IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඉමක් කොනක් නැති තෙල් පෝලිම් රට පුරා

(යොහාන් භාසුර)

රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟයත් සමඟ කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවල ප්‍රධාන මාර්ගවල එක තීරුවක් සම්පූර්ණයෙන්ම වැසෙන සේ වාහන ගාල්කරමින් ජනතාව ඉන්ධන පෝලිම්වල රැදී සිටීම නිසා අද (18) පස්වරුව වන විට මාර්ග තදබදයක් නිර්මාණය වී තිබුණි.

කොළඹ සහ අවට ඇතැම් ස්ථානවල කිලෝමීටර පහ, හය දිගු පෝලිම් දැකිය හැකි විය.

කොළඹ ඇතුළු රට පුරාම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති වුවද ඊයේ (17) පස්වරුවේ සිට ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම්ල ජනතාව රැදී සිටින අතර ඇතැම් ප්‍රදේශවල එම පෝලිම්වල සිටින ජනතාව ප්‍රකෝපකාරීව හැසිරෙන ආකාරය දැකගත හැකිවිය.

රට පුරා බොහෝ ස්ථානවල ඉන්ධන නොමැතිව මෝටර් රථ, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි අතරමග නතර වී ඇති අවස්ථා වාර්තා වී ඇතැයි පොලිසිය පැවසීය.

(ඡායාරූප: ශාන්ත රත්නායක


(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (4)

ඉමක් කොනක් නැති තෙල් පෝලිම් රට පුරා

SWISS Wednesday, 18 May 2022 04:08 PM

මුහුද වටකරලාම තෙල්නැව් ගාල් කරලා තිබ්බත් මේ දකින වාහන පෝලිම්වලට ගහන්න නම් තෙල් මදිවේවි..!

:       1       22

pjThursday, 19 May 2022 04:12 AM

රාජපක්ෂලා සජිත් සමග එකතුවී රනිල්ව පලවා හැරීමේ විපාක තමයි මේ. සත්‍යය ජය ගනී.

:       4       1

SWISS Thursday, 19 May 2022 01:21 AM

මේක දැකලා වෙන්න ඇති ඉන්ඳියාවේ වෙබ් අඩවියක ලියා තිබුනෙ.... ලංකාවේ තෙල් නැති නිසා මිනිස්සු ත්‍රීවීල් හෝ ගාලා පාරේ පෝලිමට නවත්තලා දාල ගිහිල්ලා කියලා... ඉතින් ඕනි වෙලාවක ලංකාවට බෝට්ටුවෙන්ම ගිහිල්ලා කේරලේට ත්‍රීවීල් දෙක තුනක් අරං එන්න පුලුවන් කියලා... ..!

:       0       3

bala Friday, 20 May 2022 04:58 PM

ඩොලර් වලින් ගෙවන්න පුළුවන් අය වරායට ගිහින් බව්සර් පිටින් ගන්නවාලු.. අරගල කරන අය සිස්ටම් චේන්ජ්, ඔළුගෙඩි චේන්ජ් කතා කරනවා. අනේ ලංකාව.. බෙරේ පලු යනවා විතරයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 224 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 419 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site