
(තුසිත ද සිල්වා)
අලුත්ගම දර්ගා නගරයේ ගෑස් පෝලිමට එක්ව සිටි පිරිස් පෙරදින රාත්‍රියේ ගෑස් ටැංකි පෙළට තබා ඒ අසල අද උදෑසන වන තෙක් නිදා සිටි අයුරු දැකගත හැකි විය .
දිවයිනේ විවිධ දුරබැහැර ප්‍රදේශවලින් ගෑස් මිල දී ගැනීමට දර්ගා නගරයට පැමිණ සිටින පිරිස් අතුරින් පුද්ගලයන් කිහිපදෙනකු බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් දර්ගා නගරය ක්‍රීඩාංගනයේ නිදා සිටි අයුරු අප කැමරාවේ සටහන් විය .
ක්‍රීඩාංගනය පුරා ගෑස් ටැංකි හාරසියයකට වැඩි ප්‍රමාණයක් පෙළට තබා තබා තිබිණි.
එම ස්ථානයට දහවල් පැමිණෙන ගෑස් ලොරියයෙන් නිකුත් කරන්නේ ගෑස් ටැංකි තුන් සියයක් වුවත් නිකුත් කරන ප්‍රමාණයට වඩා තවත් ගෑස් ටැංකි සියයකට වැඩි ප්‍රමාණයක් පෝලිමට තබා ඇති අයුරු දැකගත හැකි විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පෝලිම් වල කුසගින්නේ දහදුක් විඳින්නේ, සිහිසුන්ව ඇද වැටෙන්නේ, මැරිලා වැටෙන්නේ කර කියා ගන්නට දෙයක් නැති අහිංසක දුප්පත් ජනතාව විතරයි. මේ එක තැනකවත් මැති ඇමැති කෙනෙක් තියා පලා බබෙක්වත්, සැප වාහන එලවන යමක් කමක් ඇති කිසි කෙනෙක් වත් ඉන්නවා අපි දැක නැහැ. මේ සේරම අස්සේ ඔටුන්න හිමි කුමාරයෙක් ඩුබායි පැත්තේ සුර සැප ගන්නා ආකාරය පෙන්වන වීඩියෝවක් දැන් අන්තර් ජාලයේ සංසරණය වෙනවා දැක්කා. එහෙයියෝ දෙතුන් දෙනෙක් එකතු කරගෙන සමුළු තියලා නම් මේ වලෙන් ගොඩ එන්න බැරිවෙයි ගොයියෝ...
"ගෑස් ටැංකි වපුරා ඇති ක්‍රීඩා පිට්ටනියේ ... දිවා රැයේ මේ විලසින් කල් ඇරියේ ... ගත දවනා උණුසුමෙන් හෙම්බත් වූ සැටියේ ... මේ වගේ කලක් එනකං ඇයිදෝ සිටියේ ... "
බිස්නස් ගේම් කාරයින් තමයි මේ වැඩේ කරන්නේ කියලා දාලා තිබුණා. දර්ගා ටවුන් එකේම තමයි.
තාමත් පොහොට්ටුව තමයි හොඳම කියන අය, ඔය පෝලිමේ ඕනෑතරම් හොයාගන්න පුළුවන්. මේවට කණගාටු වෙලා වැඩක් නෑ. පව් ගෙවන්නම ඕනේ...