IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

(ඩයනා උදයංගනී)

තිස් වසරක් පුරා රටත් ජනතාවත් පීඩාවට පත් කළ කුරිරු, බියකරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර වසර 13ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු ‘ජාතික රණවිරු සැමරුම් උත්සවය’ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අබියස දී චාම් හා අභිමානවත් අයුරින් අද (19) පෙරවරුවේ පැවැත්විණි.

ඒ එදා ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ත්‍රස්තවාදය අවසන් කිරීමට උර දුන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

දශක තුනක කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර වීරෝධාර රණවිරුවන් අත්කරගත් විජයග්‍රහණයේදී යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ වීරෝදාර රණවිරුවෝ 28,619 දෙනෙක් මව්බිමේ නිදහස පතා දිවි පිදූහ.
ආබාධිත වූ රණවිරුවන් සංඛ්‍යාව විසිහත් දහසකට අධිකය.

රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය උදෙසා සිය වටිනා ජීවිත පරිත්‍යාග කළ යුද්ධ හමුදා රණවිරුවන් 23,962ක්, නාවික හමුදා විරුවන් 1,160ක්, ගුවන් හමුදා විරුවන් 443ක්, පොලිසියේ 2598 ක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 456 ක් වන විරෝදාර රණවිරුවන් මෙම රණවිරු සැමරුම් උත්සවයේදී සිහිපත් කෙරිණි.

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරණය මත රණවිරු සේවා අධිකාරිය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් වැයෙන මලවුන් සිහිකිරීමේ සහ පිබිදීමේ වාදනය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

 



අදහස් (6)

ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

බද්රානි Thursday, 19 May 2022 10:04 PM

යුද්ධෙන් පසුව එකතුකළ "අපි වෙනුවෙන් අපි"අරමුදලට මොකද උනේ? එදා ඉඳලම කලේ යුද්දෙයි, රණවිරුවන්වයි ඉස්සරහට දාගෙන මේ රට කාපු එක තමයි. එදා කොටින් සතුව තිබුන, රත්තරන් තොග, කේපී සතුව තිබුන කොටින්ගේ වත්කම් වලට මොකද උනේ? ලජ්ජා නැතිව එනවා මෙතන තව යුධ ජයග්‍රහණ සමරන්න? අපි දිනපු රටක් නැහැ. නුඹලා අපේ රටේ ධනය කොල්ල කෑවා.

:       0       0

මැක්ස් Thursday, 19 May 2022 11:20 PM

අප වෙනුවෙන් ඇස්, ඉස්, මස්, ලේ සහ ජීවිත දන් දුන් ඒ විරැවන් සදා සිහි කරමු.

:       0       0

Kumara Friday, 20 May 2022 12:09 AM

ජනතාව සහභාගී උනාද මේකට?

:       0       0

Demuni Uduwara Friday, 20 May 2022 06:50 AM

කොහෙද පළමුවත් මවුබිම .......? ..........

:       0       0

jayath Friday, 20 May 2022 08:23 AM

මේ ජනපති උතුමාණන් , කමල් ගුණරත්නත් ශවේන්ද්‍ර සිල්වත් ඉන්න පින්තූරේ දිහා බලන්න මෙතැනදී පැහැදිලිවම ජනපති නන්දසේන තුමාට අසාදාරනයක් වෙලා තියනවා කියලයි මට හිතෙන්නේ මොකද අනිත් දෙන්නගෙන් එක්කෙනක් පූර්ණ නිල ඇඳුම කමල් ගේ කබයේත් පදක්කම් නමුත් රට බේරාගත් විරුවා නන්දසේන විරුවා නෙව එයාට මුකුත්ම නැහැ එක අන්තිම සවුත්තු වැඩක් ඇත්තටම මේකෙදි රට වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරපු එතුමාටත් මොනවා හරි පදක්කම් ටිකක් පහුවෙලා හරි දෙන්න ඕන මේක මගේ පුද්ගලික අදහස සමහරවිට ගෝට ගොගම ඉන්න කොල්ලොටික සහ අන්තරේ "නරුමයෝ " ටික විරුද්ද වෙන්න පුළුවන් එහෙම උනොත් ඉතින් කඳුළු ගැස් සහ වතුරඕනෑතරම් තියනවා නෙව !!!

:       0       0

Kanthi Friday, 20 May 2022 08:30 AM

දකින්නත් අප්‍රසන්නයි,අප්පිරියයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1806 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1473 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site