
සමාජවාදී තරුණ සංගමය මගින් ඇරැඹු උද්ඝෝෂණයේ විරෝධතාකරුවෝ මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාල භූමියට ඇතුළු වී විරෝධතාවේ නියැලී සිටිති.
තෙල් පෝලිම් එපා…! ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමෙරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු යනුවෙන් ඔවුහු සටන්පාඨ කියමින් පුවරුද ඔසවාගෙන සිටිති.
මරදාන ටෙක්නිකල් හන්දියෙන් අද (18) දහවල් මෙම පාගමන ඇරැඹිණි.
මේ හේතුවෙන් ටෙක්නිකල් හන්දිය අවට හා ජනාධිපති ලේකම් කාර්යාලය අවට මාර්ග රැසක රථ වාහන තද බදයක් ඇති විය.
(ඡායාරූප: හිමත් මතීෂ සහ ගයාන් අමරසේකර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බේතකට වත් හොයා ගන්න බැරි සමාජවාදයක් කරේ තියාගෙන මේ හාදයින් මිනිස් බිල්ලක් ගන්න උත්සාහ කරන තරම්!
ජවිපෙ තරුණ බලවේගයේ සටන්කාමීත්වය හා විනය. ඔබ තමයි මේ රටේ අනාගතය.
ඔබ තමයි මේ රටේ අනාගතය. ජය වේවා...!
අරක්කු නෑ. බයිලා නෑ. නැටුම් නෑ. සජබෙට කවමදාකවත් මේ වගේ විනයකින් වැඩක් කරන්න බැහැ.
මත්පැන් බෝතලේට, කෑම පාර්සලයට යට නොවුන ජවිපේ තරුණ බලය...
මේවාට තමයි කියන්නේ ප්‍රශ්න වවාගෙන කනවා කියලා. සජබෙයි, ජනබෙයි තරඟයට ඡන්ද එකතු කරනවා...
විකාර...
මේ රට හදන්න නම් මේ සමාජවාදී මේනියාව රටෙන් තුරන් කළ යුතුයි. ලංකාව මේ තරමින් හරි රැකිලා තියෙන්නේ පෞද්ගලික අංශය නිසා. තවතවත් රාජ්‍ය ව්‍යවසාය පුම්බන්න හදන අය මේ රටෙන් තුරන් කරන්න ඕන. රටට ඩොලර් ගේන පෞද්ගලික විශ්ව විද්‍යාල අනිවාර්යෙන් ආරම්භ කළ යුතුයි. අපිට මොවුන්ගෙන් අහන්න තියෙන්නේ මොකක්ද ආණ්ඩු පෙරළලා රට හදන්න තියෙන සැලසුම? පෞද්ගලික අංශය සම්බන්ධව මොකක්ද ප්‍රතිපත්තිය? ඇමරිකාව යුරෝපය අතහරිනවාද? මොකක්ද විදේශ ප්‍රතිපත්තිය...?
සජබය, ජවිපය විතරක් නෙවෙයි... සියලුම ජනතාව පාරට බැස මේ දූෂිත ආණ්ඩුව ගෙදර යවන්න පියවර ගන්න.
ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය අපහසුතාවයට පත් කරන්න මේවා කරන්නේ. මේ අය ගහල පන්නන්න ඕනෑ...
රෝහණ විජේවීර සහෝදරයා මේ උද්ඝෝෂණ උවදුර හඳුන්වාදී මියගියා. ඒත්, ඔහුගේ පුතු අද කියනවා තාත්තා ගිය පාර වැරදියි... තමා ඒ පාරේ නොයන බව. දැන් මහා උද්ඝෝෂණ කරන ජේවීපී එක රෝහණ විජේවීර සහෝදරයාගේ බිරිඳ දුකේ වැටිලා ඉන්නවා පැත්ත බලන්නේ නැහැ. එහෙව් ජේවීපී ඝෝෂාකරුවන් රටක් කෙසේ පාලනය කරයිද? මේ වගේම තමයි 88/89 කාලයේ ගස්කපා ලයිට් කණු උඩට දැමීම ඇතුළු රට විනාශ කළ බොහෝ දේ කළේ. ඒවා නිසා මියගිය තරුණ තරුණියන් කොපමණද? රට වැටී ඇති තත්වයට විකල්පයක් අවශ්‍යයි. ඒත්, රටට අවශ්‍ය වනුයේ ජේවීපී ආණ්ඩු නොවේ. මේ ඝෝෂා කරමින් කරන වැටලීම් මෙන් රටක් පාලනය කළ හැකි නොවේ... සද්දේ දැම්මාට වැඩ බැහැ.
එදා සිටම මොවුන්ට ඕන රට හදන්න නොවේ... රට විනාශ කරන්න.. රට අල්ලන්න. මේ වෙලාවේ ඔය ඔහොම දැඟලුවාට ඒක කවදාවත් වෙන දෙයක්ද? දශක 6ක් තිස්සේ කළේම දියුණුවක් දකින්න අකැමැති නිසා කැරළි ගැසීම.. ඒ බැරිවුණු අයට තවත් මොනවද..? එච්චරයි කරන්න පුළුවන්..