
(රංජන් කස්තුරි)
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකරී කමිටුව පවත්වන විරෝධතාවයකට කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ආසන්නයේදී පොලිසිය කඳුළුගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.
‘‘හොරු රකින ඩීල් දේශපාලනය එපා - ජනමතයට හිස නමනු‘‘ මැයෙන් වෛද්‍ය ශිෂ්‍යයන් පිරිසක් කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසල සිට පා ගමනකින් අද පස්වරුවේ කොළඹ කොටුව බලා ගමන්ගත්හ. ඔවුහු ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි බැංකු මාවතට ඇතුළුවීමට උත්සහ ගත් අතර පොලිසිය මාර්ග බාධක යොදා පිරිස අතරමඟ නැවැත්වීය.
වෛද්‍ය සිසුන් මාර්ග බාධක පෙරලමින් ඉදිරියට ගමන් කිරීමට උත්සහා ගත් අවස්ථාවේ පොලිසිය මුලින් ජල ප්‍රහාර එල්ල කළ අතර ඉන් පැය භාගයකට පමණ පසුව කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර පිරිස විසුරුවා හැරීමට පියවර ගත්තේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගටම පාර හරස් කරමින්, පෙලපාලි යමින් උද්ඝෝෂණය කරන සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර කපා හරින්න.. දිගටම වැරැදි කරන අයව විශ්ව විද්‍යාල වලින් නෙරපන්න.