
(රේඛා තරංගනී ෆොන්සේකා)
යුරෝපා රටවල කෘෂිකාර්මික කටයුතු සහ ලැව් ගිනි නිවීමේ කටයුතු සඳහා යොදා ගැනෙන ඕස්ට්‍රේලියා එයාර් ට්‍රැක්ටර් (Air Tractor) AT-802 ගුවන් යානා තුනක් රත්මලාන පිහිටි කොළඹ ගුවන්තොටුපොළට අද අලුයම 3.25 ලඟා විය.
ගිම්හාන කාලයේ යුරෝපා වනාන්තරවල ලැව් ගිනි නිවීමේ කටයුතුවල නිරත වීම සඳහා ඔස්ට්‍රෙලියාවේ සිට තුර්කිය බලා යන ගමනේදී කොළඹ ගුවන්තොටුපොළට පැමිණි බව රත්මලාන ගුවන්තොටුපොළ කළමණාකාර අරුණ රාජපක්ෂ මහතා පැවසීය.
ඒ යටතේ (Air Tractor) AT-802 VH-JQW, සහ VH-FZV,VH-CKS මෙරටට පැමිණි ගුවන් යානා විය.
එම ගුවන්යානා සඳහා ඉන්දන සැපයිමද රත්මලානෙදී සිදු කෙරෙණ අතර එම ගුවන්යානා සදහා අවශ්‍ය තාක්ෂනික බිම් මෙහෙයුම් කටයුතු සිදුකරන ලද්දේද රත්මලාන ගුවන්තොටුපළ තුළ ස්ථාපිතව ඇති බිම් මෙහෙයුම් (Ground Handling) අංශය මගින් වීම විශේෂත්වයකි.
මෙම ගුවන් කටයුතු සඳහා ජාත්‍යන්තර ගුවන් යානා රත්මලානට පැමිණිම රට තුල ඇතිව තිබෙන ඩොලර් ගැටලුවට එය කදිම ආදායමක් බව ගුවන්තොටේ කළමනාකාරවරයා පැවසී.
ගුවන් යානා තුනෙන් මෙරටට ලැබෙන ආදායම ඩොලර් දොළස්දාහක් වන අතර එම ගුවන්යානා එක්දිනක් මෙරට රැදී සිටීමට නියමිත බව කළමණාකාර අරුණ රාජපක්ෂ මහතා පැවසීය.
දීර්ඝ ගුවන් ගමන්වල යෙදෙන එවැනි ගුවන් ට්‍රැක්ටර් විවේක් ගැනීම සඳහා රත්මලාන ගුවන් තොටුපළ තෝරාගැනීම සිදුකරන බව සඳහන් කළ ඒ මහතා ඉදිරියේ දී වෙළඳ යානා කිහිපයක් ම රත්මලානට පැමිණීමට නියමිත බව පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිඟමනට වැටිලා තියෙන තරම කියන්නේ ඩොලර් 12000ත් දැන් ලොකුවෙලා..
නියමයි...! ඒත් ඉතින් ඔය හොයන ඩොලර්වලින් පිස්සු නටන අය ඉන්න රටේ මොවුන්ගේ මහන්සිය හූරා කනවා නේද?
ගුවන් යානයක් ගුවන් තොටුපළකට පැමිණිමත් මහ ලොකු දෙයක් වෙලා... අනේ අපේ රටට ගිය කළක්... සෞභාග්‍යයේ ප්‍රතිඵල.
ඩොලර් 12000ක්... අම්මෝ රටම ගොඩ යයි...!
රටේ මගී ගුවන්යානාවලට තෙල් හිඟ මේ අවස්ථාවේ, කොහෙවත් යන ට්‍රැක්ටර් වලට තෙල් ගහන්න අවශ්‍යද? මේවා ඉන්දියාවට යවන්න තිබුණා.. විදේශ ශ්‍රමිකයන්ට විදේශගත වෙන්න. සංචාරකයන්ට රටට එන්න මගී ගුවන්යානාවලට තෙල් සපයන එක වැදගත් බව මෙයාලාට තේරෙන්නේ නැද්ද?
මම හිතුවේ අරයා ආපු ගමන් මේකෙත් වී ගබඩා කරයි කියලා...!
ඉන්ධන සහ සේවා සපයමින් ලබාගත් ඩොලර් දොළොස් දාහ ගැන කතා කරනවා. විදේශ ශ්‍රමිකයන් ලංකාවට එවන්නේ කිසිම වියදමක් නැතුව හිමිවන ඩොලර්. අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ කිසිම රජයකින් කිසිම සහනයක් එම සේවකයන්ට ලැබුනේ නෑ. දැන් ඔවුන් ලංකාවට මුදල් එවන්නේ නෑ ඔවුන් කරන්නේ එම රටවල ආයෝජනය කරනවා සමහර රට වල බැංකුවල ඒ මුදල් තියාගන්නවා උණ්ඩියල් වලින් සල්ලි එවනවා. සමහරු හිතන්නේ ඔවුන් ගියාද වලින් සල්ලි එව්වම ඒකෙන් වෙන්නේ ලංකාවට භාණ්ඩ ආනයනය කරන එක කියලා. නමුත් ඇත්තටම මේ ඩොලර් පාවිච්චි කරලා වෙන රටවල් වලට භාණ්ඩ ආනයනය වෙනවා ඩොලර් වෙනුවට ඩොලර් ගෙවන අයට ලංකාවේදී රුපියල් ලැබෙනවා. භාණ්ඩ ආනයනය වෙන්නේ තවත් විදේශ රටකට.
උඩින් ට්‍රැක්ටරයක් ආපු එකත් නිව්ස් එකක් වෙලා. ඩොලර් වලට කහින නෝන්ජල් ජාතියක් බිහිකල දේශපාලුවන්ට හත්මුතු පරම්පරාවකට විඳවන්න මේ කරපු විනාසය ඇති.
අර කට්ටියට මේවායේ නැගලා පැනලා යන්න බැරිද?
මේවගෙම ටිකක් ගිය සතියේ හම්බන්තොටට ආවා.
වසරකට ඩොලර් මිලියන අටදහක වෙළඳ ප්‍රාග්ධනයක් තියෙන රටේ අහම්බයෙන් ලැබුණු ඩොලර් 12000 ගැන විකාර කියවනවා. ඕක අපේ වාර්ෂික ආනයන, අපනයන පරතරය පියවාගන්න අලගු තියන්නවත් මදි. ඔය වගේ සුරංගනා කතා කියලා ජනතාව රවටන්න හදන්නේ නැතිව හිඟ ඩොලර් මිලියන 8000 පියවාගන්න සාර්ථක ක්‍රමයක් යෝජනා කළ යුතුයි...
ඩොලර් 12000 ලැබෙනකොට නිලධාරීන්ගේ වියදම ඩොලර් 24000.. ඒකත් බංකොළොත්...