
(ළහිරු හර්ෂණ)
ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන විරෝධතාවයක් අද(14) මේ වන විට පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී පැවැත්වේ.
පාසල් වලට තාවකාලිකව අනුයුක්ත කර ඇති වයස 35 ඉක්මවූ අභ්‍යාසලාභී උපාධිධාරීන් ගුරු සේවයට බදවා ගැනීමේ තරඟ විභාගයට මුහුණදීමට අයදුම්පත් කැඳවීමේදී සීමා කර ඇති වයස් සීමාව 35 ඉහළ දමන ලෙස ඉල්ලමින් ඔවුහු විරෝධතාවයේ නිරත වෙති.
මේ හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මාර්ග තදබදයක් ඇතිව තිබේ. මාර්ගයේ එක් මංතීරුවක්ද වසා දමා ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සජිත් සහ ජෙප්පන්ගේ වැඩක්...
තමන්ගේ යම් අයිතිවාසිකමක් වේ නම් එය දිනාගැනීම සඳහා අරගල කිරීම ගැටළුවක් නැත. නමුත් ඔබලා උපාධිධාරීන් ලෙස මෙලෙස හෑල්ලු වෙන්නේ ඇයි?. විදෙස් රටවල ගුරු වෘත්තියට ඉහළ ඉල්ලුමක් ඇති අතර ඔබට අවශ්‍ය වන්නේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය ලබා ගැනීම පමණි. උපාධියක් තියාගෙන අවුරුදු 35ක් පහුවෙලත් තවම ස්ථිර රැකියාවක් නැත්නම් එය ඔබේ වරදක් මිසක් අන් අයගේ වරදක් නොවේ. විදෙස්ගත වීමට අවශ්‍ය නැත්නම් හොඳ ඉංග්‍රීසි සහ පරිගණක පුහුණුවක් ලබාගෙන පෞද්ගලික අංශයට යොමු වෙන්න. ඔබගේ දක්ෂතාවය සහ කැපවීම මත ඉහළ වැටුප් සහ උසස්වීම් රාජ්‍ය අංශයට සාපේක්ෂව ඉක්මණින් ලබාගත හැකිය. මම අත්විඳි සහ අත් විඳින දේවල් සමගයි මේ කියන්නේ... කොයිදේටත් දියව් දියව් කියකියා ඉන්නේ නැතුව ඔය ඉන්න තැනින් ඉහළට යන්න පුළුවන් ක්‍රමයක් ගැන හොයලා බලන්න...