(සුජිත් හේවාජුලිගේ )
රටපුරා ඉන්ධන සහ ගෑස් පෝලිම් පසුගිය දිනවල තරමක් අඩුවී තිබුණත් අද (28) දිනයේ වාහන පෝලිම් යළිත් වැඩිවී තිබෙනු දැකගත හැකිවූ අතර ඉන්ධන ලබා ගැනීමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක් මේ පෝලිම් හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්වූහ.
ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රධාන මාර්ගවලද අධික රථවාහන තදබදයක් ඇතිවිය.
බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල අද වැඩිපුරම දක්නට ලැබුණේ ඩීසල් සඳහාවූ පෝලිම්ය.
පැට්‍රල් සඳහාවූ පෝලිම්ද සමහර ස්ථානවල දැකගත හැකිවිය.
සමහර ඉන්ධන පිරවුම්හල් අසල ඩීසල් සඳහාවූ වාහන පෝලිම් මීටර් සියය දෙසීය දක්වා දිගුවී තිබූ අතර පොදු ප්‍රවාහන බස් රථ, කන්ටේනර් රථ සහ පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් රථද ඒවායේ සුලභව දක්නට ලැබුණු බව අප වාර්තාකරුවෝ පැවසූහ.
කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් රැසක් අද වසා තිබෙනුද දැකගත හැකිවිය.
ඉන්ධන ප්‍රශ්නය නිසා කොළඹ සහ ඒ අවට ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල යම් යම් නොසන්සුන්කාරි සිද්ධීන්ද ඇතිවූ බව වාර්තාවිය.
මේ අතර කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ ජාඇල කපුවත්ත හන්දිය ප්‍රදේශය හරස් කරමින් පිරිසක් අද විරෝධතාවක නිරත වූහ.
සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලකට රැගෙන ආ ඉන්ධන එහි සේවකයන් ලබා නොදෙන බවට චෝදනා කරමින් ඔවුහු මෙසේ විරෝධතාවයේ නියැළුණහ.
මේ හේතුවෙන් කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද අද පෙරවරුවේ ඇතිවිය.
බොහෝ ඉන්ධන පිරවුම් හල් වසා තිබීම, ප්‍රමාණවත් ඉන්ධන තොග ඉන්ධන පිරවුම්හල් වලට නොපැමිණීම සහ බැරල් වලට ඉන්ධන නිකුත් නොකිරීම යනාදී හේතූ ඉන්ධන පෝලිම් වැඩිවීමට බලපා තිබූ බව අප කළ සොයා බැලීම්වලදී තොරතුරු අනාවරණය විය.
රටපුරා බොහෝ ස්ථානවල ගෑස් පෝලිම් දක්නට ලැබුණු අතර ගෑස් ලබාගැනීමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක් මේ නිසා දැඩි දුෂ්කරතාවයට පත්වූහ.
ගෑස් පෝලිම් වැඩි වශයෙන් දක්නට ලැබුණේ කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවලය.
මේ සම්බන්ධයෙන් අප ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ වෙළෙඳපොළට ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග නිකුත් කර ඇති බවයි.
රටේ ඉන්ධන අර්බුදය එළඹෙන සිංහල අලුත් අවුරුදු සමයෙන් පසු පහව යනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
පිරිපහදුවට තෙල් ඇනවුම් කරගෙන යන බවත් පිරිපහදුවේ ඉන්ධන මෙට්‍රික් ටොන් දෙලක්ෂ පහළොස් දහසක් ගබඩා කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.
එවිට තාප බලාගාරවලට ඉන්ධන සැපයීමටද ගැටලුවක් ඇති නොවනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රට පුරාම පෝලිම් තව දිග්ගැස්සෙයි
බද්රානි Tuesday, 29 March 2022 08:18 PM
පහුගිය කාලේ උඩ පැනපු අයගේ හුළං බැහැලා වගෙයි දැන්... ඇයි ඔබලාට දරවලින් උයාගන්න බැරිද? ලාම්පු කුප්පියක් දල්වාගෙන රාත්‍රිය ගත කරන්න බැරිද? පිටරට කිරිපිටි වෙනුවට දියර ටින්කිරි ටිකක් බීලා දේශීය සංස්කෘතිය තුළ ලෙස ජීවත් වෙන්න බැරිද? ඉතින් එහෙම වුණාම ඩොලර් පිටරටට ගලා යන්නෙත් නැහැ. ලංකාවේ ඉඳගෙන සුද්දන්ට බනින්න ඕනත් නැහැ. එතකොට ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරලා සුද්දෝ. ලංකාව අල්ලගන්න එන එකකුත් නැහැ...