
(මුදිතා දයානන්ද)
"74 වසර ශාපය නිමා කරමු ජන පීඩක ආණ්ඩුව ගෙදර යවමු " ජාතික ජන බලවේගය සංවිධානය කළ ජන බල විරෝධතාවය මේ වන විට නුගේගොඩ නගරයේ දී පැවැත්වෙයි.
දෙල්කද මංසන්ධියේ සිට හයිලෙවල් මාර්ගයේ සිට නුගේගොඩ මංසන්ධිය, ස්ටැන්ලි තිලකරත්න මාවත ඔස්සේ විරෝධතා පෙළපාළියෙන් ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයධ දක්වා පැමිණ මෙම රැළිය පැවැත්වේ.
ඉන්ධන මිල අහස උසට, තෙල් පෝලිම ඇදෙයි දිගට, ලයිට් නැතෙ තෙලුත් නැතේ, ගෑස් නැතේ පිටියක් නැතේ, මීට වඩා ඉවසනු බැහැ,රට හදන්න වරෙව් පුතේ යනාදී සටන් පාඨ කියමින් මෙම විරෝධතා පෙළපාලිය ගමන් කරනු ලැබිණ.
විරෝධතා පෙළපාලිය නිසා හයිලෙවල් මාර්ගයේ පැය දෙකකට ආසන්න කාලයක් දැඩි රථවාහන තදබදයක් පැවතිණ.
ජන රැළියට පැමිණි ජනතාවගෙන් නුගේගොඩ හයිලෙවල් මාර්ගයේ සිට කෝට්ටේ පාර නාවල පාර දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම වැසි ගිය අතර රථ වාහන සදහා විකල්ප මාර්ග භාවිතා කරන්නට සිදුවිය.
මෙම පෙළපාලියට හා රැළියට ජාතික ජනබලවේගයේ නායක අනූර දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්ව ඇතුලු නායක නායිකාවෝ විශාල පිරිසක් එක්ව සිටිති.
(ඡායාරූප ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව මහ ජෙප්පන්ගෙන් අහන්නේ නැද්ද? ජෙප්පන්ට පුළුවන්ද රැකියා සපයන්න... ජෙප්පන්ට පුළුවන්ද රටට ඩොලර් සපයන්න..? ජෙප්පන්ට පුළුවන්ද රටට ව්‍යාපාරිකයෝ, ආයෝජකයෝ ගෙන එන්න? ජෙප්පෝ බලයට ආවා කියලා අපිට තෙල් ලැබෙනවාද? අපිට පිටි ලැබෙනවද? බැහැ... එහෙනම් මේ අය මොකටද පෙළපාලි යන්නේ? මේ අයගේ මේ උද්ඝෝෂණ දකින ව්‍යාපාරිකයින්, ආයෝජකයින් මෙරටට ඒවිද? අපේ මිනිස්සු ව්‍යාපාර පටන් ගනීවිද? ඒවාටයි උත්තර ඕනේ. රට වටේ කෑගැහුවා කියලා අපි මොවුන්ට ඡන්දේ දෙන්නේ නැහැ. මේවා මෝඩ වැඩ...!
කාලකන්නි ටිකට වෙන වැඩක් නෑනේ.
කෝ විදුලිය විසන්ධි වුනේ නෑනේ...?
ඊළඟ පාර අපිත් ජන බලේට. වෙන මොකටවත් නෙවෙයි, විශ්ව විද්‍යාල කාරයින් නිදහස් අධ්‍යාපනය සුරකින හැටි බලන්න,.. විදේශ ආයෝජන එපා කියන අය ඒ විදිහටම කරන හැටි බලන්න, වැඩ වර්ජනකාරයින් නැතුව රට යන හැටි බලන්න, ඩොලර් ගේන හැටි බලන්න, වැටුප් වැඩි කරන හැටි බලන්න, කොයිදේටත් විරුද්ධ වෙන අයියලා වැඩ කරන හැටි බලන්න, වනාන්තර සුරකින හැටි බලන්න, හොරු අල්ලන හැටි බලන්න, සමාජවාදෙන් රට සුරපුරයක් කරන හැටි බලන්න. ජයවේවා...!
මේ අයට මුලු ලංකාවේම ඉන්නේ දෙලක්ෂ පනස් දහසක් විතර තමයි. ඒකෙනුත් දැන් හැලිලා... මේ ජෙප්පන්ට කිසිම දැක්මක් නැහැ. බොරු පුරාජේරු විතරයි.
වහල්ලුන්ට නම් අවුල් වගේ. පිටරටක ඉඳන් කයිවාරු නොගහා අපේ රටේ මොකද වෙන්නේ කියලා ඇවිත් බලන්න. මොලේ උඩ ඉන්න අයට මොනවා කියන්න බැරිද?
කාටද ලංකාවේ දැක්මක් තිබුණේ? කොළ, නිල්... ඕකද දැක්ම...?
ජෙප්පෝ දැක්කාම වහල්ලු කලබල වෙලා... මොකද ඒ ගොල්ලන් දන්නවා ජෙප්පන් ආවොත් ඒ ගොල්ලන්ගේ හොර හාම්පුතාලාට නරක කාලයක් උදාවෙනවා කියලා..
බොරුවට දඟලන්නේ නැතිව ජනාධිපතිතුමාත් එක්ක ගැටලු සහ ඒවාට විසඳුම් දෙන ආකාරය කතාකළා නම් හොඳයි. පාරවල් හිර කරගෙන රටේ ආර්ථිකයට තවත් පහර ගහනවට වඩා. මෙයාලා කරන්නේ බොරදියේ මාලු බාන එක... මෙයාලාට රටේ ප්‍රශ්න ගැනවත් ඒවාට දිය හැකි විසඳුම් ගැනවත් අවබෝධයක් නැහැ. මෙහෙ නම් සර්ව පාක්ෂික සමුළුවට ගිහින් කියනවානේ.
සුපිරියි.. ජයවේවා..!