IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇඳිරිය මැද්දේ තැන තැන විරෝධයේ

(කීර්ති ප්‍රනාන්දු,ටෝනි කරුණානායක, ශාන්ත කුලරත්න,චන්ද්‍රසිරි ගුණසේකර,නවරත්න සමරතුංග)

වත්මන් රජයට විරෝධය දක්වමින් අද සවස දිවයිනේ නගර රැසකදී විරෝධතා පැවැත්විණි. වත්මන් ජනාධිපතිවරයා ද සහ රජය පත්කර ගැනීම සඳහා දැඩි විශ්වාසයෙන් හා කැපවීමෙන් කටයුතු කළ පිරිස් මෙසේ විරෝධතාවයට එක්ව සිටින බව එම විරෝධතාවයට එක් වී සිටි පිරිස් පැවැසීය.

විරෝධතා ව්‍යාපාරය පැවැත් වූ ස්ථානයෙන් කොළඹ කුරුණෑගල මාර්ගයේ සහ කටුනායක මහනුවර මාර්ගයේ රථ වාහන වලින් ගමන් කරමින් සිටි පිරිස් ද එම ස්ථානයේ දී සිය රථවාහන වල වේගය අඩු කර නලා නාද කරමින් එම විරෝධතා කරුවන්ට සහය දක්වන අයුරු ද දැකගන්නට හැකි විය.

මහරගම ඔරලෝසු කණුව ඉදිරිපිට පමිණි පිරිසක් විරෝධතා පුවරු, අතැතිව උද්ඝෝෂණ පාඨ කියමින් ඉන්ධන මිල වැඩි වීම ඖෂධ හිඟය, ගෑස් අර්බුදය,බඩුමිල වැඩිවීම , විදුලි කප්පාදුව ඇතුළු කරුණු ගණනාවකට එරෙහිව විරෝධතාවයේ නියැලුණහ.

අම්පාරේ ‍ගොවිජනපදවාසීහු විශාල පිරිසක් උහන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.

උහන කුමාරිගම, මල්වත්ත තිස්සපුර, සඳනදපුර, සියඹලාවැව, මායාදුන්න දඩයම්තලාව, ආදී ගොවිජනපද වල ජනතාව උද්ඝෝෂණයට එක්ව සිටියහ.

විදුලිය නැතිවී‍ෙමන් වී‍මෝල්, කඩසාප්පු, කුඩා කර්මාන්ත, ප්‍රවාහන‍ ‍සේවා සහ කෘෂි කර්ම කටයුතු වලට දැඩි බාදා එල්ලවුන බව කියනගොවි නි‍යෝජිතයෝ සහ ජනතාව නගරයේ පැවති පෙළපාළිය එක්ව කෑ‍ෙමාර ගැසූහ.ජාතික ජනබල‍ෙව්ගය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

ඇල්පිටිය නගරයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට සිට තරුණ පිරිසක් ආණ්ඩුවට විරෝධය පළකරමින් උද්ඝෝෂණයක නිරත වූහ.

සමාජ මාධ්‍ය ජාලා හරහා එකතුකරගත් මේ පිරිස පවතින තත්ත්වයට විරෝධය පළකිරීම සඳහා මෙම උද්ඝෝෂණය සංවිධානය කළ බවත් මෙම තරුණ පිරිස කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන අය බවත් මෙය සංවිධානය කළ තරුණයෙක් පැවසීය.

ඇතැම් පිරිස් ඇඳිරිනීතිය මධ්‍යයේද සාමකාමිව විරෝධතාවයේ නිතර වූ අතර පොලිසිය ප්‍රදේශයේ ආරක්ෂවට යොදවා තිබූ අතර කිසිදු බාධා කිරීමක් සිදු නොවූ බව ද අප වාර්තා කරුවෝ පවසති.

මිනුවන්ගොඩ නගරය ( කීර්ති ප්‍රනාන්දු)

අම්පරා නගරය  (නවරත්න සමරතුංග)

ඇල්පිටිය නගරය  (චන්ද්‍රසිරි ගුණසේකර)



අදහස් (1)

ඇඳිරිය මැද්දේ තැන තැන විරෝධයේ

කිරි පුකා Sunday, 03 April 2022 12:41 AM

ද්වේශ සහගත නොවී , පොදු දේපලවලට සහ ජීවිතවලට හානි නොකර , ආරක්ෂක හමුදා සමඟ නොගැටී කරන විරෝධයක් කළ යුතුයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site