
බිමල් ශ්‍යාමන් ජයසිංහ
දෙමටගොඩ බේස්ලයින් ගුවන් පාලම මතදී මෝටර් රථයක් මීට සුළු මොහොතකට පෙර දී හිටියේ ගිනි ගැනීමට ලක් වි ඇතැයි දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් එම් එස් ජයරත්න මහතා පවසයි.
බොරැල්ල සිට ඔරුගොඩවත්ත ප්‍රදේශයට ධාවනය වෙමින් තිබූ මෙම මෝටර් රථයේ දෙදෙනකු සිට ඇති බවත් ගින්නෙන් ඔවුන්ට කිසිදු තුවාලයක් සිදුවී නැති බවත් ස්ථානාධිපතිවරයා පවසයි
මෝටර් රථයේ එන්ජිම කොටසෙන් ගිනි ගැනීම ලක්වී ඇති අතර ඒ සමගම එම ප්‍රදේශය මං දුමාරයකින් වැසී යාමත් සමඟම ඒ හරහා ගමන් ගන්නා සියලුම වාහන මදකට නතර කිරීමට පියවර ගත් බවත් ස්ථානාධිපති වරයා කීය
කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ තුනක් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළ කළත් ඒ වනවිටත් මෝටර් රථය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශයට පත්වී ඇත.
මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයන් කඩුවෙල පදිංචිකරුවන් ය
ගිනි ගැනීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැත



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලෑන්ඩ් රෝවර් ෆ්‍රී ලෑන්ඩර් එකක්... මළජරාවල්... ලෙඩ ගොඩවල්...
සංයුතිය වෙනස් කරලාවත්ද?
මීට වසර 30 කට 40 කට විතර කලින් පාරේ තිබුණේ නිසාන් බී 11, ට්‍රැඩ් සනි. බී 310 ලාන්සර් බොක්ස් බී 210 මැස්ඩා පවුලේ වාහන, ෆර්ජෝ වොක්ස්වැගන්, ෆියට් වගේ වාහන මේවායින් වොක්ස්වැගන් එකෙත්, ෆියට් කාරෙකෙත් ඇරෙන්න මහා ලොකු ඉලෙක්ට්‍රිකල් ප්‍රශ්න තිබුනේ නැහැ. එහෙම තිබුණත් එහෙමකට මේ වගේ මහපාර මැද්දේ ගිනිගත්තෙත් නැහැ. මහපාරේ නතර වුණෙත් කලාතුරකින්... දැන් තමයි ඒකට වැඩේ. අලුත්ම අලුත් බ්රෑන්ඩඩ් වාහන මහපාර මැද්දේ ගිනිගන්නවා..! මම පිටත වටරවුම් මාර්ගය හැමදාම භාවිතා කරන කෙනෙක්.. ඔය පාරේ හැන්දෑවට එක අලුත් වාහනයක් හරි කැඩිච්චි නැති දවසක් නැතිතරම් (සමහර ඒවා නම් එලවන අයගේ මෝඩකම් ඔවුන්ට රේඩියේටරේට වතුර දාන්න මතක් වෙන්නේ බොයිල් කරලා මග හිටියාම !!!... (පෙට්‍රල් බවුසර්, කන්ටේනර්, පරණ ලොරි වගේ ඒවා නම් පාරේ තියන් ඉන්න එක හිතාගන්න පුළුවන්) නමුත් මේ අලුත් වාහන මෙහෙම ගිනිගන්නේ කොහොමද? ඉස්සර අර "කුස්සි ගෑස් සිලින්ඩර් අටවාගෙන දුවපු කාලේ වත් මෙහෙම ඒවා වුණේ නැහැ... මේක ටිකක් කල්පනා කළයුතු දෙයක්.. මේක පිටිපස්සේ මොකක් හරි රහසක් තියෙන්න බැරි කමකුත් නැහැ.
මේක බ්‍රිටිෂ් බ්‍රෑන්ඩ් එකක් වුණාට දැන් මේක කරන්නේ ඉන්දියන් ටාටා. ඉන්දියන් කාරයින්ගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද? ලෑන්ඩ් රෝවර්, ජගුවර් ඔක්කොම දැන් ටාටා..
කාර්මික දෝෂවලට වගකිව යුත්තේ නිෂ්පාදන සමාගම් මිසක් රටවල් නෙවෙයි..