුපිටිය මාර්ගයේ දෙල්ගොඩ පාළම අවට ප්‍රදේශයේ ඇතිව ඇති සුළු ජල ගැලීම් තත්වය හමුවේ එම ප්‍රදේශය වෙත යොමු කර ඇති නාවික හමුදා සහන කණ්ඩායම  මඟින් මේ වන විට දරුවන් ඇතුළු විශාල පිරිසකට සහන සලසමින් සිටින බවත් නාවික හමුදාව කීය.

අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සදහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට බටහිර නාවික විධානයේ අමතර සහන කණ්ඩායම් 3 ක්, දකුණු නාවික විධානයේ අමතර සහන කණ්ඩායම් 8 ක් සහ වයඹ නාවික විධානයේ සහන කණ්ඩායම් 18 ක් සූදානමින් සිටින බව ද නාවික හමුදාව සඳහන් කරයි. 

 



අදහස් (0)

නාවික හමුදාව සහන මෙහෙයුම් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site